අධ්‍යාපන සුදුසුකම් ගැන මම කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් කරලා නෑ : ආණ්ඩුවත් ජනතාවත් අපහසුතාවට පත්නොකර ඉල්ලා අස්වෙනවා – අශෝක රන්වල

349

කතානායක ධුරයෙන් ඉවත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල තීරණය කර තිබේ.
තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් කර නැති බව ද ඔහු ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම සම්පූර්ණ නිවේදනය පහත පළවේ.

‘පසුගිය දින කිහිපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලු‍වක් සමාජය තුළ මතුකරනු ලැබ තිබේ.
මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් මවිසින් ප්‍රකාශ කර නැත.
එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින් ද, ඒවා අදාළ ආයතනවලින් ලබාගැනීමට සිදුව ඇති බැවින් ද එම ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින් ද ඒවා අදාළ ආයතනවලින් ලබාගැනීමට සිදු වී ඇති බැවින් ද එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ.
මා හට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත්, අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා මා දැනට දරන කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙයින් දැනුම් දෙමි.’