රෝයල් නර්සිං හෝම් සමාගමේ පස්වැනි හෙද නිවාසය කාමර 100ක් සහිතව හංවැල්ලේදී විවෘත වේ !

Share post:

ශ්‍රී ලංකාවේ පළමු සහ එකම සුඛෝපභෝගී හෙද නිවාස තුනට හා එක්සත් රාජධානියේ  ලන්ඩන් නගරයේ අංක 4/4A Bloomsbury Square, London WC1A 2RP ලිපිනයේ පිහිටි සුඛෝපභෝගී හෙද නිවාසය ඇතුළු හෙද නිවාස හතරකට හිමිකම් කියන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමේ පස්වැනි හෙද නිවාසය හංවැල්ල නගරයේදී විවෘත වේ.

සිසිල් සුළං හමන කැළණි ගඟට මායිම් වූ හරිත වර්ණ පරිසරයකින් සමන්විත අක්කර දෙකක භූමි භාගයක පිහිටි නිදන කාමර 100කින් සමන්විත මෙම හෙද නිවාසය මීට කලින් සංචාරක හෝටලයක් විය. එම සංචාරක හෝටලය වැඩිහිටි නේවාසික රැකවරණ මාර්ගෝපදේශවලට අනුව ISO 9001-2015 ජාත්‍යන්තර සම්මතයට අනුකූලව අලුත්වැඩියා කර 2025 වර්ෂයේ ජනවාරි මස පළමුවැනිදා සිට විවෘත කෙරෙනු ඇත.

2007 වර්ෂයේ ජාත්‍යන්තර ගුණාත්මක වැඩිහිටි රැකවරණ ක්ෂේත්‍රය පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් සහ වෛද්‍යවරුන්,  හෙද පාලිකාවන්, හෙදියන් ඇතුළු 1200කට වැඩි කාර්ය මණ්ඩලයක් සහිත රෝයල් නර්සින් හෝම් සමාගමේ ආරම්භක සභාපති මනුජ හේවාවසම් මහතා වැඩිහිටි රැකවරණ ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි පළපුරුද්ද සහිත වෘත්තිකයෙකි. ඔහු ඉන්දියාවේ කාන්පූර් චත්‍රපති ෂාහු ජී මහරාජ් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව MBA උපාධියක්, සිංගප්පූරුවේ පාර්ක්වේ විද්‍යාලයෙන් සෞඛ්‍ය ආරක්ෂණ කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමාවක් සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ පීඨයෙන් ඩිප්ලෝමාවක් ලබා ඇත.

රෝයල් නර්සින් හෝම් සමාගමේ ආරම්භක සභාපති මනුජ හේවාවසම් මහතා

මෙම පුළුල් අධ්‍යාපනික පසුබිම ව්‍යාපාර ලෝකයේ මෙන්ම සෞඛ්‍ය සේවා අංශයේ විශිෂ්ටයෙකු වීමට හේවාවසම් මහතාට සහාය වී ඇත. ඔහුගේ නායකත්වය යටතේ ආරම්භ කෙරෙන හංවැල්ල හෙද නිවාසය රටේ පවතින ආර්ථික තත්ත්වයට අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දැරිය හැකි සාධාරණ මිලකට සේවා සපයනු ඇත. සෞන්දර්යයෙන් අනූන නිදහස් ස්වභාවික පරිසරයක ජීවිතයේ සැඳෑ සමය ගත කිරීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම හංවැල්ල හෙද නිවාසය වඩාත් උචිත ස්ථානයක් වනු ඇති බව හේවාවසම් මහතා සඳහන් කළේය.

Related articles

එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් වැදගත් වේ : එහෙත් බල දේශපාලනය එහි ශක්තිය හීන කරයි !

දෙවන ලෝක යුද්ධය අවසන් වූ දා සිට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකභාවය සඳහා වූ වේදිකාව ලෙසත්, ජාතීන් කතා...

දීපචෙල්වන්ගේ කෘති රේගුව විසින් රඳවා ගනියි : ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසය පුරා දෙමළ කෘති රඳවා තබාගැනීමේ හේතුව කුමක්ද?

රාජ්‍ය සම්මානලාභී ලේඛක , දීපචෙල්වන් ප්‍රදීපන් විසින් ඉන්දියාවේ මුද්‍රණය කර නැවකින් මෙරටට ගෙන ආ පොත් තොගයක් ශ්‍රී ලංකාවේ ඒකීයත්වය...

ගොඩෝ උන්නැහේ එනකම් විපක්ෂය බලා සිටී !

ඉංග්‍රීසි ජාතික නාට්‍යකරුවෙක් වූ සැමුවෙල් බෙකට් ගේ Waiting for Godot නාට්‍යය කලෙකට පෙර සුගතපාල ද සිල්වා ‘ගොඩෝ උන්නැහේ එනකම්’ යන නමින් සිංහලට...

විශිෂ්ටතම හා විශාලතම චරිතාපදානය Indian Sun

බෙංගාලි ජාතික මහා සංගීතඥ පණ්ඩිත් රවී සංකර් ( Pandith Ravi Shanker 1920 - 2012 ) පිළිබඳව මෙරට ඉන්දියානු...