කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොරටුව දිසා විනිසුරු කරයි – තිළිණත් ස්ථාන මාරුවක් ඉල්ලලා !

Share post:

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වහාම එම ධුරයෙන් ඉවත්කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කරයි.

කොමිෂන් සභාව අද (31) මේ තීරණය ගත් අතර, ඔහු මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කිරීමට ද කොමිසම කටයුතු කර ඇත. තිළිණ ගමගේගෙන් හිස්වූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ධුරයට වර්තමානයේ කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි පත්කර තිබේ.

එම පත්කිරීමෙන් හිස්වූ කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් ධුරයට පත්කර ඇත්තේ ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරියයි.
ආන්දෝලනාත්මක විනිසුරුවරයකු ලෙස ප්‍රකට තිළිණ ගමගේ වරක් වැඩ තහනමකට ද ලක්විය. පසුගිය 28 වැනිදා සිට ඔහු සම්බන්ධයෙන් යළිත් කතාබහ වූයේ ඔහුගේ සහෝදරයා වන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ විසින් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිදුවීමක් නිසා ය. තමන්ගේ සහෝදරයාගේ මේ නඩුව වෙනත් මහෙස්ත්‍රාත්වරයකු වෙත යොමුකරන ලෙස තිළිණ ගමගේ විනිසුරුවරයා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබිණි.

මේ අතර තිළිණ ගමගේ ද තමන්ට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...