පාස්කු වන්දි නඩුවට පූජිත් – නිලන්ත පොලිස් ආඥා පනත පෙන්වමින් ගොනුකළ විරෝධතා අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි !

Share post:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ ව පවරා ඇති වන්දි නඩු පොලිස් ආඥා පනතට අනුව කාලාවරෝධී බවට ඉදිරිපත් වූ විරෝධතාවක් සලකා බලන්නැයි කරන ලද ඉල්ලීමක් මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නංගර ප්‍රතික්ෂේප කරයි.

මේ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසිනි. අද (11) මේ විරෝධතාව සලකා බැලීමෙන් පසු විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් විසින් වන්දි ඉල්ලා මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති නඩු 182ක් වරින්-වර පූර්ව නඩු විභාගයට ගනු ලබන අතර, එම නඩුවල සිව්වැනි සහ පස්වැනි විත්තිකරුවන් වන්නේ හිටපු පොලිස්පතිවරයා සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ය. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙහිදී තර්ක කළේ තම සේවාදායකයන් දෙදෙනා ම පොලිස් නිලධාරීන් වන නිසා ඔවුන්ට එරෙහිව පවරන ඕනෑම නඩුවක් පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අදාළ සිදුවීම සිදු වී මාස 03ක් තුළ පැවරිය යුතු බවයි.

මේ නඩුවල පැමිණිලිකරුවන් අදාළ නඩු පවරා ඇත්තේ බෝම්බ ප්‍රහාරය සිදුවී මාස 03ක කාලයකින් පසුව බවත්, එම නිසා මේ වන්දි නඩු ආරම්භයේදී ම ප්‍රතික්ෂේප කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් විරෝධතා මතුකරමින් විත්තිකරුවන්ගේ නීතිඥයන් සඳහන් කර තිබිණි.

මේ විරෝධතාවලට දැඩි විරෝධය පළකරමින් පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් තර්ක කළේ මේ විත්තිකරුවන් අදාළ බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු යැයි තම සේවාදායකයන් දැනගත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ මාධ්‍ය වාර්තාවලින් බවයි. ඒ සම්බන්ධයෙන් දැනගත් පසු නියමිත කාලය තුළ සියලු‍‍ නඩු පැවරීමට පැමිණිලිකරුවන් කටයුතු කර ඇති බවත් ඒ අනුව විත්තිකරුවන්ගේ ඉල්ලීමට ඉඩ ලබා නොදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...