සීෂෙල්ස් නව නීතිපති ධුරයට ශ්‍රී ලාංකික නීතිඥයෙක් !

Share post:

ශ්‍රී ලාංකික නීතිඥයකු වන වින්සන්ට් පෙරේරා සීෂෙල්ස් රාජ්‍යයේ නව නීතිපතිවරයා වශයෙන් දිවුරුම් දෙයි.
අද (16) ඔහු එරට රාජ්‍ය මන්දිරයේදී දිවුරුම් දී ඇත.

ලංකාවේ උපන් නීතිඥයකු වන පෙරේරා මහතා, මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ද වෘත්තීය කටයුතු සිදු කර තිබේ. ඉන්පසු ෆිජී රාජ්‍යයේ නීතිඥයකු වශයෙන් සහ එරට සොලිසිටර් ජනරාල් තනතුරේ ද ඔහු කටයුතු කර ඇත. සිංගප්පූරුවේ සමථකරණ මධ්‍යස්ථානයේ පිළිගත් මැදිහත්කරු තනතුර ද පෙරේරා මහතා දරා තිබේ.

නීතිපති ධුරයට පත්වීමට පෙර ඔහු, සීෂෙල්ස් නීතිපති දෙපාර්තමේන්තුවේ සිවිල් නඩු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. නීතිපති ධුරයට පත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ වින්සන්ට් පෙරේරා පැවසුවේ සීෂෙල්ස් නම් සුන්දර රාජ්‍යයේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට තමන් සහ තම කණ්ඩායම එක්ව උපරිමයෙන් කැපවන බවයි. එසේ ම තමන්ගේ අත්දැකීම් මගින් සීෂෙල්ස්හි නඩු පැවරීමේ ක්‍රියාවලියේ වෙනස්ක ම්කිහිපයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

2017 ඔක්තෝබර් මාසයේ සිට සීෂෙල්ස් නීතිපති ධුරයේ කටයුතු කළ ෆ්‍රෑන්ක් ඇලීගෙන් පසු වසර 04ක ධුර කාලයක් සඳහා නීතිඥ වින්සන්ට් පෙරේරා මේ තනතුරට පත්කර තිබේ.

Related articles

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...

මේ හෙමින් යන ගමනක්… පියවරෙන් පියවර යන දිගු ගමනක්

ඇමරිකා එක්සත් ජනපද විශ්ව විද්‍යාල හෙවත් කොලීජි අතර පැවැත්වෙන ගෘහස්ත මලල ක්‍රීඩා තරඟාවලි මේ දිනවල ඇරඹෙනවා.ආර්කන්සාස්.. ජෝර්ජියා.. කෙන්ටකි.....