දෛවයේ සරදම

Share post:

2011 අප්‍රේල් මස 30 දායි. ස්ථානය ඇමෙරිකාවේ ධවල මන්දිරය යි.
එදින ජනපති බරක් ඔබාමා විසින් ධවල මන්දිර නියෝජිතයන්, ප්‍රභූන් සහ සිය සගයන් උදෙසා සංවිධානය කළ රාත්‍රී සාදයකි.
ඊට රටේ බලවත්ම ප්‍රභූන්, දේශපාලකයන්, කලාකරුවන් සහ ධනවතුන් සහභාගී වී සිටියහ.
සිය කතාව අවසානයේ ජනපති ඔබාමා කළේ කිසිවෙකුත් නොසිතූ වැඩකි.
ඔහු එම සාදයට සහභාගී වී සිටි එක් පුද්ගලයෙකු තනිව ඉලක්ක කළේ ය. සභාව ඉදිරියේ එම පුද්ගලයා උපහාසයට ලක් කළේය.
ඔබාමා ගේ තියුණු උපහාසය සමග සභාව ම සිනා සයුරක ය.
සිය බිරිඳ සමග උපහාසයට ලක් වූ ව්‍යාපාරිකයා අපහසුවෙන් මෙන් සිටියි. ඔහුගේ මුහුණ රත් පැහැ ගැන්වී ඇත. සියලූම දෙනා ඔහු දෙස බලමින් සිනාසෙයි.
ඔබාමා ඉලක්ක කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් නැමැති බිලියනපති ව්‍යාපාරිකයායි.
ඉන්පෙර විශාල ව්‍යාපාරයක් ගොඩනගා, විනෝදකාමී චරිතයක් ලෙස ප්‍රසිද්ධ ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනි වැඩසටහන් කිහිපයක ඔබාමා විවේචනය කර තිබුණි.
ඔබාමා කොතරම් “ඇමෙරිකන්” දැයි මේ සුදු ජාතික ව්‍යාපාරිකයා ප්‍රශ්න කර තිබුණි. ඔහු ඔබාමාගේ ජන්මය ප්‍රශ්න කර තිබුණි.
මේ ඊට ඔබාමා ලබා දුන් පිළිතුරයි. රටේ බලවත්ම ප්‍රභූන් ඉදිරියේ පුද්ගලිකවම උපහාසයට ලක් කිරීමයි.
තමන් සිදු කළ උපහාසය ඇමෙරිකානු ඉතිහාසය සහ තමන්ගේ අනාගතය වෙනස් කිරීමට සමත් වෙතැයි බරක් ඔබාමා කිසිදින නොසිතන්නට ඇත.
නමුත් කිසිදිනෙක දේශපාලනයට ප්‍රවිශ්ට වීමට අදහසක් නොතිබූ, විනෝදකාමී, ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලනයට පිවිසීමට අදහස් කර ගත්තේ එම රාත්‍රියේයි.
ඔහු ඊට තෝරාගත්තේ ඔබාමා ට විරුද්ධ රිපබ්ලිකන් පක්ෂයයි.
වසර පහකට පසුව ඔබාමා විසින් සහය දුන්, ඔබාමා ගේ ආරක්ෂක ලේකම්වරිය ජනපති මැතිවරණයෙන් පරාජය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බිරිඳ ද සමග ධවල මන්දිරයට පැමිණියේය.
සම්ප්‍රදායානුකූලව ඔහු පිළිගෙන, ඔහුට ධවල මන්දිරය භාර කළේ හිටපු ජනපති බරක් ඔබාමා විසිනි.
එදා සභාවක් ඉදිරියේ අපහාස කළ ට්‍රම්ප් ට, ධවල මන්දිරය භාර කිරීම ඔබාමා ට සිදුවීම දෛවයේ සරදමකි.
ඉන් වසර හතරකට පසු 2020 වසරේ දි විශාල සුලු ජාතික අයිතිවාසිකම් පිළිබඳ සටනක් දියත් කිරීමට ඔබාමා ලාට හැකි විය.
ඊට කවදත් විප්ලවකාරී තරුණ පිරිස් ද එකතු විය.
එම සටනින් අනතුරුව ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමට ද ඔබාමා ඇතුලු පිරිස සමත් විය.
ඉන්පසුව ට්‍රම්ප් උදෙසා දැවැන්ත මර්ධනයක් සහ නියාමනයක් දියත් කිරීමට ඔබාමා නියෝජනය කළ කඳවුර සමත් විය.
නමුත් ඒ සියල්ල පරාජය කරමින් ඇමෙරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම ජනාධිපතිවරණ ජයග්‍රහණය වාර්තා කරමින්, යළි ධවල මන්දිරයට තේරී පත් වීමට ට්‍රම්ප් ට හැකි විය.
මෙවර ද ඔහු පරාජය කළේ බරක් ඔබාමා විසින් මෙහෙය වූ, ඔබාමා ගේ කඳවුරේ අපේක්ෂිකාවයි.
කලෙක ජනමාධ්‍ය විසින් ඉහළම තැනක ස්ථානගත කළ, ගෝලියවාදයේ නියෝජිතයා සහ පසුගිය වසර හතරේ පවා ඇමෙරිකානු රජයේ ඉහළම තීරණ ලබා ගත් බරක් ඔබාමා ට මෙවර ට්‍රම්ප් ඉදිරියේ අත්වූයේ අන්ත පරාජයකි.
ජනාධිපතිවරණයේ මුහුණ කමලා වූවත්, එහි පසුපස තීරකයා දෙවරක් ජනපති ධූරය දරා 2016 වසරේ දී ධූරයෙන් සමුගත් බරක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ ය.
ජෝ බයිඩන් පාලනයේ කරළිය පසුපස නියමුවා ඔහු විය. කමලා හැරිස් ගේ ප්‍රචාරණ ව්‍යාපෘතියේ ප්‍රධානියා ඔහු විය.
මේ මොහොතේ ඇමෙරිකානුවන් ඔබාමා දැඩිව විවේචනය කරමින් සිටියි. ඔහුගේ යුදකාමී ප්‍රතිපත්ති මතුකරමින් සහ තවමත් බලය අත්නොහැරීමට සුදානම් වීම මතුකරමින් ඇමෙරිකානුවන් පවසන්නේ ඔහු ඒකාධිපතියෙකු බවයි.
මේ ඔබාමා ගේ කඳවුරේ මාධ්‍ය විසින් ට්‍රම්ප් ස්ථානගත කිරීමට උත්සාහ ගත කළ තැනයි. අද ඔබාමා එතැනට ඇද වැටී තිබේ.
ඔබ නිහතමානි විය යුත්තේ ඉහළම සහ බලවත්ම ස්ථානයේ සිටියදීයි.
මන්ද ලෝකය කැරකෙයි. එය සෑම විටම කැරකෙනු ඇත. අද ඔබ සිටිනා තැන හෙට තවකෙකු සිටිනු ඇත.
ට්‍රම්ප්ගෙන් සහ ඔබාමාගෙන් උගත හැකි පාඩම එයයි.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...