අපිට වුණේ මොකක්ද? – සභාපතිගෙන් නායකයාට සහ මහ ලේකම්ට දීර්ඝ ලිපියක් !

Share post:

සමගි ජන බලවේගයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් විසින් එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහ එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට ලිපියක් යවමින් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

බිම් මට්ටමේ සාමාජිකයන් සමග ඇති සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා පුළුල් ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව මෙසේ පක්ෂයේ සභාපතිවරයා විසින් පෙන්වා දී තිබේ.

නායකත්වය නිර්මාණය කිරීමේ ප්‍රයත්නයේදී කරණම් ගසන්නන් මගහරිමින් නායකත්වය සහ සාමාජිකත්වය අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනගාගැනීමේ අවශ්‍යතාව ද ඔහු එමගින් පෙනාව දී ඇත. අනාගත අභියෝග සඳහා සූදානම් වීමට පක්ෂය එහි ව්‍යුහය සහ මතවාදය පෙළගැස්වීමට තීරණාත්මක පියවර ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් එම ලිපිය මගින් පෙන්වා දෙයි.

මේ ලිපියේ පක්ෂය ප්‍රතිසංවිධානයට අදාළ සවිස්තරාත්මක නිර්දේශ 12ක් ඇතුළත් කර තිබේ.

සමගි ජන බලවේගයේ සභාපතිවරයා වැඩිදුරටත් මේ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ පක්ෂයේ මතවාදය සාර්ථකව සමාජගත කිරීමට හැකි වන පරිදි එක් කණ්ඩායමක් ලෙස අදහස් හුවමාරු කරගැනීම සඳහා පක්ෂයේ සාමාජිකයන් ඉහළ සිට පහළට සංවිධානය කළ යුතු බවයි. පක්ෂය තුළ එකමුතුකමේ වැදගත්කම තහවුරු කරමින් සාමූහිකව තීරණ ගන්නා ලෙස ද ඔහු මෙමගින් ඉල්ලා ඇත. පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමට හැකි සෑම අවස්ථාවකදීම වගකීම් පැවරීමට කටයුතු කරන ලෙසත් ඔහු යෝජනා කර තිබේ.

සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ඉමිතියාස් බාකීර් මාකර් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සජබ ජාතික ලැයිස්තුවේ සිටි අතර, එම බලවේගයට ලැබුණු මන්ත්‍රී ධුර පහෙන් එකක් ඔහුට ලබාදුන්නේ නැත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...