දුර්ගා යන්නම ගිහින්! Uma Dasgupta (1940-2024)

Share post:

සත්‍යජිත් රායි අධ්‍යක්ෂණය කළ Pather Panchali චිත්‍රපටයේ අපට හමුවන සුවිශේෂී ස්ත්‍රී චරිතයක් දුර්ගා. දුර්ගා යනු මෙහි ප්‍රධාන චරිතය වන ඔපූගේ වැඩිමල් සහෝදරියයි. දුර්ගා යනු නව යොවුන්වියේ සිටින කෙල්ලෙක්. ඇය කටකාරයි, දඟකාරයි සහ තම කුඩා සහෝදරයාව ආදරයෙන් බලාගන්න සහෝදරියක්. එම වයසේ සිටින බොහෝ ගැහැනු දරුවන් දකින සිහින ඇයත් දකිනවා. නොසිතූ ලෙස දුර්ගා ජීවිතයෙන් සමුගන්නවා. එය Pather Panchali චිත්‍රපටයේ ප්‍රධාන පිපුරුමක්. චිත්‍රපටයකට වූවත් දුර්ගාගේ මරණය මගේ හිත තුල ඇති කරේ කම්පණයක්. එය සිදුවූ විගසම මම මොහොතකට චිත්‍රපටය නරඹන එක නතර කරා. ඇය ඔපූ සමග සෙල්ලම් කර ආකාරය සහ විටෙක දෙවෙනි මවක් සේ රැක බලා ගත් ආකාරය සිතේ ඇඳෙන්නට ගත්තා. එය එතරම් ප්‍රභලව දැනෙන්නට ඇත්තේ රායිගේ විශිෂ්ට රූපරචනයට අමතරව දුර්ගා නිරූපණය කළ උමා දස්ගුප්තාගේ විශිෂ්ට රංගනය නිසාය.

1940 වසරේ උපන් උමා දස්ගුප්තාගේ ප්‍රථම තිර රංගනය Pather Panchali. මෙය තිරගත වෙද්දී ඇයට අවුරුදු 15 ක්‌ පමණයි. Pather Panchali නිසා උමාව විශාල ඇගයීමකට පාත්‍ර වුනත්, ඇගේ ඉදිරි ජීවිතය තුල රංගනයෙන් නියැලුනේ ඉතාම සීමිත ප්‍රමාණයක පමණයි. උමා අවසන් වරට රංගනයෙන් දායකවී ඇත්තේ 2022 වසරේ තිරගත වුනු Lokkhi Chele චිත්‍රපටයේය. ඇය Pather Panchali වලින් පසුව ක්‍රියාශීලීව චිත්‍රපට රංගනයට දායක නොවුනත්, එහි සිටි දුර්ගා ඉන්දියානු සිනමාවේ අමතක නොවන චරිතයක් වී හමාරය.
2024 නොවැම්බර් 18 වැනිදා ඇය පිළිකා රෝගී තත්වයකින් මිය යනවා.
ඇයට සුව නින්දක් ප්‍රර්ථනා කරමු.

රමිත විමුක්ති

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...