BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

Share post:

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. නායකත්ව සහ කළමනාකාර මට්ටම්වල තනතුරු දරන පුද්ගලයන් සතු හැකියා සහ ඵලදායිතාව ක්‍රමානුකූලව ඉහළ නැංවීම මෙහි ඉලක්කය වේ. මේ තුළින් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයට අදාළ සිය කාර්යභාරය පිළිබඳව පුළුල් දැනුමක් සහභාගීවන්නන්ට ලැබෙන අතර ව්‍යාපාර, මූල්‍ය, කර්මාන්ත සහ වාණිජ යන ක්ෂේත්‍රවල අභිවෘද්ධිය උදෙසා ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවේ.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සෙයින් මුනීර් (ජාත්‍යන්තර අංශ ප්‍රධානි / එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතන නියෝජිත) පැවැසුවේ මෙම වැඩසටහන දියත් කිරීම සුවිශේෂ සන්ධිස්ථානයක් බවත් ඒ තුළින් BIMT Campusහි අධ්‍යාපනය හදාරන සිසුන්ට ප්‍රතිලාභ රැසක් ලැබෙන බවත්ය. “මේ සහයෝගීතාව තුළින් ප්‍රයෝගික දැනුම සහිත ලොව පිළිගත් උපාධියක් ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබෙනවා. අත්දැකීම් බහුල කථිකාචාර්යවරුන්, නවීන පන්ති කාමර සහ සීමාවාසික පුහුණුවීම් වැනි සියලු දේ ඉතා සතුටුදායකයි.”
BIMT Campus ප්‍රධාන විධායක නිලධාරී ෆර්ශාත් ජමාල් පැවසුවේ සිය සාර්ථකත්වයේ වැදගත්ම සාධක වන්නේ ගුණාත්මක බව, සිසුන් සහ කථිකාචාර්යවරුන් බවයි. “මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. අපේ රටට තවත් බොහෝ නායකයන් අවශ්‍යයි. ඔවුන් වඩාත් යහපත් කළමනාකරණ පුරුදුවලින් සන්නද්ධ කළ යුතුයි. මෙය අපේ ආයතනයේත්, සිසුන්ගේත් අභිවෘද්ධිය සඳහා ගත් සුවිශේෂ පියවරක්. මේ තුළින් ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් කුසලතාවලින් පරිපූර්ණ නායකයන් බවට පත් වීමට සිසුන්ට අවස්ථාව ලැබෙනවා.” ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ආයතනයේ සභාපති ඛම්යා පෙරේරා, මැලිබන් බිස්කට් සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන සහ ස්විස්ටෙක් ඇලුමිනියම් හා ලංකා ස්විස්ටෙක් ඇලුමිනියම් අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තරිඳු අතපත්තු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක් සමඟ සහයෝගිතාවෙන් ඇරැඹූ BIMT Campus කළමනාකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රවලට අදාළ අධ්‍යාපන වැඩසටහන් රැසක් හඳුන්වා දී ඇත. එම ක්ෂේත්‍ර පිළිබඳව උනන්දුවක් දක්වන සිසුන්ට සාධාරන මිළ ගණන් යටතේ අධ්‍යාපන අවස්ථා සැපයීම BIMT Campusහි මූලික අරමුණ වේ.

Related articles

එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් වැදගත් වේ : එහෙත් බල දේශපාලනය එහි ශක්තිය හීන කරයි !

දෙවන ලෝක යුද්ධය අවසන් වූ දා සිට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකභාවය සඳහා වූ වේදිකාව ලෙසත්, ජාතීන් කතා...

දීපචෙල්වන්ගේ කෘති රේගුව විසින් රඳවා ගනියි : ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසය පුරා දෙමළ කෘති රඳවා තබාගැනීමේ හේතුව කුමක්ද?

රාජ්‍ය සම්මානලාභී ලේඛක , දීපචෙල්වන් ප්‍රදීපන් විසින් ඉන්දියාවේ මුද්‍රණය කර නැවකින් මෙරටට ගෙන ආ පොත් තොගයක් ශ්‍රී ලංකාවේ ඒකීයත්වය...

ගොඩෝ උන්නැහේ එනකම් විපක්ෂය බලා සිටී !

ඉංග්‍රීසි ජාතික නාට්‍යකරුවෙක් වූ සැමුවෙල් බෙකට් ගේ Waiting for Godot නාට්‍යය කලෙකට පෙර සුගතපාල ද සිල්වා ‘ගොඩෝ උන්නැහේ එනකම්’ යන නමින් සිංහලට...

විශිෂ්ටතම හා විශාලතම චරිතාපදානය Indian Sun

බෙංගාලි ජාතික මහා සංගීතඥ පණ්ඩිත් රවී සංකර් ( Pandith Ravi Shanker 1920 - 2012 ) පිළිබඳව මෙරට ඉන්දියානු...