‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025’ අත්පිටපත් භාර ගැනීම

Share post:

”විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ දෙවන අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම අද (2024 නොවැම්බර් 01) සිට 2025 වසරේ මාර්තු 31 දින දක්වා සිදු කෙරේ.

නවකතා
කෙටිකතා සංග්‍රහ
කාව්‍ය සංග්‍රහ
පරිවර්තන (ඉංග්‍රීසි)
පරිවර්තන (සිංහල)

ශ්‍රී ලාංකේය පුරවැසි, ආධුනික, ප්‍රවීණ ඕනෑම ලේඛක ලේඛිකාවකට මේ සඳහා නිර්මාණ අත්පිටපත් ඉදිරිපත් කළ හැකිය.
ඉදිරිපත් කරන සෑම නිර්මාණයක්ම පරිගණක යතුරු ලියනය කළ ඒවා විය යුතු විය යුතු මෙන්ම, මුල් පිටපත් නොවිය යුතුය. අත්පිටපත් නැවත නිර්මාණකරුවන් වෙත භාර දීමට සංවිධායකයන් බැඳී නොසිටී.

කෙටිකතා හා කාව්‍ය ‘සංග්‍රහ’ තරගය සඳහා භාර ගැනේ. කාව්‍ය අංශය සඳහා ආඛ්‍යාන කාව්‍ය සළකා නොබැලේ.
පරිවර්තන (ඉංග්‍රීසි) අංශය වෙනුවෙන් ඉදිරිපත් කළ හැක්කේ මින් පෙර සිංහල භාෂාවෙන් පළවූ නවකතා, කෙටිකතා හෝ කාව්‍ය කෘතියක පරිවර්තන අත්පිටපත් පමණි. එම පරිවර්තනය වෙනුවෙන් අදාල මුල් කෘතියේ අයිතිය හිමි පාර්ශවය වෙතින් ලබාගත් නිළ අවසර ලිපියක්ද අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.

පරිවර්තන (සිංහල) අංශය සඳහා වෙනත් ඕනෑම භාෂාවකින් සිංහල බසට පරිවර්තනය කරන ලද නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ සළකා බැලේ. අදාල නිර්මාණයන් හී ප්‍රකාශන අයිතිය ලබා ගැනීම ඉදිරියේදී එකී නිර්මාණය මුද්‍රණයෙන් ප්‍රකාශනයට පත් කරන ප්‍රකාශන ආයතනය විසින් සිදු කළ යුතුය. ඒ සඳහා ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ සංවිධාන කමිටුවේ මැදිහත්වීමක් නැත.

‘විදර්ශන ප්‍රකාශන’ ආයතනයේ සංකල්පයකට අනුව ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ සංවිධානය වෙයි. එහෙත් එය ‘විදර්ශන ප්‍රකාශන’ ආයතනයෙන් පූර්ණ ස්වාධීන ව්‍යුහයක් වන අතර සාහිත්‍ය නිර්මාණ ඇගයුම් කෙරෙහි අදහස්මය හෝ එබඳු ආකාරයේ වෙනත් කිසිදු මැදිහත් වීමක් සංවිධායකයින්ගෙන් සිදු නොවේ. එහිදී ආයතනයෙන් ඉටු කෙරන්නේ හුදු පහසුකම් සැපයීමේ සහ සම්බන්ධීකාරක භූමිකාව පමණය.

සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත ඇගැයුම් මණ්ඩල පහක් විසින් අත්පිටපත් ඇගැයුමට ලක් කෙරෙන අතර, දීර්ඝ වටය සඳහා පහකට (5) නොඅඩු, හතකට නොවැඩි (7) අත්පිටපත් නම් කිරීම හා අවසන් වටය සඳහා අත්පිටපත් තුන (3) බැගින් නම් කිරීම 2025 අගෝස්තු මස මුල් දෙසතිය තුළදී සිදුවේ.
2025 අගෝස්තු 31 දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හී දී විශේෂ ආරාධිතයන් 300 ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජය මූර්ති ප්‍රධාන උත්සවයේදී ජයග්‍රාහී අත්පිටපත් වෙනුවෙන් ‘විදර්ශන සාහිත්‍ය ජය මූර්තිකාව’ සමඟ රු.150,000/- ක් වටිනා මුදල් ත්‍යාග එක් එක් ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනැමේ.
අවසන් වටය සඳහා නිර්දේශිත වූ අනෙකුත් ලේඛක ලේඛිකාවන් උදෙසා රු. 50,000/- ක් වටිනා මුදල් ත්‍යාග හා ජය ඵලක හිමිවේ.

ජය මූර්ති ප්‍රධාන උත්සවය අවසන් වී දිනකට පසුව එක් එක් ඇගැයුම් මණ්ඩල විසින් අදාල තෝරාගැනීම් වෙනුවෙන් වන ඇගැයුම් මණ්ඩල වාර්ථා www.vidarshanalitprize.com වෙබ් අඩවිය තුළ හා සමාජ මාධ්‍යයන්හී පළ කෙරේ.

ජයග්‍රාහී සියලු අත්පිටපත් හා අවසන් වටය සඳහා නිර්දේශිත අත්පිටපත් සැප්තැම්බර් මාසය තුළදී මුද්‍රණයෙන් ප්‍රකාශනයට පත් කිරීමට එම කතුවර කතුවරියන් විසින් තෝරා ගන්නා ප්‍රකාශන ආයතන සමඟ අවශ්‍ය සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට සංවිධායකයන් උපරිමයෙන් කටයුතු කරනු ඇත.
එක් අංශයකින් ජයග්‍රහණය ලබන ලේඛක ලේඛිකාවන්ට වසර 5ක් ඉක්මවන තෙක් යළිත් එම අංශයෙන්ම ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ සඳහා අත්පිටපත් ඉදිරිපත් කළ නොහැකිය.

ජයග්‍රාහී නවකතා, කෙටිකතා හා කාව්‍ය අත්පිටපත් මාස කිහිපයක් තුළ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමටද සංවිධායකයන් සියලු කටයුතු සංවිධානය කර ඇත.

ජයග්‍රාහී අත්පිටපත් අදාළ ලේඛක ලේඛිකාවන්ට තමන්ගේ අභිමතය පරිදි ඕනෑම ප්‍රකාශන ආයතනයක් මගින් කෘතියක් ලෙස පළ කළ හැකිය.
ඒ සඳහා සංවිධායකයන්ගේ කිසිදු බලපෑමක් නැත.

වැඩි විස්තර සඳහා :

වෙබ් : www.vidarshanalitprize.com
දුරකථන : 0112765024
වට්සැප් : 0703771343
ඊමේල් : [email protected]

‘2025 විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ ඇගැයුම් මණ්ඩල සාමාජික සාමාජිකාවන් පහත ඡායාරූප වලින් දක්වා ඇත.

Related articles

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව විද්‍යාල සම්ප්‍රදාය තුළ පමණක් නොව ඊටත් වඩා ඉන් පරිබාහිරවත්...

2025 මුල් මාස 4ට ආණ්ඩුවෙන් හදපු අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදල් බිමල්ගේ අමාත්‍යංශයට !

2025 මුල් මාස 4 සඳහා රජයේ අතුරු සම්මත ගිණුමෙන් පෙන්නුම් කරන්නේ, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය ණය සේවාකරණය...

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බලගන්වන IIHS ආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ !

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි,...

තරුණ පරපුර බලගැන්වීමට IIHS ආයතනය Young Entrepreneurs Hub දියත් කරයි !

ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ අනාගතය නව මාවතකට යොමු කිරීමේ අරමුණෙන් Institute of Health Sciences (IIHS) තරුණ ව්‍යවසායකයන්ගේ එකමුතුව (Young...