‘මහියංගනයේ පොඩි කුමාරිහාමි සිද්ධිය’ ගැන පොලිස්පතිගෙන් විශේෂ විමර්ශන ඒකකයට නියෝගයක් !

Share post:

මහියංගනයේ පදිංචි කාන්තාවකට මහියංගනය පොලිසියේ පිරිසක් දිගින් දිගටම අඩන්තේට්ටම් කිරීම ගැන විමර්ශනයක් කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අද (13) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළේය.

පොලිසිය තමාට දිගින් දිගටම හිරිහැර කරන බවත්, පොලිසියේ හිතවතුන් ලවාද තර්ජනය කරන බවත් කියමින් මහියංගනයේ පදිංචි පොඩි කුමාරිහාමි නම් කාන්තාව අද පොලිස්පති මහජන සහන දිනයට පැමිණ පොලිස්පති හමුවූවාය.

පොලිසිය කළ නීතිවිරෝධී වැලි ජාවාරමකට විරුද්ධ වීම නිසා තමන්ට බොරු නඩු 38ක් පමණ දැමූ බවත්, ඒ කිසිවකින් තමන් වැරදිකරු නොවූ බවත්, ව්‍යාජ නඩු දැමූ බව අධිකරණයේදී පවා තහවුරු වී තමන් නිදොස්කර නිදහස් කළ බවත් අදාළ කාන්තාව පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

එසේ තිබියදී තමන්ගෙන් දිගින් දිගටම පලිගනිමින් සිටින බවත්, නිවස ඉදිරිපිටට පැමිණ පිස්තෝල පෙන්වමින් තර්ජනය කරන බවත් ඊට අදාළ ලිපි-ලේඛන සහ සියලු සාක්කි සමග එම කාන්තාව පොලිස්පතිට ඉදිරිපත් කළාය.

ඒ අනුව වහාම එම සිදුවීම්දාමය ගැන විමර්ශනය ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා පොලිස් වි⁣⁣ශේෂ විමර්ශන ඒකකයට දැනුම් දුන්නේය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...