රනිල්ගේ වැරදුණු කුරුමානමෙන් කරළියට ආ මුර්දු නිරූපා බිදුෂිනී ෆර්නෑන්ඩු !

Share post:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ව්‍යවස්ථා විරෝධී සැලසුමක් ව්‍යර්ථ කිරීමට හැකි වීම නිසා ව්‍යවස්ථානුකූල ලෙස අගවිනිසුරු ධුරයට මුර්දු ෆර්නෑන්ඩුට පැමිණීමට හැකි විය.

හිටපු නීතිපති සංජේ රාජරත්නම්ට සේවා දිගුවක් ලබාදී, වර්තමාන අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යෑමෙන් පසු ඔහු එම ධුරයට පත්කිරීම හිටපු ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබූ බව වාර්තා විය. ඊට හේතුව වූයේ නීතිපති ධුරයෙන් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60ක් වුවද, අගවිනිසුරු ධුරයේ අවුරුදු 65 වනතුරු කටයුතු කිරීමට හැකියාව තිබීමයි.

කෙසේ වෙතත් එම සැලසුමේ අරමුණ සම්බන්ධයෙන් විවිධ කතා පැතිරිණි.

රනිල් වික්‍රමසිංහගේ එම සැලසුමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදුන්නේ නැත. එම නිසා සංජේ රාජරත්නම්ට විශ්‍රාම යෑමට සිදු විය.

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුර්දු නිරූපා බිදුෂිනී ෆර්නෑන්ඩුගේ නම අගවිනිසුරුවරයා ලෙස නිර්දේශ කර තිබූ අතර, ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබේ. කතානායකවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරය දරමින් මහින්ද යාපා අබේවර්ධන සිදු කළ අවසාන රාජකාරිය ද එය වේ.

මුර්දු ෆර්නෑන්ඩු මේ වන විට වැඩ බලන අගවිනිසුරු ධුරයේ කටයුතු කරන අතර, වර්තමාන අගවිනිසුරු ජයන්ත ජයසූරිය නොවැම්බර් මාසය අවසානයේදී විශ්‍රාම යෑමට නියමිත ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දුරයේ කටයුතු කරමින් සිටියදී මුර්දු ෆර්නෑන්ඩු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ය. ඒ, 2018 වසරේ මාර්තු මාසයේදී ය.

2024 ඔක්තෝබර් 10 වැනිදා ඇය වැඩබලන අගවිනිසුරු ධුරයට පත්කරන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ය.

ලංකාවේ 48 වැනි අගවිනිසුරුවරයා වන්නේ මුර්දු ෆර්නෑන්ඩු ය.

Related articles

2009 සැප්. 02 – 2017 පෙබරවාරි 08 : ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයෙන් සහ අයුතු ඇතුළුවීමෙන් මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් !

ඇත්ත යළිත් දිනුවේය. ඇත්ත ඉදිරියේ, සාධාරණත්වය ඉදිරියේ යළිත් ඔවුහු පරාජයට පත් වූහ. ජනතා සටන් ඉදිරියේ පාලකයන්ට සියල්ල අකුලාගෙන...

පරිවර්තන පහසුකම් හදන්නට පොලිස්පතිට ඇත්තේ තවත් මාසයක් පමණයි !

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් ලබන මාසයේ 08 වැනිදා වන විට ඉටු කළ යුතු ව තිබේ. එනම් අද...

‘චෙම්මීන්’ – තකලි ශිව ශංකර පිල්ලෙයි

ඉන්දියානු සාහිත්‍යය ඇසුරු කරනා වාරයක් පාසා මා හදවත විශ්මයටත් ආහ්ලාදයටත් පත් කරයි. පෞරාණික ඉතිහාසයක් හිමි ඉන්දියානු සාහිත්‍ය වරින්...

අම්බුළුවාව දූෂණ ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි : අපි වරදක් කරලා නෑ – පා.ම. අනුරාධ ජයරත්න

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් පිහිටවනු ලැබූ අම්බුළුවාව දිසානායක මුදියංසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ...