සාර්ථක පුහුණුකරුවෙකු ලෙස විශ්‍රාම යාමට සනත් ට හැකිවේවි

Share post:

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කෙරුණා.

ඒ අනුව 2024 ඔක්තෝම්බර් 1 දා වලංගු වන පරිදි, 2025 මාර්තු 31 දක්වා වසර එක හමාරක කාලයක් සඳහා සනත් ට ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව හිමිවනු ඇති.

පසුගිය දිනවල විවිධ අර්බුධ හේතුවෙන් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රමාද වූවත්, අවසානයේ හෝ ප්‍රධාන පුහුණුකරු පුරප්පාඩුව සම්පූර්ණ කිරීම යහපත්.
එමෙන්ම මෙම ධූරයට තමන් සුදුසු බව ඔප්පු කර තිබෙන සනත් ට එය හිමිවීම නිවැරදි තීරණයයි.

දක්ෂතාවයේ බරතල රික්තකයක් නොමැති, විනය ගැටළු, වගකිම සම්බන්ධ ගැටළු ආදිය හේතුවෙන් කඩාවැටී තිබෙන මෙරට ජාතික කණ්ඩායමට මේ මොහොතේ අවශ්‍ය වන නායකත්වය ලබා දීමට සනත් තරම් සුදුස්සෙක් ද තවත් නැහැ.

මෙම මාස දහ අටක කාලය තුළ ජය පරාජය කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් විවේකාගාරයේ විනය, දේශප්‍රේමීත්වය සහ කැපවීම යළි ස්ථාපිත කිරීමට හැකි නම් සාර්ථක පුහුණුකරුවෙකු ලෙස විශ්‍රාම යාමට සනත් ට හැකිවේවි.

ඉරේෂාන් සිරිවර්ධන

    1. 07

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...