වසරේ හොඳම චිත්‍රපටයක් යැයි කිව හැකි ‘Anora’ (2024)

Share post:

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes සිනමා උළෙලේදී පිදෙන ඉහළම ඇගයීම හෙවත් Palme d’Or සම්මානය ජයග්‍රණය කළ චිත්‍රපටය වීමයි. ඇමරිකානු චිත්‍රපටයක් Palme d’Or දිනල තියෙන්නේ මීට අවුරුදු 11 කට පෙරදී වීමත් විශේෂ කාරණාවක්. ඒ The Tree of Life (2011) වෙනුවෙනුයි. ඒ වගේම Anora නොමිනේට් වෙනවා එළැඹෙන 82 වෙනි Golden Globes සම්මාන උළෙලේදී Best Motion Picture – Comedy or Musical, Best Actress සහ Best Director යන ප්‍රමුඛ පෙළේ සම්මානයන් සඳහාත්. ඒ අනුව ඇකඩමි සම්මාන උළෙලේදීත් ඒ විදිහටම නිර්දේශ වේවි. ඉතින් මේක වසරේ හොඳම චිත්‍රපටයක් කියන්න ඒ හොඳටම ඇති. ඒ වගේම මේක Sean Baker ගෙ ෆිල්ම් එකක් කියන හේතුව විතරක්මත් ඇති මේක අනිවාර්යයෙන්ම නරඹන්නට තෝරාගන්නට.

ඔබ Sean Baker ගෙ රසිකයෙක් නම් ඔබ දන්නවා ඔහුගෙ කතන්දර කීමේ කලාව ගැන. ලිංගිකත්වය පාදක වෙන්නෙම Sexual ethics සම්බන්ධයෙන් ගොඩනැගෙන මානව සබඳතා අශ්‍රයෙනුයි. මෙතනදිත් එහෙමමයි. අපිට හමුවෙනවා ඇනී නම් වූ Strip club එකක වැඩ කරන Exotic dancer කෙනෙක්ව. ඇගෙ වෘත්තීමය පළපුරුද්ද සහ හැකියාව මත ඇය වෘත්තිමය ගනුදෙනුවලට එළඹෙන දක්ෂතාවය අපිට දකින්නට හැකියි. ඒ වගේම ඇය තමන්ව prostitute ලෙසින් අමතනවාට තරයේ විරුද්ධ වෙන හැටිත් එක්තරා අවස්ථාවකදි දකින්නට ලැබෙනවා. එතකොට ඇගේ වෘත්තිය තුළදි ඇයට අදාළ වන sexual ethics එක්ක කෙරෙන වෙනම විග්‍රයක් මේ ඇතුළෙ තියෙනවා. ඒක “ලිංගික ශ්‍රමිකයෝද මනුෂ්‍යයෝය” වගේ ලෙවල් එකකම නොරැඳෙන එක තමයි මම දැකපු හොඳම දේ. එහෙම මාතෘකාවකට විතරක්ම කොටු වුණා නම් මේක මෙච්චරටම සුවිශේෂි තලයක තියන්නට බැහැ.

පර්ෆෝමන්සස් තමා ඉතින් ප්‍රබලම. Anora නම් වසරේ වඩාත් මතකයේ රැඳෙන එක්තරා ආකාරයක රිබෙල් කැරැක්ටර් එකක් වෙනුවෙන් Mikey Madison තමයි චිත්‍රපටයේ මුල ඉඳන්ම ආධිපත්‍යය පතුරවන්නේ. හැබැයි අතරමැද්දෙදි නොහිතපු විදිහට ප්‍රේක්ෂක අවධානය මුලුමනින්ම වගේ අනෝරාගෙන් තවත් තිදෙනෙක් වෙත යොමුවෙනවා. ඊටපස්සෙ මේ තුන්කට්ටුව අතරමැද්දෙ තමා අනෝරා ව ඉස්මතුවෙලා පෙනෙන්නේ. Compartment No. 6 මතක නම් එහි අපූරු චරිත නිරූපණයක් සිදුකළ Yura Boisov මෙහි වෙනස්ම ස්වරූපයකින් දකින්නට ලැබෙනවා. Sean Baker ගෙ හැම චිත්‍රපටයකටම වගේ දායක වූ Karren Karagulian මේ පාර දීල තියෙනවා කලින්ට වඩා ලොකු චරිතයක්. Garnik කියන කැරැක්ටර් එකත් එක්ක මරු ට්‍රිබල විසින් අනෝරා එක්ක මහා ජංජාලයක් මැද්දේ රස සාගරයක් මවන හැටිත් දකින්නට පුලුවන්. අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක් විදිහට ඉහළින්ම නිර්දේශ කරන්නට කැමතියි.

ලක්ෂ්මන් අරංවල (FB)

(සිනමාවේදීන් – The Cinema People)

Related articles

අපිට සහයෝගය දෙන්න : අපිට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන් – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

පවතින අසීරු තත්ත්වය පාලනය කරගැනීම සඳහා සහාය දෙන ලෙසත්, එකට එක්ව ඊට මුහුණ දිය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්...

මිහිඳු හිමි දෙවැනි පෑතිස් රජුට දුන් සාංචි අනුරුවේ පරීක්ෂණ හමස් පෙට්ටියේ !

ලංකාවේ තිබූ වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බව...

යුද සමයක මානුෂීය නායකත්වය !

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට...

ඇමෙරිකන් අධිරාජ්‍යයේ සංකේතීය අවසානය….

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තෙල් අරන් යන්න දෙන්නේ චීන යුවාන්වලට විතරයි කියල ඉරානේ දැන් කියනවා. ඒකට ප්‍රතිපක්ෂව හෝමුස් නිදහස්...