පාස්කු ප්‍රහාරය – චැනල් 4 අනාවරණය ගැන විමර්ශන අරඹයි : අංක එක පිල්ලෙයාන් !

Share post:

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තුවාන් සුරේෂ් සලේ සම්බන්ධ බවට චැනල් ෆෝ නාලිකාවේ වැඩසටහනකින් කළ අනාවරණය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි අද (11) එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. මෙම විමර්ශනයට අදාළ ව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අසාත් මවුලානා මීට පෙර පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබුණේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කළ හෙළිදරව්වේ කරුණු දැක්වූ අසාත් මවුලානාගේ ප්‍රකාශය ගැන ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙසයි. මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කර තිබූ මෙම පැමිණිල්ල අම අමාත්‍යංශය විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමු කිරීමෙන් පසු ඒ ගැන විමර්ශනයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තවේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

චැනල් ෆෝ නාලිකාවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධකමක් ඇතැයි අනාවරණය කළ තුවාන් සුරේෂ් සලේ මහතා 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පත් කළ අතර රොහාන් සිල්වා පියතුමාගේ පැමිණිල්ලෙන් පසු ජනාධිපතිවරයා විසින් ඔහු ඉවත් කර වෙනත් නිලධාරියකු එම තනතුරට පත් කරනු ලැබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...