‘මහියංගනයේ පොඩි කුමාරිහාමි සිද්ධිය’ ගැන පොලිස්පතිගෙන් විශේෂ විමර්ශන ඒකකයට නියෝගයක් !

Share post:

මහියංගනයේ පදිංචි කාන්තාවකට මහියංගනය පොලිසියේ පිරිසක් දිගින් දිගටම අඩන්තේට්ටම් කිරීම ගැන විමර්ශනයක් කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අද (13) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළේය.

පොලිසිය තමාට දිගින් දිගටම හිරිහැර කරන බවත්, පොලිසියේ හිතවතුන් ලවාද තර්ජනය කරන බවත් කියමින් මහියංගනයේ පදිංචි පොඩි කුමාරිහාමි නම් කාන්තාව අද පොලිස්පති මහජන සහන දිනයට පැමිණ පොලිස්පති හමුවූවාය.

පොලිසිය කළ නීතිවිරෝධී වැලි ජාවාරමකට විරුද්ධ වීම නිසා තමන්ට බොරු නඩු 38ක් පමණ දැමූ බවත්, ඒ කිසිවකින් තමන් වැරදිකරු නොවූ බවත්, ව්‍යාජ නඩු දැමූ බව අධිකරණයේදී පවා තහවුරු වී තමන් නිදොස්කර නිදහස් කළ බවත් අදාළ කාන්තාව පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

එසේ තිබියදී තමන්ගෙන් දිගින් දිගටම පලිගනිමින් සිටින බවත්, නිවස ඉදිරිපිටට පැමිණ පිස්තෝල පෙන්වමින් තර්ජනය කරන බවත් ඊට අදාළ ලිපි-ලේඛන සහ සියලු සාක්කි සමග එම කාන්තාව පොලිස්පතිට ඉදිරිපත් කළාය.

ඒ අනුව වහාම එම සිදුවීම්දාමය ගැන විමර්ශනය ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා පොලිස් වි⁣⁣ශේෂ විමර්ශන ඒකකයට දැනුම් දුන්නේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...