වැලිසර පිහිටි International School of Western Australia වෙතින් ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව !

Share post:

වැලිසර පිහිටි International School of Western Australia (ISWA) ලෝකයේ වඩාත් පිළිගත් විෂය නිර්දේශ අතරින් එකක් වන ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට අවකාශ සළසන මෙරට පිහිටි ඉතා සීමිත අධ්‍යාපන ආයතන අතරින් එකකි.

බටහිර ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ ලියාපදිංචිය ඇති එම ආයතනයේ දැනුමින් පිරි ආචාර්ය මණ්ඩලයක් යටතේ අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලැබේ. දක්ෂතා සහිත සිසුන්ට ඔවුන්ගේ හැකියාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සහ ජාත්‍යන්තර වශයෙන් උසස් අධ්‍යාපන හා රැකියා අවස්ථා උදා කර ගැනීමට අවශ්‍ය සම්පූර්ණ මාර්ගෝපදේශනයද එම ආයතනය සපයයි. සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටි මාධ්‍යය සිංහල හෝ ඉංග්‍රීසි යන ඒවායෙන් කුමක් වුවත් ISWA ආයතනයේ ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරිය හැකිය. සාමාන්‍ය පෙළට සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ට ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශයට අනුගත වීමට උපකාර කිරීමට සුවිශේෂ ත්‍රෛමාසික සූදානම් වීමේ වැඩසටහනක් සහ දෙවසරක තවත් වැඩසටහනක් ක්‍රියාත්මක වේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසුන්ට සෘජුවම Western Australian Certificate of Education (WACE) වැඩසටහනට සම්බන්ධ විය හැකිය. දැනටමත් උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ට වේගවත් වැඩසටහනකින් සමන්විත සුවිශේෂ විකල්පයක්ද හඳුන්වා දී ඇත.

පිවිසීමට බලාපොරොත්තු වන වෘත්තිය ඇතුළු සිය ඉලක්ක සපුරා ගැනීමට මඟ විවර කරන විෂය රැසක් හැදෑරීමට සිසුන්ට හැකිය. වෛද්‍ය, ඉංජිනේරු, ජෛව තාක්ෂණ සහ තොරතුරු තාක්ෂණ වැනි ගෝලීය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවලට අදාළ වෘත්තිවලට පිවිසීමට සිසුන් සූදානම් කිරීමට ISWA ආයතනය කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ WACE වැඩසටහන හැදෑරීමට සුදුසු ආයතනයක් සොයනවා නම් ISWA ආයතනය වඩාත් සුදුසුය. වීසා සහ බටහිර ඕස්ට්‍රේලියානු රජය පිරිනමන ප්‍රධාන පෙළේ ශිෂ්‍යත්ව සමඟ තවත් බොහෝ ප්‍රතිලාභ අත්විඳීමට මෙන්ම IELTS විභාගයට පෙනී නොසිට වෙනත් කිසිදු අමතර පන්ති ගාස්තු නොමැතිව 25%ක වට්ටමක් සහිත විශ්ව විද්‍යාල ගාස්තුවක් යටතේ ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වීමට ISWA ආයතනය සිසුන්ට පහසුකම් සළසයි. බටහිර ඕස්ට්‍රේලියාවේ මෙන්ම රටවල් රැසක විශ්ව විද්‍යාලවලට ඇතුල් වීමේදී අමතර සුදුසුකමක් වන ‘ATAR Score’ දිනා ගැනීමටත් සිසුන්ට අවස්ථාව ලැබේ.

Related articles

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...

ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්) සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි....

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...