Gaby Lewis පන්දු 75 කින් ලකුණු 119 ක් – දෙවන T20 තරගය ජය අයර්ලන්තට

Share post:

තියුණු තරගයකට පසුව අයර්ලන්ත කාන්තාවන් සමග පැවැති දෙවන T20 තරගය ශ්‍රී ලංකා කාන්තාවන් පරාජය වුණා.
එම තරගය අයර්ලන්ත කණ්ඩායම ජයගත්තේ හුදෙක් එක් ක්‍රීඩිකාවකගේ දක්ෂතාවය නිසයි.
අයර්ලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකාරිණි Gaby Lewis පන්දු 75 කින් ලකුණු 119 ක් රැස් කළා.
T20 තරග වල විශේෂ දිනයකදී යම් සුවිශේෂී ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් විශේෂ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ හැකියි.
එවිට එම කණ්ඩායමට තරගය ජයගැනීමට ඇති ඉඩ වැඩියි.
ඊයේ Gaby Lewis විසින් ප්‍රදර්ශනය කළේ එවැනි සුවිශේෂි දක්ෂතාවයක්. අයර්ලන්ත ජයග්‍රහණයට ප්‍රධාන හේතුව එයයි.
අනෙක් පසින් මෙම තරගාවලිය ක්‍රීඩා කෙරෙන තත්ත්වයන් සහ තනතීරු ශ්‍රී ලංකා කාන්තාවන්ට තරමක් නුහුරුයි.
මෙම තනතීරු තුළ වේගයෙන් පන්දුව පිත්තට පැමිණෙන අතර, ශ්‍රී ලංකාවේ හෝ උපමහද්වීපික තත්ත්වයන් තුළ මෙන් මන්දගාමී නැහැ.
කෙසේ වෙතත් ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තාවන්, ලකුණු 166 ක් ලබා ගත්තා.
එහිදීත් තීරණාත්මක ඉනිම ක්‍රීඩා කළේ හර්ෂිතා සමරවික්‍රම.
ඇය පන්දු 44 කින් ලකුණු 65 ක් ලබා ගත්තා.
මේ ඇය පිට පිට ලබාගත් තෙවන අර්ධ ශතකයයි. ඇයගේ කඩුල්ල දැවී නොයන්නට තරගයේ ඉරණම පවා වෙනස් වීමට තිබුණා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ ක්‍රීඩා කරන්නේ ප්‍රධාන ක්‍රීඩිකාව සහ නායිකාව නොමැතිවයි.
චමරි අතපත්තු යනු කණ්ඩායමේ ආත්ම විශ්වාසයට විශාල වෙනසක් සිදු කළ හැකි ක්‍රීඩිකාවක්.
ඇය නොමැතිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තරගය ජය ගත්‍තා. දෙවැනි තරගය තියුණු තරගයකින් පරාජය වුණා.
මෙහි ප්‍රතිඵලය කෙසේ වූවත් නුහුරු තත්ත්වයන් තුළ ද්වීපාර්ශ්වික තරගාවලි තුලින් ලබනා මේ අත්දැකීම් සහ ආත්ම විශ්වාසය එළඹෙන ලෝක කුසලානය උදෙසා අතිශය වැදගත්.
කාන්තා T20 ලොකු කුසලානය පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ හුරුපුරුදු බංගලාදේශයේයි.
වඩා වැදගත් වන්නේ මේ ද්වීපාර්ශික තරගාවලි වලින් ලබා ගන්නා අත්දැකීම් සහ ආත්ම විශ්වාසය, ලෝක කුසලානයේ දී භාවිතා කිරීමයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...