අමාත්‍යංශවල මුදල් බලධාරීන් පත්කරයි – මුදල් මහින්දමයි : තිලකා මාරු වෙයි : විදේශ අමාත්‍යංශයේ හිටියෙත් අරුණි ආවෙත් අරුණි !

Share post:

නව අගමැති ලේකම්, නව ඇමැති මණ්ඩල ලේකම් ඇතුළුව අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ.
ජනාධිපති ලේකම් සනත් නන්දික කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේදී මේ පත්කිරීම් සිදු කෙරිණි.

ඒ අනුව අගමැති ලේකම්වරයා ලෙස ජී.පී. සපුතන්ත්‍රිත්, ඇමැති මණ්ඩල ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දුත් පත් කර තිබේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ එහි හිටපු ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන ය. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ තිලකා ජයසුන්දර කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කර ඇත.

ජනාධිපතිවරණයෙන් පසු අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස අලු‍තින් පත්කළ ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේත්, එච්.එස්.එස්. තුයියකොන්තා ආරක්ෂක අමාත්‍යංශයේත් ලේකමුවරු ලෙස තවදුරටත් කටයුතු කරති. පරිසර අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කර ඇත්තේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ය.

මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කර තිබේ.

මීට අමතරව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ ලේකම් ලෙස යූ.ජී. රංජිත් ආරියරත්න, බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ලෙස මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල පත්කර ඇත.

එස්. ආලෝක බණ්ඩාර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ධුරයටත්, එස්.එම්. පියතිස්ස කම්කරු අමාත්‍යංශයේ ලේකම් ධුරයටත්, ඒ. විමලේන්තිරරාජා වෙළෙඳ, වානිජ, ආමාර සුරක්ෂිතතාසහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධුරයටත්, ඩී.පී. වික්‍රමසිංහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යංශයේ ලේකම් ධුරයටත්, ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ධුරයටත්, අරුණි රණරාජා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් ධුරයටත් පත්කර තිබේ.

මීට පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරූ කේ.එම්.ජී.එස්.එන්. කළුවැව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කර ඇත.

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...