ඇමෙරිකාව කියන ට්‍රම්ප් – ආරුගම්බේ සැකකරු ෂකේරි ලංකාවේ බන්ධනාගාරයෙන් නිදහස් වුණේ නාකොටික් වරදින් !

Share post:

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුවක් බාරදීම මෙන්ම ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කිරීමේ මෙහෙයුම බාරව සිටි පුද්ගලයා ලෙස ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරන ලද ෆර්හාඩ් ෂකේරි ලංකාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු නිදහස් වී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වරද නිසා බව අනාවරණය වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් 2019 වසරේදී ෂකේරි අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ බවත්, ඉන්පසු ඔහු කොළඹ, මැගසින් බන්ධනාගාරයේ එච් වාට්ටුවේ රඳවා සිට ඇති බවත් පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. ඊශ්‍රායල් ජාතිකයන්ට බලපෑමක් එල්ල කිරීමේ සැලසුම සම්බන්ධයෙන් දැනට අපරාධ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන මාලදිවයින් ජාතිකයා ද මේ කාලයේදී ෂකේරි සමග එච් වාට්ටුවේ රිමාන්ඩ් කර තිබූ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
2020 අප්‍රේල් 01 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ලංකාවේ වෙරළට නාවික සැතපුම් 548කට වැඩි දුරකදී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී ඉරාන ජාතිකයන් 07 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර ෆර්හාඩ් ෂකේරි ද සිට ඇති අතර, ඔවුන් සමග මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 316ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මේ පිරිස සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සාක්ෂි පරස්පර වීම හේතුවෙන් ඔවුන්ට ඇප ලැබී තිබේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එහිදී නීතියට අනුව නිවැරදිව කටයුතු කළේ නම්, ෂකේරි ඇතුළු පිරිස වරදකරුවන් වන බවයි.

(මේ පිළිබඳව ඇමෙරිකාවේ එෆ්බීඅයි ආයතනය අධිකරණයට වාර්තා කළ කරුණු පිළිබඳ සම්පූර්ණ ලිපියක් බලාපොරොත්තු වන්න.)

Related articles

දේශපාලන සමාජ සංස්කෘතිය නිර්මාණාත්මකව කියවීම…තුනුවිල…නින්නාද…..

හර්ෂනී පුෂ්පමාලා ආරච්චි "තුනු විල" හා "නින්නාද .." යන නිර්මාණාත්මක ප්‍රකාශනයන් හරහා ලාංකික දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සිදුවීම්...

“කුඩා දියණියකගේ මනෝලෝකය තෙවැනි ඇසින් විනිවිද දැකීම” The President’s Cake

අන්තර්ජාලය නව්‍යමය සිනමාව කියවීම මෑතකාලීන ගෝලීය ප්‍රේක්ෂකාගාරයේ ඉමහත් සම්භාවනාවට හා විචාරක පාර්ශ්වයේ ඉමහත් ඇගයීමට පාත්‍ර වූ සම්මානනීය ඉරාක චිත්‍රපටයකි,...

“මම ඉරාන සිනමාකරුවෙක්, මට නිර්මාණ කළ හැක්කේ මගේ පස මත සිටයි”

ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂ ජෆාර් පනාහි ජාත්‍යන්තර සම්මාන ප්‍රචාරක ව්‍යාපාරයක් සඳහා විදේශගත වීමෙන් පසු යළි ඉරානයට පැමිණි බව ජාත්‍යන්තර...

කියුබාවේ ගෙල සිර කිරීම

ලෝකය තුල මේ වනවිට සංවාදයට ලක්ව ඇත්තේ ඉරානයට එරෙහිව ඇමරිකාව දියත් කොට තිබෙන යුද්ධය පිලිබඳවය. මෙය විවෘත, සාහසික...