ප්ලම් මල් සුගන්ධය වහණය වන කාලයයි මේ … !!

Share post:

ප්ලම් මල් සුවඳ : මත්සුඕ බෂෝගේ හයිකු කාව්‍ය සේවනය – 2024 ඊයේ දින , එනම් 2024 අගෝස්තු මස 15 වැනි බ්‍රහස්පතින්දා දින නුගේගොඩ සරසවි ප්‍රකාශන ආයතනයේ දී ප්‍රකාශයට පත්විය .

කොළඹ හා ඒ අවට දිවිගෙවන සහෘද … ඔබට එළැඹෙන අඟහරුවාදා දින ( 20 වැනි ) සිට නුගේගොඩ පිහිට සරසවි ප්‍රධාන පොත් සාප්පුවෙන් ඇතුළුව කොළඹ අවට අනෙකුත් සරසවි ශාඛාවලින් ද දිවයිනේ සතර දිග්භාගයේ දිවිගෙවන සහෘද … ඔබට ලබන බදාදා දින ( 21 වැනි ) සිට මහනුවර සරසවි ශාඛාවලින් ඇතුළුව දිවයින් පිහිටි සෙසු සරසවි ශාඛාවලින් ද මෙම පරිවර්තන ජපන් හයිකු කාව්‍ය සංග්‍රහය මිලදී ගැනීමට හැකි බව සතුටින් දන්වමි.
දසමසක් කුසෙහි දරාගෙන තම දරුගැඹ හෑල්ලු කරගන්නා මවකට තම මෙලොව එළිය දුටු කිරිකැටියා කුළුදුලේ දෝතට ගත්විට කිනම් සතුටක් ඇති වෙත්ද එවන් හෝ ඊට සමාන හෝ සතුටක් කුමන තරාතිරමක හෝ ලේඛකයකුට හෝ ලේඛිකාවකට තම අලුත්ම පොත අතට ගන්නාවිට ඇතිවන්නේ ය . සැබවින්ම මෙවන් වූ රටක ලේඛකයකුට හිමිවන එකම නිරාමිස සතුට ද එසේම සැනසීම ද එයම වන්නේ ය. එය මට ද පොදුය .

මෙම පරිවර්තන හයිකු කාව්‍ය සංග්‍රහය ගෙවන මුදලට ( රු 975 /= ) සහෘද … ඔබට ජාත්‍යන්තර නිමාවක් සහිතව මාතෘකාවට අදාල ශාස්ත්‍රීය දැනුම් සම්භාරයක් ද උරුමකර දෙනු ඇත .

මෙම වෙහෙසකර කටයුත්තක පිටුපස බොහෝ දෙනෙකු වෙති. මෙහි කිනම් හෝ සාර්ථකත්වයක් වෙත්ද එහි ගෞරවය පෞද්ගලිකව මට පමණක් හිමි නොවිය යුතු අතර ඒ පිටුපස වූ සෑම අයකුටම සමසේ හිමිවිය යුතුය .

මෙහි ජනගත උත්සව කියා කිසිවක් නොමැත . එළැඹෙන සැප්තැම්බරයේ කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රකාශයේ සමහරවිට සහෘද ඔබට මගේ අත්සනින් යුතුව මෙම පරිවර්තන හයිකු කාව්‍ය සංග්‍රහය මිලදීගැනීම හැක්වනු ඇතැයි කියා මම සිතමි. එසේම ජනගත උත්සවයක් පැවැත්වීම මැනවැයි කියා මට යෝජනා කළ මා සහෘද ව්‍යාපාරික ඔබට බොහෝම පින්. ඔබේ එම වචනය ප්‍රායෝගික තලයක රැගෙන ඒමට මා අපොහොසත් වුවද එම වචනය මගේ හදවතේ සදා නොමියෙන සේ තැම්පත්ව ඇත.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...