‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

Share post:

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.
කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි රූපත් මේ කතාවේ සාරාංශය සංකේතවත් කරනවා.
තුන් විදිහක තුන්දෙනෙක්ගෙන් ලවින්දි තමන්ගෙ ජීවිතය පාට කරගන්න උත්සහකලා.

මේ පොතේ එන චරිත වල තීරණාතමක අවස්ථාවලට සෘජුව හෝ වක්‍රව සමාජයේ දේශපාලනමය බලපෑම් ඇතිවෙනවා. ඒ වගේම බැහැර කරනවයි කියලා පෙන්වන සමාජ සම්ප්‍රදායන්ටත් මේ හැම චරිතයක්මත් නතු වෙනවා.

කතුවරයා ඒ ඒ චරිතයට තෝරාගෙන තියෙන භාෂා රටාව එකිනෙකට වෙනස් වෙනවා. ආරම්භයේම කතාව කිවගන්න පුළුවන් සරල සැහැල්ලු බව එන්න එන්නම සංකීර්ණ වෙනවා. උදාහරණයකට දේශපාලන ක්‍රියාකරුවා ගැන ලියැවෙන කොටසෙදි ඒ චරිතයේ තියෙන අවිවේකීබව කලබලකාරීබව වගේම තමාගෙ නම රැකගෙන කතා කරන්න බලන උත්සහය පවා අපිට දැනෙන්න ගන්නවා.

සැමියා හැර පිරිමි තුන් දෙනෙකුගෙනුත් නොලැබුණ තමන් බලාපොරොත්තුවුන සෙනෙහස සම ලිංගික කාන්තාවකගෙන් ලවින්දිට ලැබුනද කියන මානයට කතුවරයා අපිව තල්ලු කරනවා.

වෙන පොත් වල පිටු ගනන් ලියලත් හඟවන්නට බැරි ශෘංගාරයක් එක වාක්‍යකට කැටි කරලා ලියන්න කතුවරයා සමත් වෙනවා.
මේ මන්දාකින්යෙ ඉන්න හැම මනුස්සයෙක්ම තනි වෙන්න බයයි. සමහර වෙලාවට ඒ බයම තමන්ව මරණකරා මෙහෙයවනවා.
කව්රුහරි කෙනෙක් මේ පොතේ ටිකක් කියවලා ඉතිරිය පසුව කියවනවා කියලා හිතවනවානම් මම ඒ අයට අනතුරු අඟවනවන්න කැමතියි. කතාව ගලාගෙන යන ප්‍රවාහයට හසුවුන ඔබට ඉන් ගැලවෙන්න හිතනවත් බැරිවේවි. ඒ ලිවීම් ශෛලිය ඒ තරම්ම රසවත්.

නදීකා සෙනෙවිරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...