Earthfoam සමාගම නව රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කරමින් රබර් ගොවීන් 1,700කට රක්ෂණාවරණ පිරිනමයි !

Share post:

ස්වාභාවික රබර්වලින් මෙට්ට, කවර සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෙෳද්ගලික සමාගමේ නවතම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මොණරාගලදී විවෘත විය.

රබර් කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඉදි කර ඇති එය අති නවීන පහසුකම්වලින් සමන්විතය. බොහෝ රබර් ගොවීන්ට රබර් කිරිවල නිවැරැදි වෙළෙඳපොළ මිල දැන ගැනීමට අවස්ථාවක් නැති නිසා අඩු මිලට කිරි අලෙවි කිරීමට සිදු වේ. කිරි මිල දී ගන්නා ඇතැම් සමාගම්ද නිසි මිලක් නොගෙවයි. රබර් වගාව ප්‍රචලිත වෙමින් පවතින වියළි කළාපයේ මෙම ගැටලුව වැඩි වශයෙන් තිබේ. මොණරාගල දිස්ත්‍රික්කය තුළ කාබනික රබර් වගාව ව්‍යාප්ත කිරීමට Earthfoam සමාගම විශාල වශයෙන් දායක වී ඇත. මෙම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවීමෙන් ගොවීන්ගේ ශ්‍රමයට සාධාරණ මිලක් ලැබෙයි.

Earthfoam සමාගම Ceylinco Life Insurance සමඟ එක් වී හඳුන්වා දුන් තුරුශක්ති රක්ෂණාවරණයෙන් රබර් ගොවීන් 1,700කට පමණ සහ එම වගාවල කිරි කපන්නන්ට ප්‍රතිලාභ ලැබේ. ‘Fair Trade’ සංකල්පය යටතේ හඳුන්වා දී ඇති ඊට රෝහල්ගත වීම්, බරපතල රෝග, ස්වාභාවික සහ හදිසි මරණ ඇතුළත් වේ. 800ක පිරිසකට රක්ෂණාවරණ පිරිනමමින් ඇරඹුණු එම වැඩසටහනෙන් 2025 වන විට ප්‍රතිලාභ ලබන පිරිස 3,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී Earthfoam ප්‍රධාන විධායක නිලධාරී ජානුක කරුණාසේන පැවසුවේ තම සමාගම සෑම විටම ගොවීන්ගේ සහ කිරි කපන්නන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කරන බවයි.

කිරි කපන්නන්ට අවශ්‍ය ආරක්ෂිත පාවහන්, වැහි කබා සහ විදුලි පන්දම් අඩංගු උපකරණ කට්ටලයක් සැපයීමට සැළසුම් කර ඇති බවද ඔහු පැවැසුවේය. ගොවීන්ගේ සහ කිරි එකතු කරන්නන්ගේ දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම, සෞඛ්‍ය රක්ෂණාවරණ පිරිනැමීම, වෛද්‍ය සායන සංවිධානය කිරීම, ආරක්ෂක මෙවලම් පරිත්‍යාග කිරීම Earthfoam සමාගම සංවිධානය කරන සුබසාදන වැඩසටහන් අතර ප්‍රමුඛ වේ. Earthfoam සමාගම උසස්ම ප්‍රමිතියේ 100%ක් ස්වාභාවික රබර් නිෂ්පාදන රැසක් යුරෝපය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරයි. කල් පැවැත්ම, සුව පහසුව, ආරක්ෂාව මූලික කර ගත් එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් සපයා ගන්නේ දේශීය රබර් ගොවීන් 1,700කට වැඩි පිරිසකගෙනි.

‘Fair for Life’ සහතිකය ලැබූ පළමු මෙට්ට නිෂ්පාදන සමාගම වන Earthfoam දේශීය හා ජාත්‍යන්තර සම්මාන සහ තත්ත්ව සහතික රැසක් දිනා ඇත. ඔවුන්ගේ නිෂ්පාදන කෘතිම හෝ මිශ්‍ර රබර්වලින් තොර 100%ක් ස්වාභාවික රබර් යොදා සිදුකරයි.

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...