කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂවරයා අපරාධ වැරදිවලින් බේරුවේ අල්ලස් කොමිසමේ දැන් කොමසාරිස්වරයෙක් !

Share post:

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මීට පෙර අපරාධ සිදුවීමකින් බේරාහැරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන කොමසාරිස් හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චේතිය ගුණසේකර සම්බන්ධ වී තිබේ.

නෙවිල් සිල්වා නුවරඑළියේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී ය, මේ සිදුවීම සිදුවන්නේ. නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ ග්‍රෑම් 45.6ක් බරැති රන් මාලයක් සොරාගැනීම සම්බන්ධ නඩුවකි, මෙය.

මාලයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සතුව තිබූ සොරකම් කරන ලද ඉහත බරැති රන් මාලය නඩු භාණ්ඩයක් ලෙස ඇතුළත් නොකිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස නුවරඑළිය මහෙස්ත5ාත්වරයා විසින් නුවරඑළිය විශේෂ විමර්ශන අංශයට නියෝග කර තිබේ. එම ඒකකය මගින් පැවැත්වූ විමර්ශනයෙන් අනාවරණය වී ඇත්තේ මේ සොරකමට අදාළ විමර්ශනය සිදු කළ නෙවිල් සිල්වා විසින් අදාළ රන් මාලය බාර දී නැති බවයි. වසර 5කට පසු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගනිද්දී නෙවිල් සිල්වා අදාළ රන් මාලය විමර්ශකයන්ට බාරදී ඇත්තේ තමන්ට එය බාරදීමට අමතක වූ බව පවසමින් ය. එය තමන්ගේ සාක්කුවේ තිබූ බව පවසමින් ය.

ඒ අනුව ඔහුට එරෙහිව 30028/12 නඩුව විභාග කිරීම ආරම්භ කර ඇත. මේ නඩුවේදී සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී පරිහරණය ඇතුළු අපරාධ වැරදි ගණනාවක් නෙවිල් සිල්වා සම්බන්ධයෙන් අනාවරණය වී ඇත. ඔහුට එරෙහිව වෙනම බී වාර්තාවක් ගොනුකරන ලද අතර, එහි දැක්වෙන්නේ බී/258/04 දරන නඩුවට අදාළ ව සාපරාධී පරිහරණය යන චෝදනාව එල්ල කරමින් ය.

මීට අදාළ සියලු විමර්ශන සිදුකිරීමෙන් පසු නීතිපතිවරයා වෙත නඩු ගොනුව යවා ඇත. 2015 ජූලි 22 දින මේ නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් නීතිපති ලබාදුන් උපදෙස් බව සඳහන් ලිපියක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

2017 ජූලි 02 වැනි දින මේ ලිපිය යොමුකර ඇත්තේ පොලිස් මූලස්ථානයේ නීති අධ්‍යක්ෂවරයා වෙත ය. එම ලිපියට අත්සන් කර ඇත්තේ එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චේතිය ගුණසේකර ය. මේ ලිපියේ සඳහන් වන්නේ ඉහත නඩුවට අදාළ සැකකරු වන ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා යන අයට විනය පියවර ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති, විනය හා කල්ක්‍රියා දිසාව විසින් කටයුතු කර ඇතැයි නීතිපති වෙත දැනුම් දී ඇති බවයි. එම නිසා නුවරඑළිය විශේෂ විමර්ශන අංශය විසින් මේ නඩුව තවදුරටත් පවත්වාගෙන යෑම අවශ්‍ය නොවන බව එහි පැහැදිලිව දක්වා ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන කොමසාරිස්වරයෙකි, මේ චේතිය ගුණසේකර යනු.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...