කුමන්ත්‍රණ කිරීමට ගිය වීඩියෝ ශිල්පි පොලිස් පරීක්ෂක සීඅයිඩියෙන් මාරු කරයි !

Share post:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව කුමන්ත්‍රණකාරී ලෙස කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ගොනු කිරීම සහ දුම්රියේ ගමන් කළ කාන්තාවකගේ පිටුපස ප්‍රදේශය වීඩියෝ කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ආරම්භ කර ඇති විමර්ශන 02ක් හේතුවෙන් ඔහුට මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දුක සිල්වා විසින් පසුගිය සතියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ හෙළිදරව් කිරීම් සිදු කළ මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට එරෙහිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ ඇතැම් වැරදි උපුටා දක්වමින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. එමෙන්ම එම වාර්තා මත පදනම් වී තරිඳූ ජයවර්ධනට එරෙහිව පියවර ගැනීමට ද එම පොලිස් පරීක්ෂකවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.

මෙසේ අධිකරණයට කරුණු වාර්තා කර කුමන්ත්‍රණකාරීව තමන් ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පසුගිය 11දා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

කෙසේ වෙතත් ඉන්දුක සිල්වා තරිඳු ජයවර්ධනට එරෙහිව කරුණු වාර්තා කරමින් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් නොකර බව සෘජුව පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කරුණු අනාවරණය වී තිබේ.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...