සීෂෙල්ස් නව නීතිපති ධුරයට ශ්‍රී ලාංකික නීතිඥයෙක් !

Share post:

ශ්‍රී ලාංකික නීතිඥයකු වන වින්සන්ට් පෙරේරා සීෂෙල්ස් රාජ්‍යයේ නව නීතිපතිවරයා වශයෙන් දිවුරුම් දෙයි.
අද (16) ඔහු එරට රාජ්‍ය මන්දිරයේදී දිවුරුම් දී ඇත.

ලංකාවේ උපන් නීතිඥයකු වන පෙරේරා මහතා, මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ද වෘත්තීය කටයුතු සිදු කර තිබේ. ඉන්පසු ෆිජී රාජ්‍යයේ නීතිඥයකු වශයෙන් සහ එරට සොලිසිටර් ජනරාල් තනතුරේ ද ඔහු කටයුතු කර ඇත. සිංගප්පූරුවේ සමථකරණ මධ්‍යස්ථානයේ පිළිගත් මැදිහත්කරු තනතුර ද පෙරේරා මහතා දරා තිබේ.

නීතිපති ධුරයට පත්වීමට පෙර ඔහු, සීෂෙල්ස් නීතිපති දෙපාර්තමේන්තුවේ සිවිල් නඩු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. නීතිපති ධුරයට පත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ වින්සන්ට් පෙරේරා පැවසුවේ සීෂෙල්ස් නම් සුන්දර රාජ්‍යයේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට තමන් සහ තම කණ්ඩායම එක්ව උපරිමයෙන් කැපවන බවයි. එසේ ම තමන්ගේ අත්දැකීම් මගින් සීෂෙල්ස්හි නඩු පැවරීමේ ක්‍රියාවලියේ වෙනස්ක ම්කිහිපයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

2017 ඔක්තෝබර් මාසයේ සිට සීෂෙල්ස් නීතිපති ධුරයේ කටයුතු කළ ෆ්‍රෑන්ක් ඇලීගෙන් පසු වසර 04ක ධුර කාලයක් සඳහා නීතිඥ වින්සන්ට් පෙරේරා මේ තනතුරට පත්කර තිබේ.

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...