හිටපු ඇමැති කංචනගේ අළු ගිවිසුම දිගටම ගියොත් රජයට කෝටි 624ක පාඩුවක් : නඩුව නිසා අපි හිරවෙලා – විදුලිබල මණ්ඩලය

Share post:

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දහනය වන අළු විකිණීමේ කොන්ත්‍රාත්තුව හිටපු ඇමැති කංචන විජේසේකර අත්සන් කර ඇති ආකාරයෙන්ම පවත්වාගෙන යෑමෙන් රුපියල් කෝටි 624ක පාඩුවක් (රු. 6,240,000,000) රජයට සිදු වන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

මේ අළු ටොන් එකක් මීට පෙර අලෙවි කර ඇත්තේ රුපියල් 13,300 බැගින් ය. පසුගිය ඔක්තෝබර් 01දා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව කොන්ත්‍රාත්තුවට අනුව මේ අළු ටොන් එකක් රුපියල් 2,900 බැගින් අලෙවි කිරීමට නියමිත ය. ඒ අනුව ටොන් එකකින් රුපියල් 10,400ක පාඩුවක් ලබන අතර, මාසයකට ගල් අඟුරු දහනයෙන් අළු ටොන් 25,000කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය වේ. වසර 02ක් සඳහා මේ කොන්ත්‍රාත්තුව අත්සන් කර ඇත. එනම් රජය මාසිකව ලබන පාඩුව, මාසික අළු නිෂ්පාදනයෙන් වැඩි කර, එය වසර 02ට අදාළ වන පරිදි මාස 24න් වැඩි කළ විට සමස්ත පාඩුව ලෙස රුපියල් කෝටි 624ක් සටහන් වේ.

සිමෙන්ති නිෂ්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ද, විශාල ගොඩනැගිලි ඉදිකිරීමට භාවිත කරන සැහැල්ලු බ්ලොක් ගල් සඳහා සහ වෙනත් නිෂ්පාදන සඳහා ද මේ අළු යොදාගැනේ. නොරොච්චෝලේ බලාගාර ඉංජිනේරුවන් ප්‍රමුඛ තාක්ෂණ අංශයේ සේවකයන් සඳහන් කරන්නේ මෙය බරපතළ ගැටලුවක් බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට අදාළ කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට මූලික වූ හිටපු විදුලිබල ඇමැති කංචන විජේසේකර සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද, ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා එය අසාර්ථක විය.

විදුලිබල මණ්ඩලය පාර්ශ්වයෙන් මේ පිළිබඳව කළ විමසීමේදී පැවසුවේ මේ කොන්ත්‍රාත්තුව පිළිබඳ නඩුවක් විභාග වන බවත්, එය ලබන 15 වැනිදා විභාගයට ගන්නා බවත් ය. එම නිසා දැනට අදාළ කොන්ත්‍රාත්තුවට මැදිහත්වීමේ හැකියාවක් නැති බව ද ඔවුහු පෙන්වා දෙති. 2023 අප්‍රේල් 04 වැනිදා මීට අදාළ පළමු ටෙන්ඩර් කැඳවීම සිදු කර ඇත. ඉන්පසු නැවතත් 2024 මැයි 15 වැනිදා මීට අදාළ ව ටෙන්ඩර් කැඳවා ඇති අතර, එහිදී රජයට පාඩු සිදු වන ලෙස අදාළ මිල ගණන් සංශෝධනය කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...