‘පීනන්න…ටෘෘඩි…පීනන්න…’

Share post:

වර්ෂ 1926 අගෝස්තු 6 දිනය ඉතිහාසයේ තවත් එක් නිකමිම නිකං දිනයක් බවට පත් නොකරන්නට ඒ වනවටිත් එක් සුවිශේෂී චරිතයක් විසින් උත්සාහ කරමින් තිබිණි. එම දිනය තමන්ගේ දිනය බවට පත්කරන්නට සහ ලෝක ඉතිහාසය ඓතිහාසික නිශ්චිත මොහොතක් ලෙසත් මිනිස් ඉතිහාසය තුළ ධෛර්යමත් බවෙි සළකුණක් ලෙසත් ඒ වනවිටත් ලියවී තිබිණි. ඉංග්‍රීසි ඔිඩය හෙවත් ප්‍රංශය සිට එංගලන්තය වෙත මුහුදින් පිහිනා ගොස් අසමසම වාර්තාවක් තැබූ පළමු කාන්තාව වන්නේ ‘ටෲඩි ඇඩලරි’ය.

කිලෝමීටර් 33ක් දිගු දුරක් පිහිනීම හෙවත් ඉංග්‍රීසි ඔිඩය තරණය කිරීම අතිශයින්ම මාරාන්තික පිහිනීමකි. අනෙක් අතට කාන්තාව කුස්සිය මුල්ලටම හිර කර සිටී පුරුෂාධිපත්‍ය රජ කළ යුගයක කාන්තාවක් විසින් මෙම දුෂ්කර ක්‍රියාව 1920 දශකයේ පමණ සිදු කිරීමම ඓතිහාසික වශයෙන් සුවිශේෂී ජයග්‍රහණයකි. මුහුදේ පිහිනීමට තිබූ අති දක්ෂබව නිසාම ඇමරිකානු පුවත්පත්වල ‘ටෘෘඩි’ හැඳින්වු⁣යේ ‘Queen of the Waves'(තරංග රැජිණ) යනුවෙනි. තම දිවියේ හොඳම අඩවිය කැප කළ ටෲඩි ඇඩලරි වැනි දිරිය කාන්තාවකගේ ජීවිතයේ ජයග්‍රාහි පැතිකඩක් අලළා ‘Young Woman and the Sea’ නමින් හොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය වන්නේ ය. සැබැවින්ම මා පෞද්ගලිකව ඉංග්‍රීසි ඔිඩය පිළිබඳ පිහිනීම එක්තරා ආකාරයේ වීර ක්‍රියාවක් බව අසා තිබුණ ද ‘ටෲඩි ඇඩලරි’ නමැති අපුරු චරිතය අසන්නට ලැබුණේ මෙම චමත්කාරජනක ලෙස නිමවා ඇති ‘Young Woman and the Sea’ චිත්‍රපටයෙනි.

ටෲඩි ඇඩලරි නමි දිරිය කාන්තාවගේ පිහිනීම ඇරඹෙන්නේ කෙසේද? සහ ඇගේ හැකියාව විසින් තම අරමුණු ජයගත් ආකාරය පිළිබඳ කදිම ආදර්ශමත් කතාවක් චිත්‍රපටය හරහා කියාපායි. ටෲඩි ඇඩලරිගේ නොපසුබට වීර්යය විසින් අධෛර්යමත් කළ නොමිනිසුන්ට අභියෝග කළ සැටි පුදුම ය. ටෲඩි ඇඩලරි සැබැවින්ම පුදුමාකාර චරිතයකි. කාන්තාවක් වශයෙන් ඈට එදවස ලැබෙන ගැරහුමි ඉදිරියේ දෙදණ නොනමා පිහිනීම ඔස්සේ තම කීර්තිය අත් කර ගැනීම චිත්‍රපටය නරඹන්නකුට පවා සතුටුදායක තත්ත්වයක් නිරායාසයෙන්ම නිර්මාණය කරනවා.

‘Young Woman and the Sea’ චිත්‍රපටය අධ්‍යක්ෂණය නෝර්වේ ජාතික අධ්‍යක්ෂකවරයකු වන ‘ජෝකිමි රොනින්’ විසිනි. ටෲඩි ඇඩලරිගේ චරිතය සඳහා පණ පොවන්නේ අති දක්ෂ සමිමානනීය නිළියක වන ‘ඩෙිසි රිඩිලි’ විසිනි. ඩෙිසි මෙම චිත්‍රපටයේ පිහිනීම සඳහා දැඩි කැපවීමක් කරන්නට සිදු වූ බව ඇය මාධ්‍ය වෙත පවසා තිබුණා. ඩෙිසි විසින් මාස හතරක් පුරාවට ඔලිම්පික් පදක්කමිලාභී පිහිනුම් ශූරයකු Siobhan-Marie O’Connor යටතේ පුහුණුව ලබන්නට සිදු විය. 2024 වසරට අදාළව තිරගත වූ ‘Young Woman and the Sea’ චිත්‍රපටය විශිෂ්ට චිත්‍රපටයකි. සිනමාකරණය, සංස්කරණය සහ තිර පිටපත, නළුවරණය, අධ්‍යක්ෂණය ආදී සියළු අංගවලින් පරිපුර්ණ රිද්මයක් සහිත අපුරු චරිතාපදාන – ක්‍රීඩා ශානරයේ චිත්‍රපටයකි. කාන්තාවන්ට පිහිනීමට ඉඩ ලබා නොදිය යුතුයි යන මිනිසුන් සිටි සමාජයකට අභියෝග කළ ලෝක ඉතිහාසය උඩු යටිකුරු චරිතයක් පිළිබඳ ඔබ අනිවාර්යයෙන්ම දැනකියා ගත යුතුම ය.

මලින්ත විතානගේ

Related articles

‘ශ්‍රී ලංකාවේ අභිවහන කවි කලාව’ – රන්දික රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ අභිවහන කවි කලාවේ ඉතිහාසය හා වර්තමාන භාවිතය නම් මේ කෘතිය අද මා අතට පත් වුණා. ඒ...

ඡායාරූප ශිල්පී යූසුෆ් කාර්ෂ් ගේ වින්ස්ටන් චර්චිල් හෙවත් ”ගොරවන සිංහයා” නැවත හමුවේ

⁣කොවිඩ් වසංගත සමය පැවති 2022 අගෝස්තු මාසයේදී, කැනඩාවේ ඔටාවා හි ෆෙයාර්මොන්ට් චැටෝ ලෝරියර් හෝටලයේ ආලින්දයෙන් සොරකම් කළ බවට...

සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය අහිමි කරලා – අභියාචනාධිකරණයෙන් වසර 5ක් සිරදඬුවම් විඳි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරයි !

සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා පුරවැසියකුට ඇති අයිතිය කඩකරමින් කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම...

‘බොහෝ කවි ලියවුණේ ඔබටය’ – රංගනී ගීතිකා ප්‍රනාන්දු

මිනිස් හදවත් වෙලන, සනහන එමෙන්ම අවුලුවා ලන ගුණය කවියෙහි කැපී පෙනෙනා පාර්ශවයකි. එහෙයින්ම එය බෙහෙවින් පරෙස්සම් සහගත ව්‍යායාමයක්ද...