පාස්කු ප්‍රහාරය – චැනල් 4 අනාවරණය ගැන විමර්ශන අරඹයි : අංක එක පිල්ලෙයාන් !

Share post:

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තුවාන් සුරේෂ් සලේ සම්බන්ධ බවට චැනල් ෆෝ නාලිකාවේ වැඩසටහනකින් කළ අනාවරණය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි අද (11) එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. මෙම විමර්ශනයට අදාළ ව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අසාත් මවුලානා මීට පෙර පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබුණේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කළ හෙළිදරව්වේ කරුණු දැක්වූ අසාත් මවුලානාගේ ප්‍රකාශය ගැන ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙසයි. මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කර තිබූ මෙම පැමිණිල්ල අම අමාත්‍යංශය විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමු කිරීමෙන් පසු ඒ ගැන විමර්ශනයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තවේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

චැනල් ෆෝ නාලිකාවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධකමක් ඇතැයි අනාවරණය කළ තුවාන් සුරේෂ් සලේ මහතා 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පත් කළ අතර රොහාන් සිල්වා පියතුමාගේ පැමිණිල්ලෙන් පසු ජනාධිපතිවරයා විසින් ඔහු ඉවත් කර වෙනත් නිලධාරියකු එම තනතුරට පත් කරනු ලැබිණි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...