දුර්ගා යන්නම ගිහින්! Uma Dasgupta (1940-2024)

Share post:

සත්‍යජිත් රායි අධ්‍යක්ෂණය කළ Pather Panchali චිත්‍රපටයේ අපට හමුවන සුවිශේෂී ස්ත්‍රී චරිතයක් දුර්ගා. දුර්ගා යනු මෙහි ප්‍රධාන චරිතය වන ඔපූගේ වැඩිමල් සහෝදරියයි. දුර්ගා යනු නව යොවුන්වියේ සිටින කෙල්ලෙක්. ඇය කටකාරයි, දඟකාරයි සහ තම කුඩා සහෝදරයාව ආදරයෙන් බලාගන්න සහෝදරියක්. එම වයසේ සිටින බොහෝ ගැහැනු දරුවන් දකින සිහින ඇයත් දකිනවා. නොසිතූ ලෙස දුර්ගා ජීවිතයෙන් සමුගන්නවා. එය Pather Panchali චිත්‍රපටයේ ප්‍රධාන පිපුරුමක්. චිත්‍රපටයකට වූවත් දුර්ගාගේ මරණය මගේ හිත තුල ඇති කරේ කම්පණයක්. එය සිදුවූ විගසම මම මොහොතකට චිත්‍රපටය නරඹන එක නතර කරා. ඇය ඔපූ සමග සෙල්ලම් කර ආකාරය සහ විටෙක දෙවෙනි මවක් සේ රැක බලා ගත් ආකාරය සිතේ ඇඳෙන්නට ගත්තා. එය එතරම් ප්‍රභලව දැනෙන්නට ඇත්තේ රායිගේ විශිෂ්ට රූපරචනයට අමතරව දුර්ගා නිරූපණය කළ උමා දස්ගුප්තාගේ විශිෂ්ට රංගනය නිසාය.

1940 වසරේ උපන් උමා දස්ගුප්තාගේ ප්‍රථම තිර රංගනය Pather Panchali. මෙය තිරගත වෙද්දී ඇයට අවුරුදු 15 ක්‌ පමණයි. Pather Panchali නිසා උමාව විශාල ඇගයීමකට පාත්‍ර වුනත්, ඇගේ ඉදිරි ජීවිතය තුල රංගනයෙන් නියැලුනේ ඉතාම සීමිත ප්‍රමාණයක පමණයි. උමා අවසන් වරට රංගනයෙන් දායකවී ඇත්තේ 2022 වසරේ තිරගත වුනු Lokkhi Chele චිත්‍රපටයේය. ඇය Pather Panchali වලින් පසුව ක්‍රියාශීලීව චිත්‍රපට රංගනයට දායක නොවුනත්, එහි සිටි දුර්ගා ඉන්දියානු සිනමාවේ අමතක නොවන චරිතයක් වී හමාරය.
2024 නොවැම්බර් 18 වැනිදා ඇය පිළිකා රෝගී තත්වයකින් මිය යනවා.
ඇයට සුව නින්දක් ප්‍රර්ථනා කරමු.

රමිත විමුක්ති

Related articles

ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්) සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි....

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...