Gaby Lewis පන්දු 75 කින් ලකුණු 119 ක් – දෙවන T20 තරගය ජය අයර්ලන්තට

Share post:

තියුණු තරගයකට පසුව අයර්ලන්ත කාන්තාවන් සමග පැවැති දෙවන T20 තරගය ශ්‍රී ලංකා කාන්තාවන් පරාජය වුණා.
එම තරගය අයර්ලන්ත කණ්ඩායම ජයගත්තේ හුදෙක් එක් ක්‍රීඩිකාවකගේ දක්ෂතාවය නිසයි.
අයර්ලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකාරිණි Gaby Lewis පන්දු 75 කින් ලකුණු 119 ක් රැස් කළා.
T20 තරග වල විශේෂ දිනයකදී යම් සුවිශේෂී ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් විශේෂ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ හැකියි.
එවිට එම කණ්ඩායමට තරගය ජයගැනීමට ඇති ඉඩ වැඩියි.
ඊයේ Gaby Lewis විසින් ප්‍රදර්ශනය කළේ එවැනි සුවිශේෂි දක්ෂතාවයක්. අයර්ලන්ත ජයග්‍රහණයට ප්‍රධාන හේතුව එයයි.
අනෙක් පසින් මෙම තරගාවලිය ක්‍රීඩා කෙරෙන තත්ත්වයන් සහ තනතීරු ශ්‍රී ලංකා කාන්තාවන්ට තරමක් නුහුරුයි.
මෙම තනතීරු තුළ වේගයෙන් පන්දුව පිත්තට පැමිණෙන අතර, ශ්‍රී ලංකාවේ හෝ උපමහද්වීපික තත්ත්වයන් තුළ මෙන් මන්දගාමී නැහැ.
කෙසේ වෙතත් ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තාවන්, ලකුණු 166 ක් ලබා ගත්තා.
එහිදීත් තීරණාත්මක ඉනිම ක්‍රීඩා කළේ හර්ෂිතා සමරවික්‍රම.
ඇය පන්දු 44 කින් ලකුණු 65 ක් ලබා ගත්තා.
මේ ඇය පිට පිට ලබාගත් තෙවන අර්ධ ශතකයයි. ඇයගේ කඩුල්ල දැවී නොයන්නට තරගයේ ඉරණම පවා වෙනස් වීමට තිබුණා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ ක්‍රීඩා කරන්නේ ප්‍රධාන ක්‍රීඩිකාව සහ නායිකාව නොමැතිවයි.
චමරි අතපත්තු යනු කණ්ඩායමේ ආත්ම විශ්වාසයට විශාල වෙනසක් සිදු කළ හැකි ක්‍රීඩිකාවක්.
ඇය නොමැතිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තරගය ජය ගත්‍තා. දෙවැනි තරගය තියුණු තරගයකින් පරාජය වුණා.
මෙහි ප්‍රතිඵලය කෙසේ වූවත් නුහුරු තත්ත්වයන් තුළ ද්වීපාර්ශ්වික තරගාවලි තුලින් ලබනා මේ අත්දැකීම් සහ ආත්ම විශ්වාසය එළඹෙන ලෝක කුසලානය උදෙසා අතිශය වැදගත්.
කාන්තා T20 ලොකු කුසලානය පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ හුරුපුරුදු බංගලාදේශයේයි.
වඩා වැදගත් වන්නේ මේ ද්වීපාර්ශික තරගාවලි වලින් ලබා ගන්නා අත්දැකීම් සහ ආත්ම විශ්වාසය, ලෝක කුසලානයේ දී භාවිතා කිරීමයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...