කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණා – චමරි අතපත්තුගේ අවසන් ලෝක කුසලානය විය හැකියි !

Share post:

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණා
එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගයත් අද පැවැත්වෙනවා.
ඒ පාකිස්තාන කාන්තා කණ්ඩායම සමගයි.
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන A ඛාණ්ඩයේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තාන කණ්ඩායම් අන්තර්ගතයි.
මේ කණ්ඩායම් අතරින් ප්‍රසාද ලකුණු සටහනේ මුල් කණ්ඩායම් ද්විත්වය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනවා.
මෙවර කාන්තා ලෝක කුසලානය සුවිශේෂයි. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ප්‍රබල කණ්ඩායමක්.
අත්දැකීම් සහිත, තරග දිනවිය හැකි ක්‍රීඩිකාවන් සමග යොවුන් දක්ෂතා මිශ්‍ර වූ කණ්ඩායමක්.
මේ කණ්ඩායම ඉන්දියාවද පරාජය කරමින් ආසියානු කුසලානය දිනාගත් කණ්ඩායම.
එම නිසා ඔවුන්ට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ පැහැදිලි අවස්ථාවක් පවතිනවා.
පැහැදිලිව තරගාවලියේ කළු අශ්වයන් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. අතීතයේ මෙන් කිසිදු ප්‍රතිවාදියෙක් ශ්‍රී ලංකා තරගය සුලුකොට තකන්නේ නැති බව පැහැදිලියි.
අනෙක් අතට තරගාවලිය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා තත්ත්වයන් ශ්‍රී ලංකාවට එතරම් නුහුරු ද නැහැ.
කෙසේවෙතත් ඕස්ට්‍රේලියාව මේ ආකෘතියේ ලොව හොඳම කණ්ඩායම. වත්මන් ලෝක ශූරියන් ද ඔවුන්.
අනෙක් අතට ඉන්දියාව ප්‍රබලතම කණ්ඩායමක්. එම නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එල්ල වන අභියෝගය කිසිසේත්ම අවතක්සේරු කිරීමට නොහැකියි.
එනමුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමකට T20 ලෝක කුසලානයක පැවතිය හැකි විශාලතම අවස්ථාව පවතින්නේ චමරි අතපත්තුගේ අවසන් ලෝක කුසලානය විය හැකි මේ තරගාවලියේයි.
ජයග්‍රාහී මානසිකත්වයකින්, සියල්ලම නිවැරදිව සිදු කර තිබෙන පසුබිමක දැඩි විශ්වාසයකින් ශ්‍රී ලංකා කාන්තාවෝ පිටියට ප්‍රවිශ්ඨ වේවි.
ජයග්‍රහණය උදෙසා තමන් සතු උපරිමය ලබා දේවි.
එම නිසා දක්ෂතාවය සමග වාසනාව ද එක්වී ඔවුන්ට තරගාවලියේ උපරිම දුර යා හැකි වෙතැයි අප බලාපොරොත්තු වෙනවා.
අදින් ඇරඹෙන කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුබ පැතුම්!

ඉරේෂාන් සිරිවර්ධන


  2024. 10. 03

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...