ටෙස්ට් ලෝක ශුරතාවයේ ඉරණම පැහැදිලිවම විසඳෙන්නේ ඉදිරි තරග කිහිපයේදීයි

Share post:

ටෙස්ට් ලෝක ශුරතාවයේ ඉරණම පැහැදිලිවම විසඳෙන්නේ ඉදිරි තරග කිහිපයේදීයි

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පෙර තවත් ටෙස්ට් තරග 15 ක් ඉතිරිව තිබේ.
එහි විශේෂත්වය නම් තවමත් කිසිඳු කණ්ඩායමකට අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් නොවීමයි. ඒ අනුව ටෙස්ට් ලෝක ශුරතාවයේ ඉරණම පැහැදිලිවම විසඳෙන්නේ ඉදිරි තරග කිහිපයේදීයි.
අවසන් මහා තරගය සඳහා තවමත් කණ්ඩායම් කිහිපයක් තරග කරමින් සිටියි.

1) ශ්‍රී ලංකාව

ප්‍රතිශතය: 50.00
ඉතිරිව ඇති තරග: SA (1 away), Aus (2 home)
ඩර්බන් පරාජයෙන් පසු ශ්‍රී ලංකාවට තරගාවලිය අවසන් කළ හැකි උපරිම අගය වන්නේ 61.54% කි. ඒ සඳහා ඉතිරිව ඇති තරග තුනම ජයගත යුතුය.
එවිට ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් වේ.
තවත් එක් තරගයක් පරාජය වී, තරග දෙකක් ජයගතහොත් ශ්‍රී ලංකාවේ ප්‍රතිශතය 53.85 ක් බවට පත් වේ.
එවිට ශ්‍රී ලංකාවට ඉතිරි තරගාවලි වල ප්‍රතිඵල මත යැපීමට සිදුවේ.
දැනට පවතින තත්ත්වයන් අනුව දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයට එම ප්‍රතිශතය අභිබවා යා හැකිය.

2) දකුණු අප්‍රිකාව
ප්‍රතිශතය : 59.26
ඉතිරිව ඇති තරග :SL (1 home), Pak (2 home)
ඩර්බන් ජයග්‍රහණයෙන් පසුව දකුණු අප්‍රිකාවේ පිළිබඳ බලාපොරොත්තු ඉහළ ගොස් තිබේ.
ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව දෙවන ටෙස්ට් තරගය පරාජය වූවත්, පාකිස්තානයට එරෙහි තරග දෙක ජයගත් විටෙක ඔවුන්ගේ ප්‍රතිශතය 61.11% දක්වා ඉහළ යනු ඇත.

නමුත් එවැනි මොහොතක ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ඔවුන් පසු කර යෑමේ ඉඩක් පවති. ඕස්ට්‍රේලියාවටද 61.11% පසුකර යා හැකි වූවත් එවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දකුණු අප්‍රිකාවට පහළ තැනක සිට තරගාවලිය අවසන් කරනු ඇත.
යම් හෙයකින් ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි දෙවන තරගය ජයගෙන පාකිස්තාන තරගාවලිය 1-1 ක් ලෙස අවසන් කළත්, ඔවුන්ට අවසන් මහා තරගයේ ස්ථානයක් අනිවාර්යෙන් වෙන්වනු ඇත.

3) ඉන්දියාව
ප්‍රතිශතය: 61.11
ඉතිරිව ඇති තරග: Aus (4 away)
ඉන්දියාව තරග තුනක් ජය ගන්නා පසුබිමක ඔවුන්ගේ ප්‍රතිශතය 62.28% දක්වා ඉහළ යනු ඇති.
එවිට ඔවුන් ශ්‍රී ලංකාව අභිබවා යනු ඇත.
ඉතිරි තරග හතරෙන් දෙකක් ජයගන්නා පසුබිමක සෙසු කණ්ඩායම් හි ප්‍රතිඵල අනුව ඔවුන්ගේ ඉරණම තීරණය වනු ඇත.

4) ඕස්ට්‍රේලියාව
ප්‍රතිශතය: 57.69
ඉතිරිව ඇති තරග: Ind (4 home), SL (2 away)
පර්ත් පරාජයෙන් පසුව ශ්‍රී ලංකාව ලබා ගත හැකි ඉහළම ප්‍රතිශතය වන 61% අභිබවා යෑමට නම් ඕස්ට්‍රේලියාවට තරග හතරක් ජය ගැනීමට අවශ්‍යයි.
එවැනි පසුබිමක ඔවුන්ට ඉදිරියෙන් සිටිනු ඇත්තේ දකුණු අප්‍රිකාව පමණයි.

බෝඩර් ගවස්කාර් තරගාවලිය 3-2 ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය වූවත් ඔවුන්ට ඉන්දියාව අභිබවා යාමට ඉඩක් තිබේ. ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස පරාජය කළ යුතුය.

පාකිස්තානයට සහ නවසීලන්තයට ගණිතමය වශයෙන් අවසන් කණ්ඩායම් දෙක අතරට තේරීමට ඉඩක් තිබුණත්, එය ඉතා අඩු සම්භාවිතාවකි.

ඉරේෂාන් සිරිවර්ධන(FB)

     2024. 12. 03

Related articles

Doctor J Premium Dental Care නිර්මාතෘ වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත BWIO සම්මාන දිනයි !

Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා...

Business World International 2025 සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි !

Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ව්‍යාපාරික ප්‍රජාව සහ...

වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා කාණ්ඩයේ රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මාන දිනයි !

වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World...

BWIO සම්මානයෙන් Tree House International පිදුම් ලබයි !

දෙහිවල පිහිටි Tree House International වසරේ විශිෂ්ටම හා සාක්ෂි මත පදනම් වූ විශේෂ අවශ්‍යතා ජාත්‍යන්තර පාසල ලෙස BWIO...