පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

Share post:

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත ය.

එම සංඛ්‍යාව 22කි. කෙසේ වෙතත් සමගි ජන බලවේගය ඇතුළු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්වූ දේශපාලන පක්ෂ කිහිපයක් තවමත් එම ධුර සඳහා නම් මැතිවරණ කොමිසමට යවා නැත.

ජාතික ජන බලවේගයෙන් සහ සමගි ජන බලවේගයෙන් තරග කළ කාන්තා අපේක්ෂිකාවන් අතරින් 22 දෙනෙකු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත. ජාතික ජන බලවේගයෙන් කාන්තාවන් 20ක් සහ සමගි ජන බලවේගයෙන් කාන්තාවන් 2ක් එසේ තරගකාරී ලෙස මනාප ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබේ.
ජාතික ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු ආසනවලින් එක් ආසනයක් සඳහා කාන්තාවක් පත් කර තිබේ.
මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති වැඩිම කාන්තාවන් සංඛ්‍යාව මන්ත්‍රීවරියන් 13කි.

දෙවැනි වරටත් අගමැති ධුරයේ දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප 655,299ක් හිමි කරගත් අතර, එය දෙවැනි වන්නේ මෙවර විදේශ කටයුතු ඇමැති ධුරයට පත්වූ විජිත හේරත් විසින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂ හතක් ඉක්මවා ලබා ගත් සංඛ්‍යාවටයි.

මීට පෙර මහ මැතිවරණයක දී ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවේ වාර්තාව හිමිකරගෙන සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිමි කරගෙන තිබුණේ ලක්ෂ 5කට ආසන්න මනාප සංඛ්‍යාවකි.

21 දෙනෙකුගෙන් යුක්ත කැබිනට් මණ්ඩලයට ඇමතිවරියන් දෙදෙනෙකු ඇතුළත් අතර, ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් ය.

මෙවර තේරී පත් වී ඇති මන්ත්‍රීවරියන් අතරින් අති බහුතරයක් උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනුම ලබා ඇති අය වන අතර, විවිධ වෘත්තීන් නියෝජනය කරනකාන්තාවෝ විශාල පිරිසක් සිටිති.

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් මැතිවරණය ජයගත් සැමුවෙල් අම්බිගා සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මලෙයියහ ජනතාව නියෝජනය කරන කාන්තාවන් වීම විශේෂත්වයකි.

එම ප්‍රජාව නියෝජනය කරන කාන්තාවන් පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මෙවරය.
මේ මන්ත්‍රීවරියන් 22 අතරින් මන්ත්‍රීවරියන් 20 දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පළමු වතාවටයි.

එයින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයට 2020 මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කර ජයග්‍රහණය කළාය.
සමගි ජන බලවේගයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 3වන වතාවටයි.

Related articles

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...

ශෂීන්ද්‍රට හොර පාරෙන් වන්දි ගන්න සහාය දුන් බවට සැක අධ්‍යක්ෂ ජනරාල් අත්අඩංගුවට !

මහවැලි අධිකාරිය සතු ඉඩමක් සම්බන්ධයෙන් සිදු වූ බවට සැකකෙරෙන වන්දි වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් වන්දි ගෙවීමේ කාර්යාලයේ...