2021 සිට සීඅයිඩි නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්එස්පී ඉමේෂා මුතුමාල අධ්‍යක්ෂ ධුරයට !

Share post:

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ පළ­මු­ ව­රට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) අධ්‍ය­ක්ෂ ­ධු­ර­යට කාන්තා නිල­ධා­රි­නි­යක් පත්කි­රී­මට යෝජනා වී ඇත.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස මේ වන විට සේවයේ නිර­තව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ඉමේෂා මුතු­මාලගේ නම මෙසේ යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ ප්‍රථම ආධු­නික කාන්තා සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යන් තිදෙනා අත­රද සිටින ඉමේෂා මුතු­මාල ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස පොලිස් සේව­යට එක්වන්නේ 2007 වසරේ නොවැ­ම්බර් 03 වැනි­දා ය.

2017 වසරේ මාර්තු 23 වැනිදා පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස උසස් වීම් ලැබූ ඇයට ශ්‍රී ලංකා පොලි­සියේ පොලි­ස්පති ධුරය කාන්තා නිල­ධා­රීන්ට විව­ර­වන්නේ නම් එම තන­තුර දක්වා ඉහ­ළට යාමට හැකි­යා­වක්ද ඇත. ඇය වයස අවු­රුදු 60න් පොලිස් සේව­යෙන් විශ්‍රාම ගැනී­මට නිය­මි­තව සිටින්නේ 2041 වස­රේ­දී ය.

ඇය රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් විද්‍යා­වේදී උපා­ධිය (BSc) සහ විවෘත විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නීති­වේදී (LLB) උපා­ධිය ලබා ඇත. පොලිස් සේව­යට එක්වී­මෙන් අන­තු­රුව නුගේ­ගොඩ පොලිස් කොට්ඨා­සයේ සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස සේවයේ නිර­තව සිට ඇති ඉමේෂා මුතු­මාල පොලිස් නිෂ්කා­ශන අංශ­යේත් කලක් සේවය කර තිබේ.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශ අධී­ක්ෂණ නිල­ධා­රි­නිය ලෙසද ඇය කලක් කට­යුතු කර තිබු­ණාය. ඇයව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස පත්ක­රනු ලබන්නේ 2021 වසරේ ජූනි මාස­යේ­දීය.

පොලිස් සේව­යට එක්වී­මෙන් අන­තු­රුව අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ හවායි පොලිස් අභ්‍යාස විද්‍යා­ලයේ අර්බුද කළ­ම­නා­ක­රණ පාඨ­මා­ලාව ද තායි­ල­න්තයේ දී FBI ආය­ත­නය මගින් පව­ත්වන මුදල් විශු­ද්ධි­ක­රණ වැළැ­ක්වීමේ පාඨ­මා­ලාව ද මැලේ­සි­යාවේ රාජ­කීය පොලිස් ඇක­ඩ­මියේ ප්‍රජා පොලි­ස්ක­ර­ණය පිළි­බඳ පාඨ­මා­ලාව මෙන්ම ඉන්දි­යාවේ හයි­ද්‍රා­බාද් පොලිස් ඇක­ඩ­මියේ ප්‍රජා පොලි­ස්ක­ර­ණය පිළි­බඳ පාඨ­මා­ලාව ඇය හදාරා තිබේ.

මේ හැරුණු කොට ඉන්දි­යාවේ දී අන්ත­ර්ජාල අප­රාධ පිළි­බඳ පාඨ­මා­ලාව ද ඇය හදාරා ඇත. ඉමේෂා මුතු­මාල අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස යෝජ­නා­වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට මේ වන විට නියෝජ්‍ය පොලි­ස්පති පී. අම්පා­විල නම් කර තිබේ.

Related articles

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...