සාවද්‍ය සහ විකෘති කළ පුවත් නිවැරදි කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් කාරුණික ඉල්ලීමක් !

Share post:

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල විසින් මහවිරු සමරුව අළලා කරන ලදැයි කියන ප්‍රකාශයක් සාවද්‍ය සහ නොමග යවනසුළු ආකාරයෙන් ඇතැම් ප්‍රධාන ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මහවිරු සමරුව අලලා ප්‍රකාශ කළා යැයි සංසරණය වන සාවද්‍ය සහ නොමග යවනසුළු ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.

‘එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්, ලාංඡන, ඡායාරූප යොදාගනිමින් මියගිය සාමාජිකයන් සැමරීමට බාධාවක් නොමැති’ බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ යැයි සඳහන් කළ නොමග යවනසුළු පුවත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙමින් පවතින බව අප හට නිරීක්ෂණය විය.

නමුත් එම වීඩියෝපට පසුගියදා ගල්ගමුව ප්‍රදේශයේ දී පැවති වැඩසටහනකදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශය අර්ථය වෙනස් වන පරිදි සංස්කරණය කළ වීඩියෝ දර්ශන වේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එම අවස්ථාවේ සදහන් කර සිටියේ ‘නීත්‍යනුකූලව තමන්ගේ ඥාතියකුගේ මියයෑම සමරන්නට ඕනෑම කෙනෙකුට ඉඩ ඇති නමුත් මහවිරු සැමරුම් කරන්නට ඉඩකඩක් නොමැති බවත්, එල්.ටී.ටී.ඊ ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිත කරන්නට ඉඩකඩ නොමැති බවත් ය. එහිදී එතුමා තවදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වන බවයි. එමෙන්ම උතුර වේවා දකුණ වේවා නැගෙනහිර වේවා කඳුරට වේවා තමන්ගේ දරුවෙක් මිය ගියා නම් ඒ දරුවා සිහිපත් කිරීමට අයිතියක් තිබෙන නමුත් සංවිධානයක් ලෙස තහනම් කළ සංවිධානයක් යළි ස්මරණය කරමින් ඔවුන්ගේ සංවිධානවල ආධිපත්‍යය ස්ථාපනය කරන බවට සමාජයට ඒත්තු යෑමට ඉඩ නොදෙන බවත් ය.’

ඒ අනුව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා සිදු කළේ යැයි පවසමින් සංසරණය වන විකෘති කළ පුවත් සාවද්‍ය සහ නොමග යවනසුළු පුවත් බැවින් එම පුවත් නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.’

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...