රේගුවේ දේශපාලන බලපෑම්වලට මුහුණ දුන් සනත් ජනාධිපති ලේකම් – හමුදා කඳවුරුවලට ඇතුළු වීම තහනම් වූ සම්පත්ට ආරක්ෂක අමාත්‍යංශය – පොලිසිය පාස්කු විමර්ශන බාරව සිටි රවීට !

Share post:

ශ්‍රී ලංකා රේගුවේ යුක්තිගරුක ලෙස කටයුතු කිරීම නිසා නිරන්තරයෙන් බාධා එල්ල වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නන්දික සනත් කුමානායක නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

ආචාර්ය කුමානායක රේගු දූෂණ පිළිබඳ පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර, එම පර්යේෂණ ජාත්‍යන්තර ප්‍රකාශන ගණනාවක ප්‍රකාශයට පත්කර තිබේ. ලෝක රේගු සංවිධානයේ රේගු නවීකරණය සහ සුපිලිපන්නභාවය වර්ධනය කිරීම පිළිබඳ ඔහු වරලත් උපදේශකයෙකි.

විශ්‍රාම ගෙන සිටියදී ක්‍රියාකාරී ලෙස දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම නිසා සියලු හමුදා කඳවුරුවලට ඇතුළුවීම තහනම් කර තිබූ විශ්‍රාමලත් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට පත්කර ඇත. කැඩෙට් නිලධාරියකු ලෙස ගුවන් හමුදාවට එක්වී ඇති ඔහු, පැය 7,000ක පියාසර අත්දැකීම් ඇති ගුවන් හමුදා නිලධාරියෙකි.

පොලිසිය බාර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර ඇත්තේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන බාරව කටයුතු කළ ඔහු විශ්‍රාම යෑමෙන් පසු විවිධ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ නිලධාරියෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව කටයුතු කළ ඔහු පාස්කු ප්‍රහාරය පිළිබඳව අත්අඩංගුවට ගැනීමට ද පසුගිය කාලයේ සූදානම් විය. ඒ සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ඇතුළු පිරිසක් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...