සමානතා සහිත ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්

Share post:

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පළමු T20 තරගය අද ආරම්භ වෙනවා.
බොහෝවිට ශ්‍රී ලංකා රසිකයන්ගේ දෙවැනි ප්‍රියතම කණ්ඩායම වන්නේ එක්කෝ කොදෙව්වන්, නැතහොත් කිවියන්.
එයට මේ රටවල මිත්‍රශීලි ආකල්ප සහ ක්‍රීඩාශීලිත්වය ප්‍රධාන හේතුවක්. විශේෂයෙන්ම මෑත කාලීන කොදෙව්වන් ක්‍රිකට් ක්‍රීඩාව වින්දනය කරන කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධයි.
ඔවුන් කිසිඳු කණ්ඩායමක් සමග එදිරිවාදිකමක් නඩත්තු කරන්නේ නැහැ. එනමුත් ඔවුන්ගේ දිනයේ දී ඔවුන්ට සම්මුඛ වන ඕනෑම කණ්ඩායමකට ඉතා ඛේදජනක ඉරණමක් උරුම කර දිය හැකි ජවයක් කොදෙව්වන් සතුයි.
ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර බොහෝ සමානකම් ද පවතිනවා.
රටවල් ද්විත්වයටම ක්‍රිකට් ක්‍රීඩාව දික්විජය කළ ඓතිහාසික අතීතයක් තිබෙනවා. කණ්ඩායම් දෙකම වර්තමානයේ පවතින්නේ තරමක කඩාවැටීමක.
නමුත් එම රටවල පවතින ක්‍රිකට් සංස්කෘතිය නිසා තවමත් ලෝක පූජිත මට්ටමේ දක්ෂ ක්‍රීඩකයන් රටවල් ද්විත්වයෙන්ම බිහි වෙනවා.
කොදෙව්වන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ද ක්‍රීඩකයන්ගේ විනය ගැටළු හා කැපවීමේ ගැටළු වලින් පීඩා විඳිනවා.
රටවල් ද්විත්වයම තමන්ට අනූන ක්‍රිකට් සංස්කෘතියක් හෙබි දූපත්. කොදෙව්වන් නම් දූපත් සමූහයක එකතුවක් ලෙස නිවැරදි විය යුතුයි.
රටවල් ද්විත්වයම ක්‍රිකට් ක්‍රීඩාව වැළඳ ගන්නේ යටත් විජිතකරණයේ බලපෑමෙන්. පසුව කොදෙව්වන් සිය යටත් විජිත ස්වාමීන්ට රිදවීමට ක්‍රිකට් ක්‍රීඩාව භාවිතා කළා.
කලෙක ක්‍රිකට් ලොව කිරුළු දැරූ, ලෝක කුසලාන දිනූ මේ කණ්ඩායම් දෙකටම 2025 ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.
එම නිසා කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර බොහෝ සමානකම් පවතින බව කීම අතිශයෝක්තියක් නොවෙයි.
නමුත් වර්තමානයේ කොදෙව් කණ්ඩායම යළිත් ගොඩනැගෙමින් තිබෙන බව පෙනෙනවා.
මේ වසරේ ඔවුන් දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව පරාජය කරමින් පූර්ණ T20 තරගාවලි ජයග්‍රහණයන් ලැබූවා.
එංගලන්තයට එරෙහිව ඉතා හොඳ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කළා.
එම නිසා සත්කාරකත්වයේ වාසිය තිබුණත්, ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වන අහියෝගය සුලුපටු නැහැ.
එනමුත් කණ්ඩායම් ද්විත්වයටම විශාලතම අභියෝගය එල්ල වන්නේ වැසිබර කාලගුණයෙන් බව පැහැදිලියි.
වර්ෂාවෙන් බාධා එල්ල නොවී තරග පැවැත්වීමට හැකිවුවහොත් හොඳ තරගාවලියක් දැකබලා ගැනීමට රසිකයන්ට හැකිවේවි.
දෙරට අතර දැනට T20 තරග 15 ක් පවත්වා තිබෙන අතර ශ්‍රී ලංකාව තරග අටක් ජය ගනිද්දී, කොදෙව්වන් තරග හතක් ජයගෙන තිබෙනවා.

ඉරේෂාන් සිරිවර්ධන

  2024. 10. 13

Related articles

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...

ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් රනිල්ට අධිචෝදනා ප්‍රමාද ඇයි? – මහේස්ත්‍රාත් නීතිපතිගෙන් අසයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ වුල්හැම්ප්ටන් උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වීමට රජයේ මුදල් යොදාගැනීම...

බොහෝ බැංකු දැනටමත් “ප්‍රායෝගිකව බංකොලොත්” – බියකරු අනාගතයක සේයාවක් ද?

සමහර පුවත් තියෙනවා එය ඇසූ සැණින් හදවත ගැස්සෙන, අද අපේ අසල්වැසි බංග්ලාදේශයෙන් ඇසෙන්නේ එවැනිම ඉතාමත් කණගාටුදායක සහ බියකරු...

Walk For Peace එකේ හැටි!

මේ තියෙන්නෙ සාම පා ගමනේ නිල ෆේස්බුක් පිටුවෙ පළ කළ රූප කීපයක්. මේ තියෙන්නෙ සාම පා ගමන, ලෝකයේ...