අමාත්‍යංශවල මුදල් බලධාරීන් පත්කරයි – මුදල් මහින්දමයි : තිලකා මාරු වෙයි : විදේශ අමාත්‍යංශයේ හිටියෙත් අරුණි ආවෙත් අරුණි !

Share post:

නව අගමැති ලේකම්, නව ඇමැති මණ්ඩල ලේකම් ඇතුළුව අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ.
ජනාධිපති ලේකම් සනත් නන්දික කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේදී මේ පත්කිරීම් සිදු කෙරිණි.

ඒ අනුව අගමැති ලේකම්වරයා ලෙස ජී.පී. සපුතන්ත්‍රිත්, ඇමැති මණ්ඩල ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දුත් පත් කර තිබේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ එහි හිටපු ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන ය. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ තිලකා ජයසුන්දර කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කර ඇත.

ජනාධිපතිවරණයෙන් පසු අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස අලු‍තින් පත්කළ ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේත්, එච්.එස්.එස්. තුයියකොන්තා ආරක්ෂක අමාත්‍යංශයේත් ලේකමුවරු ලෙස තවදුරටත් කටයුතු කරති. පරිසර අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කර ඇත්තේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ය.

මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කර තිබේ.

මීට අමතරව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ ලේකම් ලෙස යූ.ජී. රංජිත් ආරියරත්න, බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ලෙස මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල පත්කර ඇත.

එස්. ආලෝක බණ්ඩාර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ධුරයටත්, එස්.එම්. පියතිස්ස කම්කරු අමාත්‍යංශයේ ලේකම් ධුරයටත්, ඒ. විමලේන්තිරරාජා වෙළෙඳ, වානිජ, ආමාර සුරක්ෂිතතාසහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධුරයටත්, ඩී.පී. වික්‍රමසිංහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යංශයේ ලේකම් ධුරයටත්, ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ධුරයටත්, අරුණි රණරාජා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් ධුරයටත් පත්කර තිබේ.

මීට පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරූ කේ.එම්.ජී.එස්.එන්. කළුවැව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කර ඇත.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...