අපිට වුණේ මොකක්ද? – සභාපතිගෙන් නායකයාට සහ මහ ලේකම්ට දීර්ඝ ලිපියක් !

Share post:

සමගි ජන බලවේගයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් විසින් එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහ එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට ලිපියක් යවමින් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

බිම් මට්ටමේ සාමාජිකයන් සමග ඇති සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා පුළුල් ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව මෙසේ පක්ෂයේ සභාපතිවරයා විසින් පෙන්වා දී තිබේ.

නායකත්වය නිර්මාණය කිරීමේ ප්‍රයත්නයේදී කරණම් ගසන්නන් මගහරිමින් නායකත්වය සහ සාමාජිකත්වය අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනගාගැනීමේ අවශ්‍යතාව ද ඔහු එමගින් පෙනාව දී ඇත. අනාගත අභියෝග සඳහා සූදානම් වීමට පක්ෂය එහි ව්‍යුහය සහ මතවාදය පෙළගැස්වීමට තීරණාත්මක පියවර ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් එම ලිපිය මගින් පෙන්වා දෙයි.

මේ ලිපියේ පක්ෂය ප්‍රතිසංවිධානයට අදාළ සවිස්තරාත්මක නිර්දේශ 12ක් ඇතුළත් කර තිබේ.

සමගි ජන බලවේගයේ සභාපතිවරයා වැඩිදුරටත් මේ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ පක්ෂයේ මතවාදය සාර්ථකව සමාජගත කිරීමට හැකි වන පරිදි එක් කණ්ඩායමක් ලෙස අදහස් හුවමාරු කරගැනීම සඳහා පක්ෂයේ සාමාජිකයන් ඉහළ සිට පහළට සංවිධානය කළ යුතු බවයි. පක්ෂය තුළ එකමුතුකමේ වැදගත්කම තහවුරු කරමින් සාමූහිකව තීරණ ගන්නා ලෙස ද ඔහු මෙමගින් ඉල්ලා ඇත. පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමට හැකි සෑම අවස්ථාවකදීම වගකීම් පැවරීමට කටයුතු කරන ලෙසත් ඔහු යෝජනා කර තිබේ.

සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ඉමිතියාස් බාකීර් මාකර් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සජබ ජාතික ලැයිස්තුවේ සිටි අතර, එම බලවේගයට ලැබුණු මන්ත්‍රී ධුර පහෙන් එකක් ඔහුට ලබාදුන්නේ නැත.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...