නීතියේ ආධිපත්‍යය ගැන ආසියානු මානව හිමිකම් කොමිසමෙන් ජනාධිපති අනුරට ලිපියක් !

Share post:

නීතියේ ආධිපත්‍යය සහ ගෞරවය ආරක්ෂා කිරීමටත්, වැඩි දියුණු කිරීමටත් අවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
එම කොමිසමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසින් මේ ඉල්ලීම සිදු කර ඇත.
ලංකාවේ නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී ක්ෂණික අවධානය යොමු කළ යුතු වැදගත් ක්ෂේත්‍ර තුනක් සම්බන්ධයෙන් එම ඉල්ලීමේදී කරුණු දක්වා ඇත. මහාධිකරණවල පවතින බරපතළ ගණයේ අපරාධ නඩු දෛනිකව විභාගයට ගැනීම, අල්ලස හා දූෂණය පාලනය කිරීමට නව නීති හඳුන්වා දීම සහ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම මේ කරුණු වේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සහ නඩු ගොඩගැසීම සම්බන්ධයෙන් සමාජයෙන් බරපතළ චෝදනාවක් එල්ල වී ඇති අතර, එය නීතියේ ආධිපත්‍යය පිළිබඳව පවතින ජනතා විශ්වාසයට සිදුකරන බලපෑම සම්බන්ධයෙන් ද මෙහි සඳහන් කර තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...