රේගුවේ දේශපාලන බලපෑම්වලට මුහුණ දුන් සනත් ජනාධිපති ලේකම් – හමුදා කඳවුරුවලට ඇතුළු වීම තහනම් වූ සම්පත්ට ආරක්ෂක අමාත්‍යංශය – පොලිසිය පාස්කු විමර්ශන බාරව සිටි රවීට !

Share post:

ශ්‍රී ලංකා රේගුවේ යුක්තිගරුක ලෙස කටයුතු කිරීම නිසා නිරන්තරයෙන් බාධා එල්ල වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නන්දික සනත් කුමානායක නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

ආචාර්ය කුමානායක රේගු දූෂණ පිළිබඳ පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර, එම පර්යේෂණ ජාත්‍යන්තර ප්‍රකාශන ගණනාවක ප්‍රකාශයට පත්කර තිබේ. ලෝක රේගු සංවිධානයේ රේගු නවීකරණය සහ සුපිලිපන්නභාවය වර්ධනය කිරීම පිළිබඳ ඔහු වරලත් උපදේශකයෙකි.

විශ්‍රාම ගෙන සිටියදී ක්‍රියාකාරී ලෙස දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම නිසා සියලු හමුදා කඳවුරුවලට ඇතුළුවීම තහනම් කර තිබූ විශ්‍රාමලත් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට පත්කර ඇත. කැඩෙට් නිලධාරියකු ලෙස ගුවන් හමුදාවට එක්වී ඇති ඔහු, පැය 7,000ක පියාසර අත්දැකීම් ඇති ගුවන් හමුදා නිලධාරියෙකි.

පොලිසිය බාර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර ඇත්තේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන බාරව කටයුතු කළ ඔහු විශ්‍රාම යෑමෙන් පසු විවිධ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ නිලධාරියෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව කටයුතු කළ ඔහු පාස්කු ප්‍රහාරය පිළිබඳව අත්අඩංගුවට ගැනීමට ද පසුගිය කාලයේ සූදානම් විය. ඒ සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ඇතුළු පිරිසක් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...