අපි මේ වෙලාවේ ලංකාවට උදව් කළේ නැත්නම්, අපේ වගකීම මගහැරියා වෙනවා – එස්. ජායිශංකර්

Share post:

ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක ඊට සහයෝගය දැක්වීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බවත් මේ මොහොතේ එසේ සිදුනොකළේ නම් රජය සිය වගකීම පැහැර හැරියා සේ වන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිසංකර් ඊයේ (07) එරට පාර්ලිමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දමිල ප්‍රජාවට යම් අසාධාරණයක් සිදුවනවානම් ඊට මැදිහත් වන බවද, නමුත් අර්බුදකාරී අවස්ථාවේදී ජන වර්ගයක් පදනම් නොකරගෙන දමිල ජනතාවට පමණක් නොව සිංහල සහ අනෙකුත් ජනතාවටද රජය සිය සහයෝගය ලබාදීමට කටයුතු කිරීම ඉතා අගයකරන බව ඔහු පෙන්වාදෙයි.

සිය රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඊයේ දිනයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ අතර එහිදී වයිකෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවේදී ඉන්දීයාව අදාළ යෝජනාවට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සඳහන් කළේ, ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණියේ ඉන්දීයාවේ දීර්ඝකාලීන ස්ථාවරයට අනුව බවය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...