චන්දික හතුරුසිංහ ඉවත් කළා – ශකීබ් අල් හසන් රටෙනුත් නෙරපුවා

Share post:

බංග්ලාදේශ රසිකයන්ට සහ ඔවුන්ගේ නව ක්‍රිකට් පාලනාධිකාරියට අනුව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ පුහුණුකරු චන්දික හතුරුසිංහ.
ඔවුන්ට අනුව හතුරුසිංහ ට වඩා ක්‍රිකට් සහ පුද්ගල කළමණාකරනය දන්නා පුහුණුකරුවන් ඔවුන්ගේ පළමු පෙළ සිටිනවා.
හතුරුසිංහ නොවන්නට බංග්ලාදේශය ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ ඉහළට ගිහින්.
ඒ අනුව ඔවුන් චන්දික හතුරුසිංහ ඉවත් කළා.
ශෙයික් හසීනා පාලනයට හිතවත් යැයි චෝදනා කරමින් ශකීබ් අල් හසන් ද කණ්ඩායමෙන් සහ රටෙන් නෙරපුවා.
නව බංග්ලාදේශය යටතේ ඔවුන් ක්‍රීඩා කළ පළමු තරගාවලිය ස්වල්ප මොහොතකට පෙර අවසන් වුණා.
ඒ දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියයි.
හතුරුසිංහ යටතේ බංග්ලාදේශය සිය මව්රටේ දී ප්‍රබල කණ්ඩායම් ගණනාවක්ම පරාජය කළා.
දශක දෙකක් පැරණි බංග්ලාදේශ ටෙස්ට් වංශකතාවේ මුල්ම වරට ඇතැම් කණ්ඩායම් පරාජය කළේ ද හතුරුසිංහ යටතේයි.
මීර්පූර් සහ චිතගොං තනතීරු වල ඔවුන් පරාජය කළ නොහැකි කණ්ඩායමක් යැයි කීර්ති නාමයක් ද දිනා සිටියා.
මීර්පූර් හි පැවැති තරගාවලියේ මුල්ම තරගය දකුණු අප්‍රිකාව කඩුලු හතකින් ජය ගත්තා.
දෙවැනි තරගය අද අවසන් වුණා.
එහිදි දකුණු අප්‍රිකාව ඉනිමක සහ ලකුණු 273 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගත්තා.
ඒ දකුණු අප්‍රිකානු ටෙස්ට් ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණයයි.
මුල්ම ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කඩුලු හයකට ලකුණු 575 ක් ලබාගෙන ඉනිම අත්හිටවූවා.
බංග්ලාදේශ මුල්ම ඉනිම ලකුණු 159 යි. දෙවන ඉනිමට ලකුණු 143 යි.
ඒ අනුව ඔවුන් සිය මව්බිමේ දීම 2-0 ක් ලෙස තරගාවලිය පරාජය වුණා.

ඉරේෂාන් සිරිවර්ධන

2024.10.31

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...