ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

Share post:

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් නියම කළ මරණ දඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කරනු ලැබීය.

විත්තිකරුවන් ගොනුකළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින්, 2012 ජූනි 15 වැනිදා කටුවන හැඩිවත්ත ලියනගේ රංජිත්ගේ නිවසේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී වෙඩිතබා දෙදෙනකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා පහකට නියම කළ දඩුවම අභියාචනාධිකරණය ස්ථිර කළේය.

2012 වසරේ කටුවනදී දෙදෙනකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ජුලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණය විසින් 2019 නොවැම්බර් 7 වැනිදා මරණ දඬුවම නියම කළේය.

මෙම වෙඩිතැබීමෙන් කටුවන, තල්වත්ත පදිංචි එදිරිමාන්නගේ මාලනී (50) සහ 18 හැවිරිදි J.P. නිමන්ත ග්‍රේෂන් මියගොස් ඇති අතර, 26 හැවිරිදි ප්‍රදීප් සාරංග බරපතළ තුවාල ලබා ඇත.

“සමස්තයක් ලෙස සාක්ෂි සලකා බැලීමේදී පැමිණිල්ල විසින් අභියාචකයාට එරෙහිව සාධාරණ සැකයෙන් ඔබ්බට තම නඩුව ඔප්පු කර ඇති බව ඉතා පැහැදිලිය. උගත් මහාධිකරණ විනිසුරුවරයා අභියාචනාකරු ඉදිරියේ ඉදිරිපත් කර ඇති සාක්ෂි සලකා බලා අදාළ නීතිමය මූලධර්ම මනසේ තබාගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් පසු අභියාචනාකරු වරදකරු කර ඇති බව මගේ අදහසයි.” විනිසුරු අබේකෝන් සඳහන් කළේය.

යූ.ආර්. ද සිල්වා, සාවිත්‍රි ප්‍රනාන්දු යන නීතිඥවරු විත්තිකරු වෙනුවෙන් පෙනීසිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටියේය.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...