ධුරයේ බලතල අවභාවිත කළ රනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ශ්‍රීනාත් පෙරේරා

Share post:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ධුරයේ බලතල අවභාවිත කරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පවසයි.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබුණු බලතල භාවිත කරමින් ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීම පසුගිය පූර්ව මැතිවරණ කාලයේදී කැපීපෙනුණු බවත්, ඊට එරෙහිව කටයුතු නොකළහොත් එය වැරදි පූර්වාදර්ශයක් වන බවත් පෙන්වා දෙන ජනාධිපති නීතිඥවරයා, වැඩිදුරටත් සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජනාධිපති ධුරය නොදරන නිසා ඔහුට ව්‍යවස්ථාවෙන් මුක්තියක් නොමැති බවයි.

ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදී ඔහුට එරෙහිව නීතිමය පියවර ගත නොහැකි වුවද, දැන් ඔහුට එවැනි ව්‍යවස්ථා රැකවරණයක් නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කරයි. කෙසේ වෙතත් මේ කටයුතුවලට එරෙහිව නීතිමය පියවර ගනීවි යැයි තමන්ට විශ්වාසයක් නොමැති බව ද සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, පුරවැසියන් හෝ එක්ව මේ පියවර තැබීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...