කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණා – චමරි අතපත්තුගේ අවසන් ලෝක කුසලානය විය හැකියි !

Share post:

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණා
එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගයත් අද පැවැත්වෙනවා.
ඒ පාකිස්තාන කාන්තා කණ්ඩායම සමගයි.
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන A ඛාණ්ඩයේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තාන කණ්ඩායම් අන්තර්ගතයි.
මේ කණ්ඩායම් අතරින් ප්‍රසාද ලකුණු සටහනේ මුල් කණ්ඩායම් ද්විත්වය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනවා.
මෙවර කාන්තා ලෝක කුසලානය සුවිශේෂයි. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ප්‍රබල කණ්ඩායමක්.
අත්දැකීම් සහිත, තරග දිනවිය හැකි ක්‍රීඩිකාවන් සමග යොවුන් දක්ෂතා මිශ්‍ර වූ කණ්ඩායමක්.
මේ කණ්ඩායම ඉන්දියාවද පරාජය කරමින් ආසියානු කුසලානය දිනාගත් කණ්ඩායම.
එම නිසා ඔවුන්ට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ පැහැදිලි අවස්ථාවක් පවතිනවා.
පැහැදිලිව තරගාවලියේ කළු අශ්වයන් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. අතීතයේ මෙන් කිසිදු ප්‍රතිවාදියෙක් ශ්‍රී ලංකා තරගය සුලුකොට තකන්නේ නැති බව පැහැදිලියි.
අනෙක් අතට තරගාවලිය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා තත්ත්වයන් ශ්‍රී ලංකාවට එතරම් නුහුරු ද නැහැ.
කෙසේවෙතත් ඕස්ට්‍රේලියාව මේ ආකෘතියේ ලොව හොඳම කණ්ඩායම. වත්මන් ලෝක ශූරියන් ද ඔවුන්.
අනෙක් අතට ඉන්දියාව ප්‍රබලතම කණ්ඩායමක්. එම නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එල්ල වන අභියෝගය කිසිසේත්ම අවතක්සේරු කිරීමට නොහැකියි.
එනමුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමකට T20 ලෝක කුසලානයක පැවතිය හැකි විශාලතම අවස්ථාව පවතින්නේ චමරි අතපත්තුගේ අවසන් ලෝක කුසලානය විය හැකි මේ තරගාවලියේයි.
ජයග්‍රාහී මානසිකත්වයකින්, සියල්ලම නිවැරදිව සිදු කර තිබෙන පසුබිමක දැඩි විශ්වාසයකින් ශ්‍රී ලංකා කාන්තාවෝ පිටියට ප්‍රවිශ්ඨ වේවි.
ජයග්‍රහණය උදෙසා තමන් සතු උපරිමය ලබා දේවි.
එම නිසා දක්ෂතාවය සමග වාසනාව ද එක්වී ඔවුන්ට තරගාවලියේ උපරිම දුර යා හැකි වෙතැයි අප බලාපොරොත්තු වෙනවා.
අදින් ඇරඹෙන කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුබ පැතුම්!

ඉරේෂාන් සිරිවර්ධන


  2024. 10. 03

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...