අසත්‍ය පුවත් සමාජගත කිරීම – සජිත්ට එරෙහිව ජපුරෙන් මැකොට ලිපියක් !

Share post:

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයන් මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක් සමාජගත කිරීම සම්බන්ධව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඇතිකරන ලද සැකයක් මත වර්ධනය වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත විශ්වවිද්‍යාලය වසා දැමීමට පසුගිය සැප්තැම්බර් 12දා පාලනාධිකාරිය විසින් තීරණය කරන ලදි. මෙම සිදුවීම පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් වැරදි ලෙස අර්ථකථනය කිරීමට ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයන් කටයුතු කරමින් සිටින බවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි.

එම සංගමය වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක සිසුන් දේශපාලන පක්ෂ දෙකකට අයත් බවත්, ඔවුන් අතර බරපතළ ගැටුමක් ඇති වී ඇති බවත්, මේ හේතුවෙන් විශ්වවිද්‍යාලය ලේ ගංගාවක් බවට පත්ව ඇති බවත් හැඟෙන ආකාරයේ ප්‍රකාශ සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයන් විසින් සමාජගත කරමින් සිටින බවයි.

මෙම අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් බරපතළ ලෙස අගතියට පත්ව ඇති බවත්, ඒ සඳහා කඩිනමින් මැදිහත් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...