අසත්‍ය පුවත් සමාජගත කිරීම – සජිත්ට එරෙහිව ජපුරෙන් මැකොට ලිපියක් !

Share post:

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයන් මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක් සමාජගත කිරීම සම්බන්ධව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඇතිකරන ලද සැකයක් මත වර්ධනය වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත විශ්වවිද්‍යාලය වසා දැමීමට පසුගිය සැප්තැම්බර් 12දා පාලනාධිකාරිය විසින් තීරණය කරන ලදි. මෙම සිදුවීම පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් වැරදි ලෙස අර්ථකථනය කිරීමට ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයන් කටයුතු කරමින් සිටින බවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි.

එම සංගමය වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක සිසුන් දේශපාලන පක්ෂ දෙකකට අයත් බවත්, ඔවුන් අතර බරපතළ ගැටුමක් ඇති වී ඇති බවත්, මේ හේතුවෙන් විශ්වවිද්‍යාලය ලේ ගංගාවක් බවට පත්ව ඇති බවත් හැඟෙන ආකාරයේ ප්‍රකාශ සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයන් විසින් සමාජගත කරමින් සිටින බවයි.

මෙම අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් බරපතළ ලෙස අගතියට පත්ව ඇති බවත්, ඒ සඳහා කඩිනමින් මැදිහත් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...