සාවද්‍ය සහ විකෘති කළ පුවත් නිවැරදි කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් කාරුණික ඉල්ලීමක් !

Share post:

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල විසින් මහවිරු සමරුව අළලා කරන ලදැයි කියන ප්‍රකාශයක් සාවද්‍ය සහ නොමග යවනසුළු ආකාරයෙන් ඇතැම් ප්‍රධාන ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මහවිරු සමරුව අලලා ප්‍රකාශ කළා යැයි සංසරණය වන සාවද්‍ය සහ නොමග යවනසුළු ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.

‘එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්, ලාංඡන, ඡායාරූප යොදාගනිමින් මියගිය සාමාජිකයන් සැමරීමට බාධාවක් නොමැති’ බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ යැයි සඳහන් කළ නොමග යවනසුළු පුවත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙමින් පවතින බව අප හට නිරීක්ෂණය විය.

නමුත් එම වීඩියෝපට පසුගියදා ගල්ගමුව ප්‍රදේශයේ දී පැවති වැඩසටහනකදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශය අර්ථය වෙනස් වන පරිදි සංස්කරණය කළ වීඩියෝ දර්ශන වේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එම අවස්ථාවේ සදහන් කර සිටියේ ‘නීත්‍යනුකූලව තමන්ගේ ඥාතියකුගේ මියයෑම සමරන්නට ඕනෑම කෙනෙකුට ඉඩ ඇති නමුත් මහවිරු සැමරුම් කරන්නට ඉඩකඩක් නොමැති බවත්, එල්.ටී.ටී.ඊ ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිත කරන්නට ඉඩකඩ නොමැති බවත් ය. එහිදී එතුමා තවදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වන බවයි. එමෙන්ම උතුර වේවා දකුණ වේවා නැගෙනහිර වේවා කඳුරට වේවා තමන්ගේ දරුවෙක් මිය ගියා නම් ඒ දරුවා සිහිපත් කිරීමට අයිතියක් තිබෙන නමුත් සංවිධානයක් ලෙස තහනම් කළ සංවිධානයක් යළි ස්මරණය කරමින් ඔවුන්ගේ සංවිධානවල ආධිපත්‍යය ස්ථාපනය කරන බවට සමාජයට ඒත්තු යෑමට ඉඩ නොදෙන බවත් ය.’

ඒ අනුව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා සිදු කළේ යැයි පවසමින් සංසරණය වන විකෘති කළ පුවත් සාවද්‍ය සහ නොමග යවනසුළු පුවත් බැවින් එම පුවත් නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.’

Related articles

ලංකාවේ ළමා මන්දපෝෂණය සහ මහින්දානන්ද – නලින් ප්‍රනාන්දු තීන්දුව එකට කියවමු !

හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ හිටපු ඇමැති නලින් ප්‍රනාන්දුට වසර 25ක...

පාර්ලිමේන්තු කමිටුවේදී නීතිඥවරු අතර උණුසුම් තත්ත්වයක් – දේශබන්දුට චෝදනා කරන්නේ ජාජබ අයගේ සාක්ෂි මත විතරක් ලු !

වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනය ප්‍රධාන වශයෙන් ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි මත...

මහින්දානන්දට අවුරුදු 20ක් – නලින් ප්‍රනාන්දුට අවුරුදු 25ක් : මිලියන 53කට මෙහෙම නම් ?

2015 ජනාධිපතිවරණයේදී ක්‍රීඩා සමාජවලට බෙදාහැරීම සඳහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ආනයනය කිරීමෙන් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුකිරීමේ...

අනීතික ලෙස දේශබන්දු පොලිස්පති කිරීමේ නඩුව සැප්තැම්බර් 08 – තහනම විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මකයි !

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ගනු ලැබූ තීරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට...