කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොරටුව දිසා විනිසුරු කරයි – තිළිණත් ස්ථාන මාරුවක් ඉල්ලලා !

Share post:

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වහාම එම ධුරයෙන් ඉවත්කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කරයි.

කොමිෂන් සභාව අද (31) මේ තීරණය ගත් අතර, ඔහු මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කිරීමට ද කොමිසම කටයුතු කර ඇත. තිළිණ ගමගේගෙන් හිස්වූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ධුරයට වර්තමානයේ කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි පත්කර තිබේ.

එම පත්කිරීමෙන් හිස්වූ කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් ධුරයට පත්කර ඇත්තේ ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරියයි.
ආන්දෝලනාත්මක විනිසුරුවරයකු ලෙස ප්‍රකට තිළිණ ගමගේ වරක් වැඩ තහනමකට ද ලක්විය. පසුගිය 28 වැනිදා සිට ඔහු සම්බන්ධයෙන් යළිත් කතාබහ වූයේ ඔහුගේ සහෝදරයා වන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ විසින් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිදුවීමක් නිසා ය. තමන්ගේ සහෝදරයාගේ මේ නඩුව වෙනත් මහෙස්ත්‍රාත්වරයකු වෙත යොමුකරන ලෙස තිළිණ ගමගේ විනිසුරුවරයා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබිණි.

මේ අතර තිළිණ ගමගේ ද තමන්ට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...