තලතාගේ හඬින් මතු වූ දූෂිත ප්‍රභූ ධනපති පංතියේ හංස ගීතය…

Share post:

පසුගිය 21 වැනිදා සිය මංත්‍රී ධූරයෙන් ඉවත් වෙමින් තලතා අතුකෝරළ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ඵෙතිහාසික එකකි.

ශ්‍රී ලාංකීය භූමිය තුළ මේ වන විට සිදුවෙමින් පවතින සුවිශේෂී දේශපාලන සංසිද්ධීන් දෙකක නිවැරදි චලනයන් එම ප්‍රකාශය තුළ ගැබ්වී තිබීම ඊට හේතුවයි.

පළමුවැන්න නම්,එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ දූෂීත ජාවාරම්කාර, ප්‍රභු පංතිය නියෝජනය කරන ධනපති කඳවුර තමන්ගේ පරාජයේ එලිපත්ත අභිමුවට පැමිණ ඇති බව පිලිගැනීම ය.

තලතාගේ ප්‍රකාශයේ ගැබ්ව තිබූ දෙවැන්න නම්, එදා 3% ක් වූ ජ. වි. පෙ. අද ජාතික ජන බලවේගය නමින් පුලුල් කඳවුරක් බවට පත්වී රටේ පාලන බලය ලබා ගැනීමට තරම් ශක්තිමත් සක්‍යතාවයකින් යුතු බලවේගයක් බවට පත්වී හමාර වී ඇති බව පිලිගැනීමය.

56 දී බණ්ඩාරනායකටවත්, 91 දී ගාමිණී දිසානායක හා ලලිත් ඇතුලත් මුදලිටවත් දෙකඩ කිරීමට නොහැකි වූ එ. ජා. ප. ය 2020 දී සජිත් විසින් දෙකඩ කර විනාශ කර ඇති බවත්, ඇය එම අඳෝනාවෙන් පිලිගත්තාය.

එදා එය ලොකු හපන්කමක් ලෙස සැලකුවද, ඒ පාපයට තමනුත් දායක වූ බවට තම හෘදය සාක්ෂිය නිතර තමන්ට වද දෙන බවත් ඇය කියා සිටියා ය.

එ. ජා. ප. ය දෙකඩ වූයේ ප්‍රතිපත්තිමය ගැටළුවක් නිසා නොව නායකත්වය පිළිබඳ හා පක්ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම පිලිබඳ ගැටළුවක් නිසා බව තලතා කියා සිටියා ය.

ස. ජ. බ. හා එ. ජා. ප. ය යනු ප්‍රතිපත්ති අතින් වෙනස් වූ පක්ෂ දෙකක් නොව එකම ප්‍රතිපත්තිය ඇති පක්ෂ දෙකක් බව ඇය ඉතා පැහැදිලිව කීය.

මෙවර ජනාධිපතිවරණය ප්‍රකාශ කළ විටසිදු විය යුතුව තිබුණේ එකම කඳවුරේ අය බෙදී වෙන් නොවී එකට එක්වී තරඟ කිරීම බව කියූ තලතා, ඒ සඳහා රනිල් දිගින් දිගටම ස. ජ. බ. යට කළ ආරාධනය පිළිගැනීමට සජිත් ක්‍රියා නො කළේ ඇයි දැයි ඇයට තේරුම් ගත නො හැකි බව ද කියා සිටියාය.

සජිත් අපරිණත බවත්, ඒ ගැන කොපමණ කතා බහට ලක් කළත්, ඒ ගැන වගේ වගක් නැති සජිත්ට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ රටේ නායකත්වයට ඒම ගැන කල්පනා කිරීම පමණක් බවත් තලතා කීය.

රටේ බලය හෙබවීමට තරම් නායකත්ව ගුණාංග නැති සජිත් මේ වන විට සිදු කරන්නේ කෘතිම රැල්ලක් සාදාගෙන බලය ගන්නට බව තලතා කියා සිටියා ය.

යම් හෙයකින් බලය ගත්තද , ඉන් පසුව එම බලය රැක ගැනීමට කිසිම වැඩ පිලිවෙලක් සජිත් ට නොමැති බව තලතා ස්ථීර සාර ලෙසම කියා සිටියේ සජිත්ගේ ආර්ථික ඔස්තාර්වරයෙකු වන කබීර් හසීම් ද ළඟ තබා ගෙනය.

රනිල් හොරු සමඟ වාසේ කියා ⁣සජිත් චෝදනා කළත්, එම චෝදනාව සජිත්ට පාරාවලල්ලක් වී ඇති බවත්, නැව ගිලෙන කොට එලියට පැනපු දූෂිතයන් සහ හොරුන් සජිත් විසින් ඉවක් බවක් නැතිව ස. ජ. බ. යට ඇතුල් කර ගනිමින් සිටින බවත් පෙන්වා දුන්නා ය.

හොරුන්ගේ ආගමනයත් සමඟ ස. ජ. බ. රැකගත් සාමාජිකයන් තුළ දැඩි කලකිරීමක් ඇති වී ඇතැයි ද තලතා පැවසුවා ය.

වතුරේ ගසා ගෙන යන ව්ට එදා නයි මුගටින් ලෙස සිටිය එවුන්, අද ස. ජ. බ. කොටයට නැග එය තදින් බදාගෙන සිටින්නේ, සජිත් ජනපති කරවීමට නොව, ඊළග මහ මැතිවරණයේදී ඒ අයට පාර්ලිමේන්තු නියෝජනය කිරීම සඳහා තරඟ කිරීම සඳහා ස. ජ. බ. ය යොදා ගැනීමේ බලාපොරොත්තුවෙන් බවද තලතා කියා සිටියේය.

පොහොට්ටුවත්, එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් නියෝජනය කරන තලතලාගේ බෙලහීන ජාවාරම්කාර ධනපති කඳවුර, ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම පරාජයට පත්වන බව

තලතාගේ මෙම ප්‍රකාශය දෙස් දෙයි.

තලතා ගැයුවේ, ජාවාරම්කාර බෙලහීන ධනපති පංතියේ මිය යෑමට පෙර ගැයෙන හංස ගීතය බව ඉතා පැහැදිලිය.

සුනිල් ගාමිණී ජයලත්ගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...