කුමුදු ගේ කොළඹ මතක අවංක හා විවෘත ලියැවිල්ලක්

Share post:

කොළඹ නගරයේ නවීන ඉතිහාස කතාව කුමුදු කුමාරසිංහ ඇගේ මතක කැබලි එක් කරමින් සටහන් කරනවා. දෙමටගොඩ කුස්සි ගෙදර සිට ප්‍රසිද්ධ වේදිකාව කරා ඇය ගිය ගමන් මග පිළිබඳ මතක සටහන් ගණනාවක් කොළඹ මතක – 1 සහ කොළඹ මතක – 2 කෘතීන් දෙකට ඇතුළත්.
මහාචාර්ය සසංක පෙරේරා මේ ගැන මෙන්න මෙහෙම කියනවා.
‘බොහෝ වෙලාවට පොරවල් ස්වයං චරිතාපදාන ලියන කොට, නැතිනම් ඒවා කාට හරි කියලා ලියවාගන්න කොට ඒවාට ගේන තොරතුරුමය සංස්කරණ වැඩියි. ඒ ගොල්ලන්ට හංගන්න දේවල් වැඩියි. ලංකාව සම්බන්ධ මේ වගේ කෘති හැටියට, හමුදා නිලධාරීන්ගේ මතක සටහන් හෝ දේශපාලකයින් ගේ චරිතාපදාන ගන්න පුළුවන්. මේවා කියෙව්වාම පේන්නේ මේ අය කිසිම වැරැද්දක් කවදාවත් නොකළ බෝසත් ළමා ළපටීන් බවයි. ඒවා බොහෝ දුරට ෆ්ලැට් ලියැවිලි..’
කුමුදු ගේ කොළඹ මතක ඒ ගණයට නොවැටෙන අවංක හා විවෘත ලියැවිල්ලක්.

සමන් අතාවුදහෙට්ටි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...