පළාත් පාලන ඡන්දය ගැන කැබිනට් මණ්ඩලය දුන් උපදෙස් මොනවාද? – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට සියල්ල කියයි !

Share post:

තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි 2024 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කරමින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය මගින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.

මෙවැනි දැනුම්දීමක් කර ඇතැයි අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය විය. 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කරමින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මේ පෙත්සම කැඳවනු ලැබිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ මේ මැතිවරණයට බාරගෙන තිබෙන නාමයෝජනා අවලංගු කොට අලු‍තින් නාම යෝජනා බාරගැනීමට හැකි වන පරිදි නීති සංශෝධනය කරන ලෙස ද කැබිනට් මණ්ඩලයෙන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි.
මෙහිදී පෙත්සම්කරුවන් වන දේශවිමුක්ති ජනතා පක්ෂයේ සාමාජික නිහාල් ද සිල්වා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙය ජනතාවට ඉතා වැදගත් නඩුකරයක් වන බවයි. එම නිසා සෑම පුද්ගලයකුටම මේ සඳහා මැදිහත් විය හැකි වන ආකාරයට පෙත්සම පිළිබඳව භාෂා තුනෙන් ම පුවත්පත්වල දැන්වීම් පළකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය. මේ ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු අනෙකුත් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ද නියෝග කළේය.
පෙත්සම ලබන ජනවාරි 29 වැනිදා යළි කැඳවීමට නියමිත ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...