සාර්ථක පුහුණුකරුවෙකු ලෙස විශ්‍රාම යාමට සනත් ට හැකිවේවි

Share post:

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කෙරුණා.

ඒ අනුව 2024 ඔක්තෝම්බර් 1 දා වලංගු වන පරිදි, 2025 මාර්තු 31 දක්වා වසර එක හමාරක කාලයක් සඳහා සනත් ට ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව හිමිවනු ඇති.

පසුගිය දිනවල විවිධ අර්බුධ හේතුවෙන් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රමාද වූවත්, අවසානයේ හෝ ප්‍රධාන පුහුණුකරු පුරප්පාඩුව සම්පූර්ණ කිරීම යහපත්.
එමෙන්ම මෙම ධූරයට තමන් සුදුසු බව ඔප්පු කර තිබෙන සනත් ට එය හිමිවීම නිවැරදි තීරණයයි.

දක්ෂතාවයේ බරතල රික්තකයක් නොමැති, විනය ගැටළු, වගකිම සම්බන්ධ ගැටළු ආදිය හේතුවෙන් කඩාවැටී තිබෙන මෙරට ජාතික කණ්ඩායමට මේ මොහොතේ අවශ්‍ය වන නායකත්වය ලබා දීමට සනත් තරම් සුදුස්සෙක් ද තවත් නැහැ.

මෙම මාස දහ අටක කාලය තුළ ජය පරාජය කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් විවේකාගාරයේ විනය, දේශප්‍රේමීත්වය සහ කැපවීම යළි ස්ථාපිත කිරීමට හැකි නම් සාර්ථක පුහුණුකරුවෙකු ලෙස විශ්‍රාම යාමට සනත් ට හැකිවේවි.

ඉරේෂාන් සිරිවර්ධන

    1. 07

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...