මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ හොයන්න නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් ඉල්ලයි !

Share post:

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමාකරන සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය පිරිහීමට ලක්කරන නීති රැසක් පසුගිය කාලයේදී සම්මත කළ බවත්, ඒවා වෙනස් කිරීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් එම ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රටේ අනාගතය තීරණය වන්නේ ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය මත බව ද පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සියලු මර්දනකාරී අණපනත් අහෝසි කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන ජනාධිපතිවරයාගේ කැපවීම පෙන්නුම් කළ හැකි බවත්, එය ස්වර්ණමය අවස්ථාවක් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත, යෝජිත ත්‍රස්ත මර්දන නීතිය, කෙටුම්පත් කර ඇති කම්කරු නීති මෙසේ කඩිනමින් වෙනස් කළ යුතු ඒවා අතර වන බව ද අදාළ නිවේදනයේ දැක්වේ. පසුගිය ආණ්ඩු කාලවලදී සිදු වූ මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම් සහ ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම්, මාධ්‍ය ආයතනවලට පහරදීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීමට කටයුතු කරන ලෙස ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපතිවරයාට යෝජනා කර සිටී.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...