නීතියේ ආධිපත්‍යය ගැන ආසියානු මානව හිමිකම් කොමිසමෙන් ජනාධිපති අනුරට ලිපියක් !

Share post:

නීතියේ ආධිපත්‍යය සහ ගෞරවය ආරක්ෂා කිරීමටත්, වැඩි දියුණු කිරීමටත් අවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
එම කොමිසමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසින් මේ ඉල්ලීම සිදු කර ඇත.
ලංකාවේ නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී ක්ෂණික අවධානය යොමු කළ යුතු වැදගත් ක්ෂේත්‍ර තුනක් සම්බන්ධයෙන් එම ඉල්ලීමේදී කරුණු දක්වා ඇත. මහාධිකරණවල පවතින බරපතළ ගණයේ අපරාධ නඩු දෛනිකව විභාගයට ගැනීම, අල්ලස හා දූෂණය පාලනය කිරීමට නව නීති හඳුන්වා දීම සහ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම මේ කරුණු වේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සහ නඩු ගොඩගැසීම සම්බන්ධයෙන් සමාජයෙන් බරපතළ චෝදනාවක් එල්ල වී ඇති අතර, එය නීතියේ ආධිපත්‍යය පිළිබඳව පවතින ජනතා විශ්වාසයට සිදුකරන බලපෑම සම්බන්ධයෙන් ද මෙහි සඳහන් කර තිබේ.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...