ඇමෙරිකාව කියන ට්‍රම්ප් – ආරුගම්බේ සැකකරු ෂකේරි ලංකාවේ බන්ධනාගාරයෙන් නිදහස් වුණේ නාකොටික් වරදින් !

Share post:

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුවක් බාරදීම මෙන්ම ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කිරීමේ මෙහෙයුම බාරව සිටි පුද්ගලයා ලෙස ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරන ලද ෆර්හාඩ් ෂකේරි ලංකාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු නිදහස් වී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වරද නිසා බව අනාවරණය වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් 2019 වසරේදී ෂකේරි අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ බවත්, ඉන්පසු ඔහු කොළඹ, මැගසින් බන්ධනාගාරයේ එච් වාට්ටුවේ රඳවා සිට ඇති බවත් පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. ඊශ්‍රායල් ජාතිකයන්ට බලපෑමක් එල්ල කිරීමේ සැලසුම සම්බන්ධයෙන් දැනට අපරාධ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන මාලදිවයින් ජාතිකයා ද මේ කාලයේදී ෂකේරි සමග එච් වාට්ටුවේ රිමාන්ඩ් කර තිබූ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
2020 අප්‍රේල් 01 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ලංකාවේ වෙරළට නාවික සැතපුම් 548කට වැඩි දුරකදී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී ඉරාන ජාතිකයන් 07 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර ෆර්හාඩ් ෂකේරි ද සිට ඇති අතර, ඔවුන් සමග මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 316ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මේ පිරිස සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සාක්ෂි පරස්පර වීම හේතුවෙන් ඔවුන්ට ඇප ලැබී තිබේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එහිදී නීතියට අනුව නිවැරදිව කටයුතු කළේ නම්, ෂකේරි ඇතුළු පිරිස වරදකරුවන් වන බවයි.

(මේ පිළිබඳව ඇමෙරිකාවේ එෆ්බීඅයි ආයතනය අධිකරණයට වාර්තා කළ කරුණු පිළිබඳ සම්පූර්ණ ලිපියක් බලාපොරොත්තු වන්න.)

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...