කුමන්ත්‍රණ කිරීමට ගිය වීඩියෝ ශිල්පි පොලිස් පරීක්ෂක සීඅයිඩියෙන් මාරු කරයි !

Share post:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව කුමන්ත්‍රණකාරී ලෙස කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ගොනු කිරීම සහ දුම්රියේ ගමන් කළ කාන්තාවකගේ පිටුපස ප්‍රදේශය වීඩියෝ කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ආරම්භ කර ඇති විමර්ශන 02ක් හේතුවෙන් ඔහුට මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දුක සිල්වා විසින් පසුගිය සතියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ හෙළිදරව් කිරීම් සිදු කළ මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට එරෙහිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ ඇතැම් වැරදි උපුටා දක්වමින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. එමෙන්ම එම වාර්තා මත පදනම් වී තරිඳූ ජයවර්ධනට එරෙහිව පියවර ගැනීමට ද එම පොලිස් පරීක්ෂකවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.

මෙසේ අධිකරණයට කරුණු වාර්තා කර කුමන්ත්‍රණකාරීව තමන් ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පසුගිය 11දා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

කෙසේ වෙතත් ඉන්දුක සිල්වා තරිඳු ජයවර්ධනට එරෙහිව කරුණු වාර්තා කරමින් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් නොකර බව සෘජුව පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කරුණු අනාවරණය වී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...