ප්ලම් මල් සුගන්ධය වහණය වන කාලයයි මේ … !!

Share post:

ප්ලම් මල් සුවඳ : මත්සුඕ බෂෝගේ හයිකු කාව්‍ය සේවනය – 2024 ඊයේ දින , එනම් 2024 අගෝස්තු මස 15 වැනි බ්‍රහස්පතින්දා දින නුගේගොඩ සරසවි ප්‍රකාශන ආයතනයේ දී ප්‍රකාශයට පත්විය .

කොළඹ හා ඒ අවට දිවිගෙවන සහෘද … ඔබට එළැඹෙන අඟහරුවාදා දින ( 20 වැනි ) සිට නුගේගොඩ පිහිට සරසවි ප්‍රධාන පොත් සාප්පුවෙන් ඇතුළුව කොළඹ අවට අනෙකුත් සරසවි ශාඛාවලින් ද දිවයිනේ සතර දිග්භාගයේ දිවිගෙවන සහෘද … ඔබට ලබන බදාදා දින ( 21 වැනි ) සිට මහනුවර සරසවි ශාඛාවලින් ඇතුළුව දිවයින් පිහිටි සෙසු සරසවි ශාඛාවලින් ද මෙම පරිවර්තන ජපන් හයිකු කාව්‍ය සංග්‍රහය මිලදී ගැනීමට හැකි බව සතුටින් දන්වමි.
දසමසක් කුසෙහි දරාගෙන තම දරුගැඹ හෑල්ලු කරගන්නා මවකට තම මෙලොව එළිය දුටු කිරිකැටියා කුළුදුලේ දෝතට ගත්විට කිනම් සතුටක් ඇති වෙත්ද එවන් හෝ ඊට සමාන හෝ සතුටක් කුමන තරාතිරමක හෝ ලේඛකයකුට හෝ ලේඛිකාවකට තම අලුත්ම පොත අතට ගන්නාවිට ඇතිවන්නේ ය . සැබවින්ම මෙවන් වූ රටක ලේඛකයකුට හිමිවන එකම නිරාමිස සතුට ද එසේම සැනසීම ද එයම වන්නේ ය. එය මට ද පොදුය .

මෙම පරිවර්තන හයිකු කාව්‍ය සංග්‍රහය ගෙවන මුදලට ( රු 975 /= ) සහෘද … ඔබට ජාත්‍යන්තර නිමාවක් සහිතව මාතෘකාවට අදාල ශාස්ත්‍රීය දැනුම් සම්භාරයක් ද උරුමකර දෙනු ඇත .

මෙම වෙහෙසකර කටයුත්තක පිටුපස බොහෝ දෙනෙකු වෙති. මෙහි කිනම් හෝ සාර්ථකත්වයක් වෙත්ද එහි ගෞරවය පෞද්ගලිකව මට පමණක් හිමි නොවිය යුතු අතර ඒ පිටුපස වූ සෑම අයකුටම සමසේ හිමිවිය යුතුය .

මෙහි ජනගත උත්සව කියා කිසිවක් නොමැත . එළැඹෙන සැප්තැම්බරයේ කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රකාශයේ සමහරවිට සහෘද ඔබට මගේ අත්සනින් යුතුව මෙම පරිවර්තන හයිකු කාව්‍ය සංග්‍රහය මිලදීගැනීම හැක්වනු ඇතැයි කියා මම සිතමි. එසේම ජනගත උත්සවයක් පැවැත්වීම මැනවැයි කියා මට යෝජනා කළ මා සහෘද ව්‍යාපාරික ඔබට බොහෝම පින්. ඔබේ එම වචනය ප්‍රායෝගික තලයක රැගෙන ඒමට මා අපොහොසත් වුවද එම වචනය මගේ හදවතේ සදා නොමියෙන සේ තැම්පත්ව ඇත.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...