මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ හොයන්න නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් ඉල්ලයි !

Share post:

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමාකරන සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය පිරිහීමට ලක්කරන නීති රැසක් පසුගිය කාලයේදී සම්මත කළ බවත්, ඒවා වෙනස් කිරීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් එම ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රටේ අනාගතය තීරණය වන්නේ ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය මත බව ද පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සියලු මර්දනකාරී අණපනත් අහෝසි කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන ජනාධිපතිවරයාගේ කැපවීම පෙන්නුම් කළ හැකි බවත්, එය ස්වර්ණමය අවස්ථාවක් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත, යෝජිත ත්‍රස්ත මර්දන නීතිය, කෙටුම්පත් කර ඇති කම්කරු නීති මෙසේ කඩිනමින් වෙනස් කළ යුතු ඒවා අතර වන බව ද අදාළ නිවේදනයේ දැක්වේ. පසුගිය ආණ්ඩු කාලවලදී සිදු වූ මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම් සහ ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම්, මාධ්‍ය ආයතනවලට පහරදීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීමට කටයුතු කරන ලෙස ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපතිවරයාට යෝජනා කර සිටී.

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...