The Return චිත්‍රපටය අන්තර්ජාලයට මුදාහැරේ

Share post:

ඉතාලි ජාතික තිර රචකයකු හා ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයකු වන උබර්තෝ පැසොලිනි ( Uberto Pasolini ) විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපට වනුයේ THE RETURN – 2024. නාටකීය / ඉතිහාස ගණයට අයත්වන මෙය විනාඩි 116 ක ධාවන කාලයකින් යුත්තය. 2024 දෙසැම්බර් 04 වැනිදින සිට මෙම චිත්‍රපටය ලෝක ප්‍රදර්ශනය ආරම්භ කරන ලදි. දින විසිපහක් තුළ ලෝක ප්‍රදර්ශනය මගින් මෙම චිත්‍රපටය උපයාගෙන ඇති බොක්ස් ඔෆීස් වාර්තාව ඩොලර් මිලියන 899 . 575 කි. අන්තර්ජාලයේ මෙහි ලෝක ප්‍රේක්ෂක
රුචිකත්වය 100/: කි.

හෝමර්ගේ ( Homer’s ) Odyssey වීර කාව්‍ය පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙහි සම්මානනීය රැල්ෆ් ෆීනික්ස් ( Ralph Fiennes) , සම්මානනීය බිනෝෂ් ( Juliette Binoche ) හා චාර්ලි ප්ලමර් ( Charlie Plummer ) ප්‍රධාන චරිත නිරූපණය කරයි. ( වර්තමාන ලෝක සිනමාවේ මා වඩාත්ම ප්‍රියකරන විශිෂ්ට සිනමා නිළියන්ගෙන් කෙනෙකි, ජූලියා බිනෝෂ්. )

මෙහි අධ්‍යක්ෂකවරයා වන උබර්තෝ පැසොලිනි සිංහල සිනමාවට හෝ සිංහල සිනමා ප්‍රේක්ෂකාගාරයට එතරම්ම ආගන්තුකයකු නොවේ යැයි සිතේ. මන්දයත් ඒ ඔහු සිංහල සිනමාව වෙනුවෙන් “මවං” – 2008 දී චිත්‍රපටය නිර්මාණය කරන ලද බැවිනි.

2024 වර්ෂයේ මවිසින් නරඹන ලද විශිෂ්ටතම චිත්‍රපටය THE RETURN බව මෙහිලා සදහන් කරන්නේ මහත් වූ සතුටකිනි. එසේම මෙම චිත්‍රපටය මගේ මතකයේ බොහෝ කාලයක් පුරාවටම රැඳෙනු ඇතැයි කියා මම සිතමි. ඒ මෙම චිත්‍රපටයෙන් මා ලද උපරිම සිනමා රසවින්දනය ,චමත්කාරය හා එහි අතිවිශිෂ්ට ප්‍රධාන චරිත දෙකෙහි රංගනයන් නිසාය . එහෙයින් නුදුරේදීම මෙම චිත්‍රපටය පිළිබඳව මවිසින් විචාරයක් කරනු ඇත.

එසේම මෙරට සිනමා ක්ෂේත්‍රයේ නිරතව සිටින ඕනෑම තරාතිරමක අයකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු හා අධ්‍යනය කළ යුතු චිත්‍රපටයක් බවද සදහන් කරනු කැමැත්තෙමි. එසේම මෙරට ඕනෑම තරාතිරමක නළුවකු හා නිළියකු විසින් අධ්‍යනය කළ යුතු සේම ගැඹුරු සිනමා රංගනයක් යනු කුමක්ද යන්න පිළිබඳව මෑතකදී දියහැකි විශිෂ්ටතම උදාහරණය ද මෙම චිත්‍රපටය වන්නේ ය .

මා චිත්‍රපටය නරඹා අවසන් වත්ම වික්ෂිප්තභාවයට පත්වූයේ සිනමා රංගන යනු කොතරම් ගැඹුරු කාර්යයක් ද ඊට යමෙකු අනුගතවීම නම් කොතරම් සතසාභ්‍යාසයේ යෙදිය යුතුද යන්නයි.

චිත්‍රපට නම් චිත්‍රපට ය
රඟපෑම් නම් රඟපෑම් ය !!
THE RETURN නොනැරඹූ
සිනමා දෙනෙත් කුමකට ද ?

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

“ජීවත්වීම සඳහා සංක්‍රමණිකයෙකුගේ ජීවිත සැලැස්ම” – “The Brutalist”

2024 වසරේ තිරගත වූ "The Brutalist" චිත‍්‍රපටය හුදෙක් සාමාන්‍ය චිත‍්‍රපටයක් ලෙස ස්ථානගත කළ නොහැකි අග්‍රකෘතියක් ලෙස ස්ථානගත කළ...

‘නොබැඳි පිළිවෙත, මධ්‍යස්ථභාවය, සදාචාරය සහ ජාතික අවශ්‍යතා’

(මේ ලිපිය 2026 මාර්තු 25 වනදා ‘The Island’ පුවත්පතේ පලවූ ‘Nonalignment, Neutrality, Morality and the National Interest’ ලිපියේ...

ලෝක පුජිතයාගේ නොදන්නා කතාව

කුමාර් සංගක්කාර සහභාගී වූ 'High Performance' පොඩ්කාස්ට් වැඩසටහන බැලුවා.ඩේමියන් හියුස් සහ ජේක් හම්ෆ්‍රී මෙහෙයවන 'හයි පර්ෆෝර්මන්ස්' වැඩසටහන තුළ...

‘මළා කියා හිත තදකර සිටින්නද’ – උපෙකලා අතුකෝරළ

උපෙකලා සිය නවතම කාව්‍ය එකතුව පාඨකයාට තිළිණ කර තිබේ. ඒ ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. එසේම එහි කවි හතලිස්...