‘පීනන්න…ටෘෘඩි…පීනන්න…’

Share post:

වර්ෂ 1926 අගෝස්තු 6 දිනය ඉතිහාසයේ තවත් එක් නිකමිම නිකං දිනයක් බවට පත් නොකරන්නට ඒ වනවටිත් එක් සුවිශේෂී චරිතයක් විසින් උත්සාහ කරමින් තිබිණි. එම දිනය තමන්ගේ දිනය බවට පත්කරන්නට සහ ලෝක ඉතිහාසය ඓතිහාසික නිශ්චිත මොහොතක් ලෙසත් මිනිස් ඉතිහාසය තුළ ධෛර්යමත් බවෙි සළකුණක් ලෙසත් ඒ වනවිටත් ලියවී තිබිණි. ඉංග්‍රීසි ඔිඩය හෙවත් ප්‍රංශය සිට එංගලන්තය වෙත මුහුදින් පිහිනා ගොස් අසමසම වාර්තාවක් තැබූ පළමු කාන්තාව වන්නේ ‘ටෲඩි ඇඩලරි’ය.

කිලෝමීටර් 33ක් දිගු දුරක් පිහිනීම හෙවත් ඉංග්‍රීසි ඔිඩය තරණය කිරීම අතිශයින්ම මාරාන්තික පිහිනීමකි. අනෙක් අතට කාන්තාව කුස්සිය මුල්ලටම හිර කර සිටී පුරුෂාධිපත්‍ය රජ කළ යුගයක කාන්තාවක් විසින් මෙම දුෂ්කර ක්‍රියාව 1920 දශකයේ පමණ සිදු කිරීමම ඓතිහාසික වශයෙන් සුවිශේෂී ජයග්‍රහණයකි. මුහුදේ පිහිනීමට තිබූ අති දක්ෂබව නිසාම ඇමරිකානු පුවත්පත්වල ‘ටෘෘඩි’ හැඳින්වු⁣යේ ‘Queen of the Waves'(තරංග රැජිණ) යනුවෙනි. තම දිවියේ හොඳම අඩවිය කැප කළ ටෲඩි ඇඩලරි වැනි දිරිය කාන්තාවකගේ ජීවිතයේ ජයග්‍රාහි පැතිකඩක් අලළා ‘Young Woman and the Sea’ නමින් හොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය වන්නේ ය. සැබැවින්ම මා පෞද්ගලිකව ඉංග්‍රීසි ඔිඩය පිළිබඳ පිහිනීම එක්තරා ආකාරයේ වීර ක්‍රියාවක් බව අසා තිබුණ ද ‘ටෲඩි ඇඩලරි’ නමැති අපුරු චරිතය අසන්නට ලැබුණේ මෙම චමත්කාරජනක ලෙස නිමවා ඇති ‘Young Woman and the Sea’ චිත්‍රපටයෙනි.

ටෲඩි ඇඩලරි නමි දිරිය කාන්තාවගේ පිහිනීම ඇරඹෙන්නේ කෙසේද? සහ ඇගේ හැකියාව විසින් තම අරමුණු ජයගත් ආකාරය පිළිබඳ කදිම ආදර්ශමත් කතාවක් චිත්‍රපටය හරහා කියාපායි. ටෲඩි ඇඩලරිගේ නොපසුබට වීර්යය විසින් අධෛර්යමත් කළ නොමිනිසුන්ට අභියෝග කළ සැටි පුදුම ය. ටෲඩි ඇඩලරි සැබැවින්ම පුදුමාකාර චරිතයකි. කාන්තාවක් වශයෙන් ඈට එදවස ලැබෙන ගැරහුමි ඉදිරියේ දෙදණ නොනමා පිහිනීම ඔස්සේ තම කීර්තිය අත් කර ගැනීම චිත්‍රපටය නරඹන්නකුට පවා සතුටුදායක තත්ත්වයක් නිරායාසයෙන්ම නිර්මාණය කරනවා.

‘Young Woman and the Sea’ චිත්‍රපටය අධ්‍යක්ෂණය නෝර්වේ ජාතික අධ්‍යක්ෂකවරයකු වන ‘ජෝකිමි රොනින්’ විසිනි. ටෲඩි ඇඩලරිගේ චරිතය සඳහා පණ පොවන්නේ අති දක්ෂ සමිමානනීය නිළියක වන ‘ඩෙිසි රිඩිලි’ විසිනි. ඩෙිසි මෙම චිත්‍රපටයේ පිහිනීම සඳහා දැඩි කැපවීමක් කරන්නට සිදු වූ බව ඇය මාධ්‍ය වෙත පවසා තිබුණා. ඩෙිසි විසින් මාස හතරක් පුරාවට ඔලිම්පික් පදක්කමිලාභී පිහිනුම් ශූරයකු Siobhan-Marie O’Connor යටතේ පුහුණුව ලබන්නට සිදු විය. 2024 වසරට අදාළව තිරගත වූ ‘Young Woman and the Sea’ චිත්‍රපටය විශිෂ්ට චිත්‍රපටයකි. සිනමාකරණය, සංස්කරණය සහ තිර පිටපත, නළුවරණය, අධ්‍යක්ෂණය ආදී සියළු අංගවලින් පරිපුර්ණ රිද්මයක් සහිත අපුරු චරිතාපදාන – ක්‍රීඩා ශානරයේ චිත්‍රපටයකි. කාන්තාවන්ට පිහිනීමට ඉඩ ලබා නොදිය යුතුයි යන මිනිසුන් සිටි සමාජයකට අභියෝග කළ ලෝක ඉතිහාසය උඩු යටිකුරු චරිතයක් පිළිබඳ ඔබ අනිවාර්යයෙන්ම දැනකියා ගත යුතුම ය.

මලින්ත විතානගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...