ඊයේ (14) පැවති 2024 මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක ඇමති විජිත හේරත් ඉතිහාසයේ වාර්තා අළුත් කරමින් මනාප 716,715ක් ලබාගෙන තිබේ.
විජිත හේරත් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව ලංකා මැතිවරණ ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස ඉතිහාස ගත වේ.
මෙහිදී දී ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ.
මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ.
මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂය.
ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක් ලබාගෙන තිබිණි.
ඊට පෙර වැඩිම පනාප ලබාගෙන තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි. ඒ 2010 වසරේදී වන අතර එය 500,566කි.
ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල
ජාතික ජන බලවේගය
විජිත හේරත් – 716,715
මහාචාර්ය අනිල් ජයන්ත – 162,433
මහින්ද ජයසිංහ – 137,315
මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන – 121,825
මොහොමඩ් මුනීර් – 109,815
ආචාර් අසෝක රන්වල – 109,332
ධර්මප්‍රිය විජේසිංහ – 83,061
රුවන් මාපලගම – 78,673
ලසිත් භාෂණ – 74,058
ප්‍රගීත් මධුරංග – 70,887
චම්පික හෙට්ටිආරච්චි- 70,373
රුවන්තිලක ජයකොඩි – 68,210
හේමාලි වීරසේකර – 66,637
නීතීඥ උපුල් අබේවික්‍රම – 60,595
ස්ටෙෆනි ප්‍රනාන්දු – 57,634
චමින්ද ලලිත් කුමාර – 53,451
සමගි ජන බලවේගය
හර්ෂණ රාජකරුණා – 67,004
කාවින්ද ජයවර්ධන – 37,597
ඩබ්ලිව්.එම්.එම් අමිල – 23,699
කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල
ජාතික ජන බලවේගය
හරිනි අමරසූරිය – 655,289
චතුරංග අබේසිංහ -127,166
සුනිල් වටගල -125,700
ලක්ෂ්මන් නිපුනආරච්චි – 96,273
අරුණ පනාගොඩ – 91,081
එරංග ගුණසේකර – 85,180
හර්ෂණ නානායක්කාර – 82,275
කෞෂල්‍යා ආරියරත්න – 80,814
අසිත නිරෝෂණ -78,990
මොහොමඩ් රිස්වි සාලි – 73,018
සුසන්ත දොඩාවත්ත – 65,391
චන්දන සූරියආරච්චි – 63,387
සමන්මලී ගුණසිංහ – 59,657
දේවානන්ද සුරවීර – 54,680
සමගි ජන බලවේගය
සජිත් ප්‍රේමදාස – 145,611
හර්ෂ ද සිල්වා – 81,473
මුජිබර් රහුමාන් – 43,737
එස්. එම්. මරික්කාර් – 41,482