LPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි !

Share post:

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි.

අනාගත වෘත්තිකයන් බිහි කිරීමට සහ ඔවුන් තෝරා ගත් ක්ෂේත්‍රවල විශිෂ්ටයන් වීමට සිසුන් සවිබල ගැන්වීමට LPEC Campus සතු කැපවීම මෙම සම්මානයෙන් ඇගයීමට ලක් කර ඇත. නවීන විෂය මාලා හා නූතන පහසුකම් ඔස්සේ LPEC Campus අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රමුඛයෙකු වී ඇත.

මෙරට ශ්‍රම බලකායට ගැළපෙන වෘත්තිකයන් නිර්මාණය කරන LPEC Campus වසර 14ක් පුරා ලක්ෂයකට අධික ඩිප්ලෝමාධාරීන් පිරිසක් බිහි කර ඇති අතර පූර්ණ රාජ්‍ය ආයතනයක් වන SDFL හා ඒකාබද්ධ වී සහතික පත්‍ර නිකුත් කරයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් UK Accredited, QS 5 STARS සහිත මැලේසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය (MUST) සහ කාම්බෝජයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන  PSB විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධ වී උපාධි පිරිනමන LPEC Campus, UK Accredited අධ්‍යාපන ආයතනයකි.

කිරිබත්ගොඩ නගරයේ පිහිටා ඇති LPEC Campus (www.lpec.lk) නවීන රැකියා වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන පරිදි ජාතිකව හා ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් සහිත ඩිප්ලෝමා, උපාධි‍, විශේෂ උපාධි සහ පශ්චාත් උපාධි හඳුන්වා දි ඇත. LPEC Campus මානව සම්පත් කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ විධායක, ව්‍යාපාර කළමනාකරණ, අලෙවි කළමනාකරණ, මනෝ විද්‍යාව හා උපදේශන, නීති, තොරතුරු තාක්ෂණ, ඉංග්‍රීසි ඩිප්ලෝමා සහ ව්‍යාපාර පරිපාලන විද්‍යාවේදී, තොරතුරු තාක්ෂණ ගෞරව උපාධි සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, මනෝ විද්‍යා හා උපදේශනය පිළිබඳ විද්‍යාවේදී, අලෙවි කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණ උපාධි සිසුන්ට පිරිනමයි.

0112907133, 0112907429 දුරකතන අංක ඔස්සේ වැඩි විස්තර දැන ගත හැකිය.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...