තව වැසි, සුළං, වායූ දූෂණයෙන් පරිස්සම් වෙන්න

Share post:

තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත් සඳහා මෙම නිවේදනය වලංගු වෙයි. අද (දෙසැම්බර් 09) පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදය හෙට පෙරවරු 10 තෙක් වලංගු වෙයි.

මැන්ඩාවුස් සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

එසේම උතුරු, උතරු – මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 60-70 දක්වා තද සුළං බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

මේ අතර ශ්‍රී ලංකාවට එල්ලවූ වායු දූෂණ බලපෑම ක්‍රමයෙන් බැහැරව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ ඊයේ (08) දිනයේ මෙරටින් වාර්තා වූ වායු දූෂණ මට්ටමට වඩා මේ වනවිට වායු දූෂණ මට්ටම විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවය.

ඉන්දියාවේ වායු දූෂණය ඉහළයාමෙන් බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව ඊයේ දිනය වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්විය.

මේ අතර තවමත් පවතින වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට ළගා වී ඇති හෙයින් හැකිතාක් නිවෙස්තුළටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

යම් හෙයකින් නිවෙස්වලින් බැහැරව යන්නේ නම් මුව ආවරණයක් පළඳින ලෙසද ‌සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...