රනිල්ගේ වැරදුණු කුරුමානමෙන් කරළියට ආ මුර්දු නිරූපා බිදුෂිනී ෆර්නෑන්ඩු !

Share post:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ව්‍යවස්ථා විරෝධී සැලසුමක් ව්‍යර්ථ කිරීමට හැකි වීම නිසා ව්‍යවස්ථානුකූල ලෙස අගවිනිසුරු ධුරයට මුර්දු ෆර්නෑන්ඩුට පැමිණීමට හැකි විය.

හිටපු නීතිපති සංජේ රාජරත්නම්ට සේවා දිගුවක් ලබාදී, වර්තමාන අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යෑමෙන් පසු ඔහු එම ධුරයට පත්කිරීම හිටපු ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබූ බව වාර්තා විය. ඊට හේතුව වූයේ නීතිපති ධුරයෙන් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60ක් වුවද, අගවිනිසුරු ධුරයේ අවුරුදු 65 වනතුරු කටයුතු කිරීමට හැකියාව තිබීමයි.

කෙසේ වෙතත් එම සැලසුමේ අරමුණ සම්බන්ධයෙන් විවිධ කතා පැතිරිණි.

රනිල් වික්‍රමසිංහගේ එම සැලසුමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදුන්නේ නැත. එම නිසා සංජේ රාජරත්නම්ට විශ්‍රාම යෑමට සිදු විය.

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුර්දු නිරූපා බිදුෂිනී ෆර්නෑන්ඩුගේ නම අගවිනිසුරුවරයා ලෙස නිර්දේශ කර තිබූ අතර, ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබේ. කතානායකවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරය දරමින් මහින්ද යාපා අබේවර්ධන සිදු කළ අවසාන රාජකාරිය ද එය වේ.

මුර්දු ෆර්නෑන්ඩු මේ වන විට වැඩ බලන අගවිනිසුරු ධුරයේ කටයුතු කරන අතර, වර්තමාන අගවිනිසුරු ජයන්ත ජයසූරිය නොවැම්බර් මාසය අවසානයේදී විශ්‍රාම යෑමට නියමිත ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දුරයේ කටයුතු කරමින් සිටියදී මුර්දු ෆර්නෑන්ඩු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ය. ඒ, 2018 වසරේ මාර්තු මාසයේදී ය.

2024 ඔක්තෝබර් 10 වැනිදා ඇය වැඩබලන අගවිනිසුරු ධුරයට පත්කරන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ය.

ලංකාවේ 48 වැනි අගවිනිසුරුවරයා වන්නේ මුර්දු ෆර්නෑන්ඩු ය.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...