අවුරුදු 46ක් ම රජයේ නිල නිවාසයක හිටපු එජාප ඇමැති : කව්රුවත් එපා කිව්වෙ නෑ – පී. දයාරත්න

Share post:

වසර 46කට අධික කාලයක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අම්පාර දීඝගාමිණී මාවතේ රජයේ නිවාසයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයකු වන පී. දයාරත්න එම නිවාසය ඊයේ (31) දින අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදීමට කටයුතු කර ඇත.

‘1977 එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර ආසනය සඳහා පාර්ලිමේන්තුවට තේරී පත්වූ පී. දයාරත්න සිය දේශපාලන කටයුතු සඳහා අඛණ්ඩව මෙම නිවාසය පාවිච්චි කර ඇති අතර, 2015 වසරේ දී පාර්ලිමේන්තු අසුන පරාජයවීමෙන් පසුවත් එවකට පැවති ආණ්ඩුවල අවසර මත මෙම නිවාසයේ රැඳී සිට තිබේ.

වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු‍දෙනාටම ඔවුන් පරිහරණය කළ රජයේ නිවාස ආපසු භාරදීමට සිදුවූ අතර, ඒ අනුව මෙම නිවාසය නැවත ලබාගැනීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...