ධුරයේ බලතල අවභාවිත කළ රනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ශ්‍රීනාත් පෙරේරා

Share post:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ධුරයේ බලතල අවභාවිත කරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පවසයි.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබුණු බලතල භාවිත කරමින් ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීම පසුගිය පූර්ව මැතිවරණ කාලයේදී කැපීපෙනුණු බවත්, ඊට එරෙහිව කටයුතු නොකළහොත් එය වැරදි පූර්වාදර්ශයක් වන බවත් පෙන්වා දෙන ජනාධිපති නීතිඥවරයා, වැඩිදුරටත් සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජනාධිපති ධුරය නොදරන නිසා ඔහුට ව්‍යවස්ථාවෙන් මුක්තියක් නොමැති බවයි.

ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදී ඔහුට එරෙහිව නීතිමය පියවර ගත නොහැකි වුවද, දැන් ඔහුට එවැනි ව්‍යවස්ථා රැකවරණයක් නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කරයි. කෙසේ වෙතත් මේ කටයුතුවලට එරෙහිව නීතිමය පියවර ගනීවි යැයි තමන්ට විශ්වාසයක් නොමැති බව ද සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, පුරවැසියන් හෝ එක්ව මේ පියවර තැබීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...