‘දෙවරක් ඇසිපිය සළන්න ‘ – Blink Twice

Share post:

කඩවසමි රූ සපුවකින් හෙබි ‘ස්ලේටර් කිං’ කියන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු තමන්ගේ මිතුරු මිතුරියන්ට දිනෙක ආරාධනා කරනවා තමන්ට අයිති පෞද්ගලික දුපතෙහි නිවාඩුවක් ගත කරන්න. නමුත් මෙි දූපත ඇතුළේ ටික දවසක් යනකොට සිද්ධ වෙන දේවල් හරිම අමුතු විදියට මෙි මිතුරු පිරිසට දැනෙන්න පටන් ගන්නවා. මෙහිදි සිදුවන්නේ මෙි මිතුරන්ට අනපේක්ෂිත ලෙස සිදුවන අතවර, කරදරයන් වෙතට මුහුණපෑමට. මෙි මිතුරු සමාගමයට මුහුණ දෙන්න සිදුවන අර්බුදකාරී වාතාවරණය ඇතුළේ ‘ෆ්‍රිඩා’ නමි තැනැත්තියට වැටහෙන්න පටන් ගන්නවා ඉතාමත් දරුණු විදියේ සහ මිලේචජසහගත සිදුවීමි දාමයක් සිදුව ඇති බව. අර්බුදයෙන් අර්බුදයට යන මෙි සමාගමය එකිනෙකා මරාගන්නා අධම සටනක මැදි වී තනිකරම අවුල් ජාලාවක පැටලෙන්නට ව්‍යාපාරික ස්ලේටර් කිංට සිද්ධ වුනත් ෆ්‍රිඩා මෙි පැටලුනු නූල් බෝලය නිරවද්‍යතාවයෙන් සහ සුක්ෂමව විසඳනු ලබනවා. චිත්‍රපටය ඇතුළේ ෆ්‍රිඩා විසඳන මෙි ගැටගැසුණු අවුල් ජාලාවක් වෙච්ච නූල් බෝලය මොකක්ද?

Mystery – Psychological ටයිප් එකේ වැඩක් විදියට ‘බිලින්ක් ටිවයිස්’ චිත්‍රපටය පුරාවටම කුතුහලයේ ශ්‍රාවයෙන් ප්‍රේක්ෂකයාව නහවන්නට සමත් වෙන්නේ පැයයි විනාඩි 42ක් පුරාවටම නොසිතූ Thriller රසයක ආස්වාදය ලබා දෙමින්. ප්‍රේක්ෂකයා මෙි සිදුවීම දිහා බලන් ඉන්න තියුණු නිරික්ෂකයකු විදියට පරිවර්තනය වීම වළක්වන්නට බැහැ මෙතනදි. සැබෑවටම මෙි දූපත ඇතුළේ සිද්ධ වෙමින් පවතින්නේ මොකක්ද? මෙි අයට මොකක්ද වෙන්න යන්නේ? කියන දේවල් නොකඩවා මනසේ කැරකෙන්න පටන් ගන්නවා. චිත්‍රපටයේ කතාව සහ චරිත ස්ත්‍රිවාදීමය හැඩයක් ගන්න නිසාම ඒ ගැන වෙනම කියවීමක් කරා යන්න බල කරන චිත්‍රපටයක් විදියටත් හඳුන්වන්නට පුලුවන්.

ඊට⁣ හේතු වෙන්නේ ‘Blink Twice’ චිත්‍රපටය අධ්‍යක්ෂකවරයා වෙන්නේ සුප්‍රකට හොලිවුඩ් නිළි ‘Zoë Kravitz’ විසිනුයි. ඇය මෙි චිත්‍රපටය 2017 වසරේදී රචනා කරන විට නමි තබා තිබුණේ ‘Pussy Island’ යනුවෙනි. චිත්‍රපටයේ තේමාව සහ කතාවට සරිලන සහ ගැලපෙන මියුරු නාද රටාවලින් ඔපවත් කරන්නේ ‘Chanda Dancy’ කියන නවක සංගීත අධ්‍යක්ෂකවරිය වන අතර ප්‍රකෝටිපති ව්‍යාපාරික ‘ස්ලේටර් කිං’ චරිතය නිරූපණය කරන්නේ හොලිවුඩයේ ජනප්‍රිය නළු ‘චැනින්ග් චැටූමි’ විසින්. අනෙකුත් අවශේෂ චරිත ‘Naomi Ackie’, ‘Christian Slater’, ‘Simon Rex’, ‘Adria Arjona’, ‘Kyle MacLachlan’, ‘Haley Joel Osment’, ‘Geena Davis’ සහ ‘Alia Shawkat’ ආදී හොලිවුඩයේ සිටින විශිෂ්ටතම නළු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දෙමින් චිත්‍රපටය ඔපවත් කරනවා.

ජාත්‍යන්තර IMDb සිනමා දර්ශකයේ 6.5/10ක මිශ්‍ර අගයක් ලබා ගෙන ඇති අතර Rotten tomatoes හෙවත් කුණු තක්කාලි දර්ශකයේ 75% වැනි ඉහළ විචාරක ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා කියන්නේ වසරේ හොඳම psychological – Mystery – Thriller ශානරයේ චිත්‍රපටයක් විදියට හඳුන්වන්නට තවත් සාක්ෂි අවශ්‍ය නැහැ. චිත්‍රපටය විසින් ලබපු ඉහළ විචාරක, ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම මෙම චිත්‍රපට මාලාවෙි දෙවැනි කොටස ද නිර්මාණය කරන්නට අධ්‍යක්ෂිකා ‘Zoë Kravitz’ මෙි වනවිටත් තීරණය කර තිබෙනවා. ඇට මිදුලු කකියවන උද්වෙිගකර ත්‍රාසය, කුතුහලය පිරි සිනමාත්මක අත්දැකීමකින් විඳගත හැකි වසරේ නරඹන්නට කියාපුම චිත්‍රපටයක් විදියට ‘Blink Twice’ කියන්නේ ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන් හොඳ චිත්‍රපටයක්.

මලින්ත විතානගේ

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...