චන්දික හතුරුසිංහ ඉවත් කළා – ශකීබ් අල් හසන් රටෙනුත් නෙරපුවා

Share post:

බංග්ලාදේශ රසිකයන්ට සහ ඔවුන්ගේ නව ක්‍රිකට් පාලනාධිකාරියට අනුව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ පුහුණුකරු චන්දික හතුරුසිංහ.
ඔවුන්ට අනුව හතුරුසිංහ ට වඩා ක්‍රිකට් සහ පුද්ගල කළමණාකරනය දන්නා පුහුණුකරුවන් ඔවුන්ගේ පළමු පෙළ සිටිනවා.
හතුරුසිංහ නොවන්නට බංග්ලාදේශය ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ ඉහළට ගිහින්.
ඒ අනුව ඔවුන් චන්දික හතුරුසිංහ ඉවත් කළා.
ශෙයික් හසීනා පාලනයට හිතවත් යැයි චෝදනා කරමින් ශකීබ් අල් හසන් ද කණ්ඩායමෙන් සහ රටෙන් නෙරපුවා.
නව බංග්ලාදේශය යටතේ ඔවුන් ක්‍රීඩා කළ පළමු තරගාවලිය ස්වල්ප මොහොතකට පෙර අවසන් වුණා.
ඒ දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියයි.
හතුරුසිංහ යටතේ බංග්ලාදේශය සිය මව්රටේ දී ප්‍රබල කණ්ඩායම් ගණනාවක්ම පරාජය කළා.
දශක දෙකක් පැරණි බංග්ලාදේශ ටෙස්ට් වංශකතාවේ මුල්ම වරට ඇතැම් කණ්ඩායම් පරාජය කළේ ද හතුරුසිංහ යටතේයි.
මීර්පූර් සහ චිතගොං තනතීරු වල ඔවුන් පරාජය කළ නොහැකි කණ්ඩායමක් යැයි කීර්ති නාමයක් ද දිනා සිටියා.
මීර්පූර් හි පැවැති තරගාවලියේ මුල්ම තරගය දකුණු අප්‍රිකාව කඩුලු හතකින් ජය ගත්තා.
දෙවැනි තරගය අද අවසන් වුණා.
එහිදි දකුණු අප්‍රිකාව ඉනිමක සහ ලකුණු 273 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගත්තා.
ඒ දකුණු අප්‍රිකානු ටෙස්ට් ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණයයි.
මුල්ම ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කඩුලු හයකට ලකුණු 575 ක් ලබාගෙන ඉනිම අත්හිටවූවා.
බංග්ලාදේශ මුල්ම ඉනිම ලකුණු 159 යි. දෙවන ඉනිමට ලකුණු 143 යි.
ඒ අනුව ඔවුන් සිය මව්බිමේ දීම 2-0 ක් ලෙස තරගාවලිය පරාජය වුණා.

ඉරේෂාන් සිරිවර්ධන

2024.10.31

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...