FIFA අර්ධ අවසන් පූර්ව තරග අද සිට

422

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද(09) ආරම්භ වීමට නියමිතයි.

එහි පළමු තරගය පැවැත්වෙන්නේ ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය අතර පැවැත්වෙන අතර තරගය දෝහාහි එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදී අද (09) රාත්‍රී 8.30ට ආරම්භ වේ.

එමෙන්ම අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන තරගය නෙදර්ලන්තය සහ ආජන්ටිනාව අතර මෙරට වේලාවෙන් අලුයම 12.30ට පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ තෙවැනි සහ සිව්වැනි තරග හෙට රාත්‍රී 8.30 ට අළුයම 12.30 ට පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරග පිළිවෙළින් මොරොකෝව – පෘතුගාලය අතර , එංගලන්තය – ප්‍රංශය අතර පැවැත්වීමට නියමිතය.

තරගවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් සංඛ්‍යාව 8 ක් වන තර සියළු තරග පිළිමළුන් පිටුදැකීම (knockout)ආකාරයට පැවැත්වේ.