පාස්කු වන්දි නඩුවට පූජිත් – නිලන්ත පොලිස් ආඥා පනත පෙන්වමින් ගොනුකළ විරෝධතා අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි !

Share post:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ ව පවරා ඇති වන්දි නඩු පොලිස් ආඥා පනතට අනුව කාලාවරෝධී බවට ඉදිරිපත් වූ විරෝධතාවක් සලකා බලන්නැයි කරන ලද ඉල්ලීමක් මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නංගර ප්‍රතික්ෂේප කරයි.

මේ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසිනි. අද (11) මේ විරෝධතාව සලකා බැලීමෙන් පසු විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් විසින් වන්දි ඉල්ලා මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති නඩු 182ක් වරින්-වර පූර්ව නඩු විභාගයට ගනු ලබන අතර, එම නඩුවල සිව්වැනි සහ පස්වැනි විත්තිකරුවන් වන්නේ හිටපු පොලිස්පතිවරයා සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ය. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙහිදී තර්ක කළේ තම සේවාදායකයන් දෙදෙනා ම පොලිස් නිලධාරීන් වන නිසා ඔවුන්ට එරෙහිව පවරන ඕනෑම නඩුවක් පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අදාළ සිදුවීම සිදු වී මාස 03ක් තුළ පැවරිය යුතු බවයි.

මේ නඩුවල පැමිණිලිකරුවන් අදාළ නඩු පවරා ඇත්තේ බෝම්බ ප්‍රහාරය සිදුවී මාස 03ක කාලයකින් පසුව බවත්, එම නිසා මේ වන්දි නඩු ආරම්භයේදී ම ප්‍රතික්ෂේප කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් විරෝධතා මතුකරමින් විත්තිකරුවන්ගේ නීතිඥයන් සඳහන් කර තිබිණි.

මේ විරෝධතාවලට දැඩි විරෝධය පළකරමින් පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් තර්ක කළේ මේ විත්තිකරුවන් අදාළ බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු යැයි තම සේවාදායකයන් දැනගත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ මාධ්‍ය වාර්තාවලින් බවයි. ඒ සම්බන්ධයෙන් දැනගත් පසු නියමිත කාලය තුළ සියලු‍‍ නඩු පැවරීමට පැමිණිලිකරුවන් කටයුතු කර ඇති බවත් ඒ අනුව විත්තිකරුවන්ගේ ඉල්ලීමට ඉඩ ලබා නොදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...