අධ්‍යාපන සුදුසුකම් ගැන මම කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් කරලා නෑ : ආණ්ඩුවත් ජනතාවත් අපහසුතාවට පත්නොකර ඉල්ලා අස්වෙනවා – අශෝක රන්වල

Share post:

කතානායක ධුරයෙන් ඉවත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල තීරණය කර තිබේ.
තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් කර නැති බව ද ඔහු ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම සම්පූර්ණ නිවේදනය පහත පළවේ.

‘පසුගිය දින කිහිපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලු‍වක් සමාජය තුළ මතුකරනු ලැබ තිබේ.
මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් මවිසින් ප්‍රකාශ කර නැත.
එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින් ද, ඒවා අදාළ ආයතනවලින් ලබාගැනීමට සිදුව ඇති බැවින් ද එම ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින් ද ඒවා අදාළ ආයතනවලින් ලබාගැනීමට සිදු වී ඇති බැවින් ද එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ.
මා හට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත්, අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා මා දැනට දරන කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙයින් දැනුම් දෙමි.’

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...